ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ අධිරාජ්‍යත් හවුල් කරගෙන නැවත වතාවක් නසාවූ දූපත අල්ලගන්නවා. නමුත් ඒ අවස්තාවේ එලනෝරුත් දූපතේ නිසා ආණ්ඩුකාරයා ඇයව අරගන්න කට්ටිය යැව්වත් ඔවුන්ට ඇයව හොයාගන්න බැරිවෙනවා. අන්තිමේදී එලනෝර්ට ජීවිතයෙන් සමුගන්න සිද්ධවුනා මතක ඇතිනේ. කතාව ආරම්භයේ ඉදලම ප්‍රධාන චරිතයක් වුන එලනෝර් ගත්‍රීත් කතාවෙන් අන්න ඒ විදියට සමුගත්තා. මැඩීත් මියගියා කියලා හිතුවත් ඒක හරියටම ඔප්පු වුනේ නෑ. බලමුකෝ ඉස්සරහට. ඒවගේම මැක්ස් ජැක්ට යෝජනා කරනවා එලනෝර්ගේ සීයාව හොයාගෙන ගිහින් ඔහුගෙන් උදව් අරගන්න. මෙවර කොටසින් ඔවුන්ගේ ඒ ගමන ගැන බලාගන්න පුළුවන්. ගියවර කොටස අවසානයේ දකින්න ඇති නොයෙක් ප්‍රදේශ වලින් වහලුන් වගේම කොල්ලකරුවන් ඇවිත් ඉන්නවා ෆ්ලින්ට් ඇතුළු කට්ටියට එකතුවෙන්න. හැමෝගෙම අරමුණ තමයි නසාවූ යලි අයිතිකරගන්න එක. ඉතින් මෙතනින් ඉදිරියට මොනවා වෙයිද? කියන එක මේ කොටසත් බලලාම දැනගන්න.
බ්ලැක් සේල්ස් ප්‍රේක්ෂකයින්ට කණගාටුව පලකරන්න ඕනේ කතාව අරන් එන්න පමාවීම ගැන. සමහර අය දැන් බලලත් ඇති. ඒත් ඉතින් මොනා කරන්නද? පුළුවන් ඉක්මනට දෙනවා. කතාව මඟ නතර කරන්නේ නම් නෑ. මේක බාරදෙන්න කෙනෙක් හෙව්වත් කාවවත් හම්බවුනේ නෑ. ඒ නිසා මේක මං ලෝබ කමට බදාගෙන කරනවා කියලා හිතන්ට එපා. :-). ඊලඟ කොටසින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Black.Sails.S04E07.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
173 downloads