මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.2 ක අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවකට නිර්දේශ වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. අහිමිවන ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, රාජේන්ද්‍ර කුමාර් සහ සද්නා ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙහි හින්දි ගීත තනු ආශ්‍රයෙන් ජෝතිපාල කලාකරුවන් ගැයූ “ඔබේ පෙම් වදන් වැල් මෙදා නෑ ඇසෙන්නේ” ගීතය සහ මිල්ටන් පෙරේරා කලාකරුවානන් ගැයූ “කල්‍යාණියෙ ඔබ නෑසූ” ආදී ගීත අදටත් ලංකාවේ ඉතාමත් ජනප්‍රියව පවතී.
මෙහි ප්‍රධාන චරිත වන්නේ ගෝපාල්, ඌශා සහ රමේෂ් ය. වෛද්‍යවරයෙක් වූ ගෝපාල් හිම මත ලිස්සායාමේ ක්‍රීඩාවේ දක්ෂයෙකි. මෙම තරඟාවලියක් අතරතුර ඌශා නැමති තරුණිය සමඟ පෙමින් බැඳේ. නමුත් මෙහි දී ඔහු සාජු යන ව්‍යාජ නාමයෙන් ඇය ඉදිරියේ පෙනී සිටියි. මේ අතරතුර පිටපළාතක දී සිදුවන දරුණු රිය අනතුරකින් ගොපාල්ට එක් පාදයක පහළ කොටසක් අහිමි වෙයි. පාදය සුවකරගෙන ප්ලාස්ටික් පාදයකින් ඇවිදීමට හුරුවන ගෝපාල් මෙම සිද්ධිය තමාගේ නෑදෑ හිතවතුන්ගෙන් සඟවාගෙන සිටියි. කලකට පසුව ගොපාල්ගේ හොඳම මිතුරාවන රමේෂ්ට, වැඩිහිටි තීරණයක් මත ඌශා සමඟ විවාහවීමට සිදුවන අවස්ථාවක් උදාවෙයි. එහෙත් මෙතැන් සිට පටන් ගන්නා ගැටළු කෙසේ විසඳේ ද? එය නරඹලාම දැන ගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්” “සුරාජ්“ , “ගීත්” “අප්නා දේශ්“යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. එමෙන්ම මෙය මා විසින් අප්ලෝඩ් කළ වීඩියෝවකි. ඒ නිසා මා දක්වා ඇති https://drive.google.com/ file/d/0B3BxOq2-_ xCDNTdyMzhaSVhOc1k මෙම ලින්ක් එකෙන් සිංහල උපසිරසියට අදාළ වීඩියෝව බාගත කිරීම සිදුකර ගත හැකිය.
ඒ වගේම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය සතියේ මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දහනවවෙනි සිංහල උපසිරසිකරණයයි. මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරසි ලබාදෙන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. එමෙන්ම පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.
47 downloads