Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

iZombie [S03 : E01] with Sinhala Subtitles |මගේ හතුරාගේ හතුරා, මගේ මිතුරා. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඉතින් මිත්‍රවරුනි අපි අයිසොම්බි වලින් ආපහු මේ හම්බවෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. මේ තමයි එහෙනම් තුන්වෙනි කතා සමයේ ආරම්භය. මේපාර නම් කතාවේ කොටස් 13ක් තමයි එන්න තියෙන්නේ. එහෙනම් දෙවෙනි කතා සමයේ අවසානය ගැන ටිකක් මතක් කරන්නම්.

මැක්ස් රේජර් එක තමයි ප්‍රධාන මාතෘකාව උනේ. ඔයාලාට මතක ඇතිනේ මේජර්ට මරන්න කියලා කියපු අයව මේජර් හංඟලා තිබ්බා. ඒත් වෝන් ඩූ ක්ලාර්ක් ඒ අයව මැක්ස් රේජර් එකට අරගෙන ගිහින් හිරකරගෙන හිටියා. ඉතින් ලිව් මේජර් ඇතුලු හැමෝගේම අවසාන මෙහෙයුම උනේ මැක්ස් රේජර් එකෙන් මේ අයව බේරගන්න එක. අන්තිමේ කොහොමහරි ලිව්ගේ පෙම්වතා ඩ්‍රේක්ට මැරෙන්න සිද්ධවුනා. ඒවගේම තමයි වෝන් ඩූ ක්ලාක්ටත් එයා කරපු වැඩ වල ප්‍රතිඵල අත්වින්ඳා. ඉතින් එදා මැක්ස් රේජර් එකේ මේ කටයුත්ත වෙන තැන තව චරිතයක් හිටියා. එයා තමයි පුද්ගලික හමුදා කොන්ත්‍රාත්කාරියක් වෙන විවියන් ස්ටෝල්. ඇය තමයි අන්තිමේ ලිව් සහ අනික් අයට පිහිට උනේ. මැක්ස් රේජර් එකේ වැඩ එතනින් අවසන් උනා. අපි එහෙනම් බලමු තුන්වෙනි කතා සමයේ මොකද වෙන්නේ කියලා.

ඉතින් මේ විවියන් ස්ටෝල් කියන චරිතය. මෙයා කවුද කියලා ඔයාලාට දැනගන්න පුලුවන්වෙයි. ලිව් හිතාගෙන හිටියාට වඩා සොම්බි ඉන්නවා කියලා මේ විවියන්ව හම්බවුනාට පස්සේ එයාට තේරුම් යනවා. එයා එකතැනක ලිව්ට කියනවා සියැටල් තමයි සොම්බි නිජබිම වෙන්නේ කියලා. ඒ කතාවේ තේරුම අද කොටසින් බලාගන්න පුලුවන්. එතනින් ගියාම කාටත් සුපුරුදු චරිතය, බ්ලේන්. සොම්බි බෙහෙත ගත්තු නිසා බ්ලේන්ගේ මතකය අහිමිවෙනවා. ඉස්සර හිටපු බ්ලේන්ට මොකද උනේ කියන එක හැමෝටම පුදුමයක්. එහෙනම් ඉතුරු විස්තරේ කතාවෙන්ම බලමු නේද ? ඊලඟ සතියේ දෙවෙනි කොටසින් හමුවෙමු. හැමෝටම සුභ දවසක්!!! 

 

 Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>