Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Chicago PD [S04 : E18] with Sinhala Subtitles |කළ පව් පස්සෙන් පැමිණීම.[සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Chicago P.D.S04

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ චිකාගෝ පීඩී 04 වැනි කතා මාලාවේ 18 වැනි කොටසයි. අද කතාව ගැන කියනව නම්, මුලින්ම හැමෝටම “බොබී ට්‍රෙන්ට්” නම් වූ කැමරා කරුවා මතක ඇති කියා සිත්නවා. (චිකාගෝ පීඩී 4වැනි කතාමාලාවේ 2 වැනි කොටසේ සාරා මර්ෆි නම් කාන්තාවක් පැහැර ගන්නා ආකාරය වීඩියෝ කර එය පොලීසියට ලබා නොදීම නිසා සාජන් හැන්ක් වොයිට්ගෙන් ගුටි කෑමට ලක්වෙන කැමරා කරුවා.) ඉතිං අද කොටසේදී ඔහුව ඔහුගේ කාරය තුළ වෙඩි තබා සිටියදී සොයාගන්නවා. ඉතිං ඔහුගේ මිනීමැරුම ගැන සොයන ආකාරය තමයි අද කතාවේ තිබෙන්නේ. ඒ වගේම ඔහුගේ නවාතැන පරික්ෂා කිරීමේදී ඔවුන්ට හඩ නොමැති වීඩියෝ පටයක් සගවා තිබියදී හමුවෙනවා. ඉතිං මේ ගැන සොයා බැලීමේදී එහි සිටින්නේ චිකාගෝ තුළ සිටින දනවත් පවුලක ගැහැණු ළමයෙක් බව ඔවුන් සොයාගන්නවා. ඉතිං ඇය මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වීම නිසා පවුලෙන් ඉවත්කර දමා තිබෙනවා. වැඩි දුර පරීක්ෂණ කටයුතු කරගෙන යන බුද්ධි අංශය දැනගන්නවා ඇය එම වීඩියෝ පටය ගැන ඔවුන්ට පවසන්නේ බොරු බව. ඒ වගේම බොබී ට්‍රෙන්ට් ගේ මරණ පරීක්ෂණය කරනා මරණ පරීක්ෂක ඉතා වැදගත් සාක්ෂියක් ඔහුගේ සිරුර ඇතුලෙන් සොයාගන්නවා.

ඒ එම වීඩියෝ පටයේ ඉතිරිය.(Audio කොටස) ඉතිං එය වීඩියෝව සමග එක්කොට බලන විට ඔවුන්ට ප්‍රබල සාක්ෂියක් හමුවෙනවා. ඒ වගේම කියන්න ඕනෙ අද කොටසට අලුත් කෙනෙක් එකතු වෙනව. ඒ කිම් බ`ජස් ගේ සහෝදරිය. ඉතිං අද කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. නැවත මෙහි 20 වැනි කොටස විකාශය වෙන්නේ අප්‍රේල් මස 26 වැනිදායි. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ සිංහල හින්දු නව වසරක් වේවා……..!!!!!!!!

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E18.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>