Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Walking Dead [S07 : E16] with Sinhala Subtitles |අඩුගානේ එක්කෙනෙක්ටවත් මැරෙන්න වෙනවා! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් කතාමාලාවේ අවසන් කොටස අරගෙන ආවා! ඊයෙම දෙන්න හිටියත් කරගන්න බැරිවුනා නොවැ. දැන් තමා ඉවරකරන්න ලැබුනේ. හත්වෙනි සමයත් මෙතනින් අහවරයි එහෙනම්. ඊලඟ කතාසමය සුපුරුදු විදියට ඔක්තෝම්බර් මාසයේ ආරම්භ වෙයි. අද අවසාන කොටස පුරා පැයක් විකාශය වෙනවා.එහෙනම් කතාව ගැන බලන්න කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා.:-)

කට්ටිය දන්නවා ඇතිනේ විමා තමා මේ හත්වෙනි කතාසමයත් කරගෙන ආවේ.මුල් කොටස් අටෙන් පස්සේ විමාට වැඩ වැඩි වෙලා තමා මේක මට බාරවුනේ. මුලින්ම මං ගැන විශ්වාස කරලා කතාව මට බාරදුන්න විමාට ස්තූතිවන්ත වෙනවා.ඒවගේම ඇඩ්මින් මඩුල්ලටත්..පොඩි බයකින් වගේ බාරගත්තේ වැඩත් එක්ක කතාව දෙන්න පරක්කු වෙයිදෝ කියන සැකයත් එක්ක. හැබැයි ලොකු පමාවක් නැතිව කොටස් ටික අරගෙන එන්න පුළුවන් වුනා කියලා හිතනවා. ඒවගේම ගොඩක් කතාවලට සාපේක්ෂව හොද ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා. ඩවුන්ලෝඩ් අතින් කොහොමවුනත් කමෙන්ට් කරන්න අමතක නොකරන එලකිරි සෙට් එකක් ඉන්නවා. මං වගේම කතාව පිස්සො වගේ පිස්සො වගේ බලන අය.:-). ඉතින් ඒ අයටත්, කතාව එක්ක එකතුවුන හැමෝටමත් ස්තූතියි. අටවෙනි කතාසමයත් බයිස්කෝප් අඩවියෙන් නිසැකවම ලැබේවි. මට නම් අටවෙනි කතාසමයට දායක වෙන්න හැකිවෙන එකක් නෑ. සමහරවිට විමා ආයේ කතාව අරන් ඒවි. නැත්තන් වෙන කෙනෙක් අරන් ඒවි. එහෙනම් දැන් කතාව දිහාට හැරෙමු!

සාෂා දැන් ඉන්නේ නීගන් ලඟනේ. මට නම් මුල ඉදන් හිතුනා නීගන්ට ගේම දෙන්න හදන වැඩේ හරියන්නේ නෑ කියලා. ඉතින් සාෂා ඉයුජීන්ගෙන් දෙයක් ඉල්ලනවා ජීවිතේ නැතිකරගන්න කියලා. හැබැයි සාෂාගේ ඇත්තම උවමනාව වුනේ නීගන්ට වැඩේ දෙන්න තමා. ඒත් මේ ඉයුජීන් යෝධයා විසක් නොවැ ගෙනත් දෙන්නේ. ඒවගේම ඩ්වයිට් රික්ලට උදව්කරන්න ඕනේ කියලා කියනවා දකින්න ඇති. මිනිහව විශ්වාස කරන්න බැරිවුනත් වෙච්ච දේවල් එක්ක බලද්දී ඩ්වයිට් නීගන් එක්ක ඔරොප්පුවෙන් තමා ඉන්නේ. ඉතින් කාලයක් තිස්සේ බලාගෙන හිටපු සටන මේ අවසන් කොටසින් බලාගන්න පුළුවන්. මොනවායින් මොනවා වෙයිද කියලා දැනගන්න එක ඔයාලට බාරයි එහෙනම්. උඩ කියලා තියෙනවා වගේ එක්කෙනෙක්ට හරි මැරෙන්න වෙනවා. කවුරු මැරෙයිද? කී දෙනෙක් මැරෙයිද? ප්‍රධාන චරිතයක් මියයන බවට ගොඩක් ආරංචි ආවානේ. ඒ කවුරු වෙයිද? කියන ඒවා දැනගන්න එක ඔයාලටම බාරයි. එහෙනම් අපි ගියා! හැමෝටම ජයවේවා!!

ආ…තව දෙයක් කියන්න ඕනේ.:-). තාම මේ කොටස බාගත්ත නැති අය බාගනිද්දී ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද සමහර වෙබ් අඩවි වල තියෙන කොටසේ සම්පූර්ණ කතාවම නෑ. කලින් කිව්වා වගේ මේ කොටස පැයක් ධාවනය වෙනවා. හැබැයි සමහර වෙඩ් අඩවි වල තියෙන්නේ වෙනදා වගේම විනාඩි 40ක පමණ කොටසක්. හැබැයි සමහරවිට දැන් නම් ඒ ප්‍රශ්නය නැතුවත් ඇති. ආව වෙලාවේ නම් තිබුනා. මොකටත් කියලා කියන එක හොදයිනේ. කැපුනා එහෙනම්! ජයවේවා!!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>