කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ පුල පුලා බලාගෙන හිටිය තවත් ෆිල්ම් එකක් අරගෙනයි අද ආවේ. ඇත්තටම මේක මම 150 වෙනුවෙන් වෙන්කරගත්ත ෆිල්ම් එක. ඒත් ප්‍රිසන් බ්රේක් නව මිනි සිරිස් එක මේකට කලින් ආව නිසා මේක 151 බවට පත්වුනා. මුලින්ම බොහොම ස්තුතියි මට සුභ පැතුව හැම කෙනෙක්ටම. ඒ වගේම නැවත වතාවත් ප්‍රිසන් බ්රේක් කියන්නේ තවමත් ලංකාවේ ජනප්‍රියම සිරිස් එක කියල ඩව්න්ලෝඩ් කරගැනීම මගින් පෙන්වල දුන්න කට්ටිය. එහෙමනම් ෆිල්ම් එක ගැන කතාවට බහිමු පොඩ්ඩක්.
මතකද කට්ටියට Godzilla (2014) කොහොම අමතක වෙන්නද නේද? ඉතින් ගොඩ්සිලා, කිං-කොං, වගේ දැවැන්ත චරිත අයිති වෙන්නේ වෙනම යුනිවර්ස් එකකට, ඒ තමා “MonsterVerse” එක. මේක ඇතුලේ අපි දන්න කියන දැවැන්තයින් දෙන්න වගේම තව අපි නොදන්නා දැවැන්තයින් සෑහෙන ගණනක් ඉන්නව. ඉතිං මේ MonsterVerse එකේ ඉදිරි සිනමාපට දෙකක් එන බවට දැනටමත් වෝනර් බ්‍රදර්ස්ල නිවේදනය කරල තියෙනව. ලගම එක තමයි Godzilla: King of the Monsters (2019) ඔන්න ඕකෙදි මම කියපු අනිත් දැවැන්තයින් එලියට ඒවි. ස්කල් අයිලන්ඩ් සිනමාපටය අවසානයේ, එහෙම නැත්නම් පොස්ට් ක්‍රෙඩිට් සින් එකේදී ඒ දැවැන්තයින්ගේ චායාරුප වගයක් පෙන්වනව, ඒ වගේම ක්‍රෙඩිට් සින් එක අවසානයේ ඇඟ හිරිවැටෙන සද්දෙකුත් ඒවි, හොඳට බලන්නකෝ ඒ ටික. ඒ වගේම ඊළඟට එන්නේ දැවැන්තම නිර්මාණයක්. MonsterVerse හි දැවැන්තම නිර්මාණය කියල කිව්වොත් නිවැරදියි, ඒ තමා Godzilla vs. Kong (2020) ගොඩ්සිලාගේ හිමිකම තියන නාකි හසන්ත සහ මේ සිනමාපටයට උපසිරසි ලබාදීම නිසාවෙන් අද පටන් කිං -කොං හි හිමිකම ලැබෙන මාත් අතර සටනක් 2020 වෙද්දී දැකගන්න පුළුවන් වෙයි. දුකයි වයසක අසරණ ජිවිතේ ගැන ඉතිං. අද ඉඳල සටන ක්‍රියාත්මකයි. දෙන්නම් ජම්බෝ…
ඩොලර් මිලියන 185ක වියදමින් නිපදවුණ මේ සිනමාපටයේ බොක්ස් ඔෆිස් අදායම හිතුව තවම ආවේ නෑ. මාර්තු 10 වෙනිදා සිට තවමත් ලොව වටා ප්‍රදර්ශනය වෙන මේ සිනමා සිත්තම ආදායම දැනට ඩොලර් මිලියන 493ක් පමණ වෙනවා. IMDB දර්ශකයේ 7 ක අගයක් ගන්න සමත් වෙච්ච මේ සිනමා සිත්තමට රඟපෑමෙන් දායක වෙන්නේ මාවල් විශ්වය නිසාවෙන් සෑහෙන දෙනෙක් දන්න කියන දෙතුන් පලක්. කොයි කවුරුත් දන්නා කියන මාවල් විශ්වයේ ඇන්ටි-විලන් ලොකි ලෙසින් රඟපෑ Tom Hiddleston, ශිල්ඩ් අධ්‍යක්ෂක නික් ෆියුරි නොහොත් Samuel L. Jackson, අනාගත කැප්ටන් මාවල් Brie Larson, ප්‍රධාන චරිත ලෙසින් දායක වෙන මේ සිනමා සිත්තමේ අධ්‍යක්ෂණය Jordan Vogt-Roberts විසින් සිදුකරලා තියෙනව.
මේ සිනපටයේ එන කිං-කොං හැඩරුව ආදිය උකහාගෙන තියෙන්නේ King Kong (1933) සිනමාපටයේ කොං ගෙන්. නමුත් මේක MonsterVerse හි කිං-කොං ගේ උප්පත්ති කතාව විදියටයි හැඳින්වෙන්නේ. වෙනත් කිසිම සිනමාපටයකට මේක සම්බන්ධ නෑ. ඒ වගේම මෙහි කිං කොං ආසන්න වශයෙන් මීටර් 32ක් පමණ වෙනවා. මේ කතාව සිද්දවෙන්නේ 1975දී හැබැයි කලින් කියපු Godzilla vs. Kong (2020) වෙනකොට නිසැකවම කිංකොං මිට වඩා දැවැන්තයෙක් වෙනවා.
කතාව ගැන පොඩ්ඩක් සඳහන් කරනවනම්, ඇමරිකාව සහ රුසියාව අතර සිතල යුද්ධයක් හටගන්නව, ඉතින් තාක්ෂනය අතින් දෙපාර්ශවයම එකිනෙකා පරයා නැගී සිටින්නයි මේ හදන්න. ඉතිං ඔහොම කාල වකවානුවකදී හඳුනා නොගත් දුපතක චන්ද්‍රිකා ජායාරුප වගයක් ලැබෙනවා. විද්‍යාඥ රැන්ඩා කියන්නේ මේ දැවැන්තයින් ගැන හොයල බලන්න උනන්දු කෙනෙක්. ඒ ඇයි කියල සිනමපටයේදී කියවෙනවා. ඉතින් රැන්ඩා විස්වාස කරනවා මේ දුපත නව ලෝකයක් කියල. ඉතිං ඒ අනුව ඔහු තීරණය කරනව වියට්නාමයේ ඉඳල ගම රට බලා එන්න ඉන්න හමුදා කණ්ඩායමක් අරගෙන මේ දුපත ගවේෂණය කරන්න. ඔන්න ඔහ්මයි කතාව පටන් ගන්නේ. බොහොම මනස්කාන්ත වගේම පිළිකුල් දැවැන්තයින් රැසක් හමුවන මේ අනගි සිනමා සිත්තම රස විඳීමට දැන් ඔබට බාරයි. ඒ වගේම මේ දීල තියෙන කොපියත් කිසිම අවුලක්න්න නෑ, හැබැයි ඉතින් යන්න මත්තෙන් යමක් කියන්නම් “රස හඳුනන්නෝ – හොඳ කොපි එනකම්ම ඉන්නෝ”
ප.ලි : Godzilla vs. Kong (2020) නොහොත් හැන්ඩියාට එදිරිව නාකියා 2020 බලාපොරොත්තු වන්න
ලබන්නාවූ සිංහල හිංදු නව වසර ඔබ සැමට සාමය සතුට පිරි නව සුභ වසරක් වේවා!
” The enemy does not exist until you are looking for one “
Due to copyright issues, we do not provide any torrent links.
Kong-Skull.Island.2017.720p-1080p.HC.HDRip.X264
මෙම ලබා දී ඇති උපසිරසි HC.HDRip පිටපත් සඳහා අදාළ වේ.
3238 downloads