Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Foreign Correspondent (1940) with sinhala subtitles |විදෙස් වාර්ථාකරු [සිංහල උපසිරසි සමඟ]

$
0
0

නිව්යෝක් ට්යිම්ස් ග්ලෝබ් පුවත් පතට යුරෝපයෙන් ලැබෙන පුවත් ඒකාකාරී, පාඨකයා බලාපොරොත්තු කඩවූ තත්වයට පත් කරන ඒවායි. පුවත් පතේ ප්‍රධානියාට උවමනා වී ඇත්තේ ඇත්ත ඇති සැටියෙන් තම පුවත් පතේ පල කිරීමටයි. මේ සඳහා එංගලන්තයේ සිටින තම නියෝජිතායා වෙතට තවත් වාර්ථාකරුවෙක් යැවීමට ප්‍රධානියා තීරණය කරයි. අවස්ථාව හිමිවන්නේ මදක් කලහකාරී තරුණ වාර්ථා කරුවෙකුටයි.

ප්‍රධානියාගේ උපදෙස් පිට තම නම වන ජොනී ජෝන්ස් යන්න හන්ට්ලි හාවස්ටොක් ලෙස වෙනස් කරගෙන යුරෝපය වෙත, තම රාජකාරිය සදහා යන හාවස්ටොක් හට බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවේ.ඔහුගේ පලමු ඉලක්කය වන්නේ වැන් මීර් නම් රාජ්‍ය තාන්ත්‍රිකයා සමග සම්මුඛ සාකච්ඡාවක් කර යුරෝපයේ වර්ථමාන තත්වය පිළිබඳව යම් තොරතුරක් ලබාගැනීමටයි. නමුත් ඒ සදහා තිබූ අවස්ථාව ඔහු අතින් ගිලිහී යයි.පසු දින නෙදර්ලන්තයේ ඇම්ස්ටර් ඩෑම් හිදී ඔහු ඉදිරිපිටම මෙම රාජ්‍ය තාන්ත්‍රිකයාට වෙඩි තබා වෙඩික්කරු පලායයි.

අදාල අපරාදකරු පසුපස හඹායන මොහු නියම වැන් මීර් ජීවතුන් අතර බවත් වෙඩි කා මිය ගියේ එම රූපයම ඇති වෙනත් අයකු බවත් සොයාගනී. වැන් මීර්ව සඟවා ඇති තැනට පොලීසිය රැගෙන එන විට ඔවුන් එතනින් පැනගොසිනි. එහි හෝටලයේදී එදින රාත්‍රී හවස්ටොක්ව මරාදැමීමට උත්සහයක් ගනී. එයින් බේරෙන හාවස්ටොක් පෙම්වතිය සමග නැවත එංගලන්තයට පැමිණේ.එංගලන්තයේදීද නැවත වරක් ඔහුව මරා දැමීමට උත්සහ කරන අතර, මේ සියල්ල පිටුපස තම පෙම්වතියගේ පියා සිටින වග තේරුම් ගනී.

කෙසේ නමුත් තම පෙම්වතිය නිසා තමා සොයාගත් මේ වටිනා මාධ්‍ය පුවත මුද්‍රණය සඳහා ලබා දීමට නොහැක. ඒ මේ සියල්ලටම තම පෙම්වතියගේ පියා සම්බන්ධ නිසාය. නමුත් එංගලන්තය ජර්මනිය සමග යුධ ප්‍රකාශ කිරීමත් සමග මෙම පුවත මුද්‍රණය කිරීමට අවස්ථාව ඔහුට හිමිවේ. ***දෙබස් කීපයක නොගැලපීම් ඇත්තේ මගේ ඉංග්‍රීසි දැනුමේ දුර්වලතා නිසා බව කරුණාවෙන් සලකන්න. ඒව් එනුවෙන් සමාව අයදිමි.***

1940 වසරේ තිරගත වූ මෙම චිත්‍රපට අදියුරුව ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන්ගේය. උපසිරැසියට අදාල පිටපත yify torrent අඩවියෙන් බාගත කරගන්න. මෙම අග්‍රගන්‍ය සිනමා සිත්තම ඔබත් රසවිඳින්න.

Foreign Correspondent (1940) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>