Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Texas Chainsaw Massacre (2003) Sinhala Subtitles |ටෙක්සාස් හි අභිරහස් ඝාතනයක…සුලමුල [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

1වෙනි උපසිරැසියෙන් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක්  අරන් එන මම  www.baiscopelk.com වෙබ් අඩවියට  අලුත් කෙනෙක්. මම පළමුවෙන්ම අරන් ආවෙ Horror (වඩාත් භය හිතෙන)  චිත්‍රපටයක්..  මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2003 ඔක්තෝබර් 15 වෙනි දින  මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Mystery / Slasher (අභිරහස් / ත්‍රාසය) ඝනයටයි. IMDB සමාගම විසින් මේ ෆිල්ම් එකේ  කථාවට Ratings (ගුණාත්මක තත්වය) 6 . 2 ක්  දීල තියනවා.පහට වඩා (5+) දීල තියනවා කියන්නෙ ෆිල්ම් එක හොඳයි.   මේ ෆිල්ම් එක ඇමරිකන් ඩොලර් මිලියන 107.1 බොක්ස් ඔෆීස් වාර්තාවක්  තියන්නටද  සමත්වෙලා තියනවා.     මට මේ ෆිල්ම් එක කරන්න මූලිකවම අවසරය හා මග පෙන්වපු සහෝදර දෙපල  හසන්ත වික්‍රමරත්න , තාරක නුවන් දිල්හාර   මම මේ මොහොතෙ ස්තූති පූර්වකවම මතක් කරනවා.

මෙවැනි වෙබ් අඩවියක්  ශ්‍රී ලංකාව තුල ඇති කිරීම ඇත්තටම  වාසනාවක්  කියලයි මටනම් හිතුණෙ. baiscopelk වෙබ් අඩවියත් එක්ක  අවුරුදු ගනණාවක් රැදී ඉන්න  මිතුරු මිතුරියන්ට  මම විශේෂ දෙයක් කියනවා ඒ තමයි…  උපසිරැසියක් කරනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි…? මේක ඇත්තටම ලොකු වගකීමක්. ඇයි මම එහෙම කියන්නෙ  ඔයගොල්ලො දන්නවා ඇති ඉංග්‍රීසි වර්ග දෙකකට බෙදෙනවා  England සහ American වශයෙන්. ඉතින් අපි මේ උපසිරැසිගන්වන ෆිල්ම් වලින්  80% ක්ම  American ඉංග්‍රීසි. මොකද අපි  ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපිට ලැබිල තියෙන්නේ  England ඉංග්‍රීසි.   American ඉංග්‍රීසි වල භාවිතා වෙන්නේ ටිකක් බැරෑරුම් වචන   ඒවා අපේ ලාංකිකයින්ට හුරු නෑ…   උදාහරණයක් කියලා මම දෙවන පියවරට යනවා.    මේ ෆිල්ම් එකේ එක තැනක Big Brother කියලා කියනවා  එහෙම කිව්වාම අපිටනම් ඔලුවට එන්නෙ ” වැඩිමල් සහෝදරයා” වගේ අදහසක් නෙ නමුත් මෙතන කියන්නෙ “ලොකු බලපෑමක් ” කරනවා  කියන එක.    ඉතින් මේක ටිකක් අමාරු කාර්යයක්.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ  ජෙසිකා බීල්, Jessica Biel කියන ඇමරිකානු නිළිය.   මෙයා Total Recall 2012 ෆිල්ම් එකෙත් රඟපෑවා  මෙයා දක්ෂ නිළියක්..   මේ ෆිල්ම් එකේ ජෙසිකා බීල් (එරින්) ලෙසත් , එරික් බැල්ෆෝ (කෙම්පර්) ලෙසත් මයික් වෝගල් (ඇන්ඩි) , එරිකා ලීර්හ්සෙන් (පෙපර්) ,  ජෝනතන් ටකර් (මෝගන්) , ඇන්ඩෘ  බ්‍රැනියර්ස්කි (තෝමස්  බ්‍රවුන්  හියුවිට්) ලෙසත් රංගනයේ යෙදෙනවා.   අධ්‍යක්ෂණය මාකස් නිස්පෙල්. දැන් මම කියන්නෙ මේ ෆිල්ම් එක ගැන මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ මේ විදිහට.  මෙක්සිකෝවෙ ඉඳලා ආපු යාළුවො පස් දෙනෙක් ඇමරිකාවෙ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි “ඩලස්” නගරයේ  Skynyrd Rock , ස්කිනර්ඩ් සංගීත ප්‍රසංගයට සහභාගි වෙන්න ටෙක්සාස් වලට  විනෝද චාරිකාවක් විදිහට මේ ගමන යනවා.  ඉතින් මේ යාළුවො පස් දෙනා කෙම්පර්ගෙ වෑන් එකේ  ටෙක්සාස් මැදින් යනකොට මේ අයට පාරෙ ගස් , කැළෑව , කඳු  ඇරෙන්න නිහෙක් අශාවකටවත්  දකින්න හම්බෙන් නෑ.  මෙහෙම යන අතරතුර කොහෙත්ම නොහිතපු විදිහට  පාරෙ මැදින් යන ගෑණු  ලමයෙක්  මේ අයගෙ වෑන් එකට  හැප්පෙන්න යනවා.

කොහොමහරි  වාහනෙ අයිනට කපලා  මේ කෙල්ලයි පස්දෙනයි බේරෙනවා. මේ අයට මේ ගෑණු ළමය  ගැන දුක හිතිලා “අපි ඔයාව ගෙදරට ගිහින් ඇරලන්නම්” කියලා මෙයාවත් වෑන් එකේ දාගෙන  ටෙක්සාස් මැදින් යනවා.  ඔහොම යන අතරතුර  වෑන් එකට දාගත්ත ගෑණු ළමය  මේ පස්දෙනා එක්ක බහින්බස්වීමක්  දුරදිග ගිහිලා මේ පස්දෙනාගෙ  ඇස් ඉදිරිපිටම  සියදිවි හානි කරගන්නවා.   ඉතින් මේ සිදුවීමෙන් පස්සෙ පස්දෙනා බොහෝම කළබලයකට පත්වෙනවා පස්සෙ මේ අය තීරණය කරනවා නීතිමය මාර්ගයෙන් මේ ප්‍රශ්ණෙ විසඳ ගන්න ඕන කියලා.  එහෙම හිතලා  මේ පස්දෙනා පොලීසියෙ  කෙනෙක් හොයාගෙන යනවා.

ඉතින් මේ පස් දෙනාට පොලීසියෙ කෙනෙක් හම්බවෙයිද.?  මෙතනදි මේ පස්දෙනා අර ගෑණු ළමයගෙ මළසිරුර  කැළේට විසිකරන්න තීරණය කරනවා. ඒකත් හොඳ නෑ කියලා  හිතුණට පස්සෙ මේ ගැන සාකච්ඡා කර කර ඉන්දැද්දි  එරිනුයි, කෙම්පරුයි කාගෙන් හරි උදව්වක් හොයාගෙන එන්නම් කියළා  මේ දෙන්නා කැළේ ඇවිදන් යනවා. මෙහෙම යනකොට මේ දෙන්නා දකිනවා හෙක්ටයාර ගානක් විශාලව මැදිවුණු  පරණ  විශාල ගෙයක්.   මේ දෙන්නා ඒ ගෙදරට ගිහිල්ලා   එහෙ ඉන්න අයගෙන් උදව් ඉල්ලනවා. ඒ ගෙදර ඉන්න අය උදව් කරනවා නමුත්…? මේ ගෙදරදි කෙම්පර් අභිරහස් විදිහට අතුරුදහන් වෙනවා? දැන් මේ හතරදෙනාට  ප්‍රශ්ණ දෙකයි.??  

1 අර සියදිවි හානි කරගත්ත ගෑණු ළමයගෙ මළසිරුර පොලීසියට භාරදීල ඇත්ත කියල  නිදහස් වෙන එක. ?    
2 යාළුවා කෙම්පර්ව හොයාගන්න එක. ?
මේ ප්‍රශ්ණ දෙකට උත්තර හම්බ වෙයිද ?     එහෙමත් නැත්නම් තව ප්‍රශ්ණ වැඩිවෙයිද ?   

තව වැදගත් කාරණාවක් කියන්න තියනවා…  ඔයගොල්ලන්ට මේ ෆිල්ම් එකේ ටොරන්ට් ෆයිල් හොයාගන්න අමාරු උනොත් මෙතන පහළින්  ඩවුන් ලෝඩ්  කරගන්නත් පුළුවන්.    නැත්නම් මම මේ කියන විදිහට සෙවීමක් කරන්න. Google එකේ the texas chainsaw massacre 2003 movie torrent කියලා  ටයිප් කරන්න. ඊට පස්සෙ ලිස්ට් එකක් එනවා   ඒකෙ මුළින්ම තියන  ( The Texas Chainsaw Massacre (2003) YIFY – Download Movie … – YTS )  මෙන්න මේක ක්ලික්  කරන්න. ක්ලික් කරපු හැටියෙ  YIFI කියන වෙබ් එකට යනවා. මමත් ටොරන්ට් එක ගත්තෙ මෙතනින් තමයි. මේකෙ  650 MB  720p brrip කොපිය සහ 1.40 GB  1080p BluRay කොපිය තියනවා.   කැමති එකක් ගන්න මගේ සබ් එක මේ දෙකෙන්  කොයිකටත්  වැඩ.     මම මෙහෙම කිව්වේ වැඩි හොඳට  මොකද  අපේ සමහර යාළුවො  කමෙන්ට් දානවා.  ” අනේ සහෝ..  සබ් එක වැඩ කරන් නෑනෙ”  කියළා.    ඉතින් මටත් මෙහෙම කියළා  කමෙන්ට්  දැම්මොත් මටනම් දුක හිතෙනවා. ඒකයි මම කළින්ම  ඔයගොල්ලන්ට  පාර පෙන්නුවේ.එහෙනම් සබ් එකත් එක්ක ෆිල්ම් එක බලන්න.

තවත් උපසිරැසියක් එක්ක දිනකදි හමුවෙමු.

බයිස්කෝප් සාමාජිකයින් හා මිතුරු මිතුරියන් සියළු දෙනාටම සදා වාසනා…..!

The Texas Chainsaw Massacre (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Texas.Chainsaw.Massacre.2003.720p.BrRip.x264.YIFY
The.Texas.Chainsaw.Massacre.2003.1080p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ජීවන් කුමාර” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>