The Great Dictator යනු 1940 වර්ෂයේ චාලි චැප්ලින් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ දේශපාලනමය ප්‍රහසනයකි. මෙම සනමා කෘතියේ අනෙක් විශේෂත්වය වන්නේ චාලි චැප්ලින් විසින් ද්විත්ව චරිත රංගනයක යෙදීමයි. ලෝක සිනමාවේ අමරණීය නිර්මාණයක් ලෙස සැලකෙන මෙය නිහඩ සිනමාවේ වාර්ථාගත නිර්මාණකරුවෙකු අඛණ්ඩව හඩ සහිත සිනමාව කරා අවතීර්ණ වීමක් වශයෙන්ද පෙන්වා දිය හැකිය. මෙය ඔහුගේ නියම වශයෙන් හඩ සහිතව නිර්මාණය කළ පළමු නිෂ්පාදනයයි. එමෙන්ම ඔහුගේ වාණිජමය වශයෙන් ඉතා සාර්ථක වූ සිනමා කෘතියක් වන මෙය ඇකඩමි සම්මාන පහක් දිනා ගැනීමද විශේෂත්වයකි. ඒවා නම්, හොදම නිෂ්පාදනය, හොදම නළුවා, හොදම තිර රචනය, හොදම සහාය නළුවා හා හොදම සංගීතය සදහා වන සම්මාන වේ.
ඒකාධිපතියෙකුගේ ස්වරූපය නිතරම හාස්‍යජනකය. එහෙත්, එම හාස්‍යය තුළ මිනසාට හා සමාජයට මාරාන්තික බලපෑමක් සැගව පවතී. එකී හාස්‍යය තුළ සැගවුනු මාරාන්තික බලපෑම හදුනා ගත හැක්කේ දේශපාලනික වශයෙන් සංවේදී මිනිසෙකුට පමණි. චාලි චැප්ලින් යනු එසේ දේශපාලනික වශයෙන් සංවේදී නිර්මාණකරුවෙකි. ඔහුගේ නිහඩ සිනමාවේ බොහෝ නිර්මාණ, එනම් Modern Time, City Light, The Circus, The Kids, Gold Rush වැනි බොහෝ නිර්මාණ දේශපාලන තේමා රැගත් නිර්මාණ විය. චාලි චැප්ලින්ගේ චරිතාපදානය අධ්‍යනයේ දී මේ සම්බන්ධයෙන් බොහෝ කරුණු සනාථ කර ගත හැකිය.
1964 වසරේ ඔහු විසින් රචිත ස්වයං චරිතාපදානයේ (මෙය චූලානන්ද සමරණායක මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත) චාලි චැප්ලින් පවසන්නේ තමා නාසින්ගේ භීෂණය අත් නොදැක්කේ නම් මෙවන් නිර්මාණයක් කිරීම බෙහෙවින් දුෂ්කර වන ඇති බවයි. එමෙන්ම, මෙම කෘතිය හේතුවෙන් ඔහු හිට්ලර්ගේ මරණ ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් හිමි කර ගැනීමට සමත් විය.
මෙම සිනමා කෘතිය සාපේක්ෂව දෙබස් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා ඉංග්‍රීසි සිනමා කෘතියකි. චාලි චැප්ලින්ගේ නිහඩ සිනමාවේ රිද්මය යොදා ගැනීම නිසා දීර්ඝ දෙබස් දක්නට ලැබෙන බව මාගේ නිරීක්ෂණයයි. එමෙන්ම, සාහිත්‍යමය දැනුමෙන් පෝෂිත චාලි චැප්ලින්ගේ දෙබස් සිංහලට පෙරලීම එක්තරා ආකාරයකට අභියෝගයක් විය. හේතුව, බොහෝ විට ඔහු විසින් යොදා ගන්නා ලද දෙබස් මගින් අදහස් කරන ලද ව්‍යාංගාර්ථ නියමාකාරයෙන් මතු කිරීමට තරම් භාෂා ඥානයක් මා ලබාගෙන නොමැතිකමයි. විශේෂයෙන්ම යුදෙව් බාබර් විසින් චිත්‍රපටය අවසානයේ හමුදා භටයන් අමතා කරන කතාව විලියම් ශේක්ෂ්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යයේ එන, මාක් ඇන්තනි විසින් සීසර්ගේ අවමංගල අවස්ථාවේ කළ කතාව තරමටම සාහිත්‍යයෙන් පෝෂිතය. එය පරිවර්තනය කිරීමේ දී විශේෂ සැලකිල්ලක් දැක්වීමට මට සිදු විය. එබැවින් මෙය නියම පරිවර්ථනයකට වඩා ඡායානුවාදයක් වශයෙන් හදුන්වා දීම වඩාත් උචිත බව සිතමි.
මා විසින් මීට පෙර පරිවර්ථනය කර ලබා දුන් උප සිරැසි හා ලිපි පල කිරීම සම්බන්ධයෙන් බයිස්කෝප් වෙබ් කණ්ඩායමට මාගේ ස්තුතිය පුද කරමි. ඇත්ත වශයෙන්ම මා බොහෝ සිනමා කෘතිවල උපසිරැසි සිංහලට පරිවර්ථනය කරලන ලද්දේ මාගේ විනෝදාංශයක් වශයෙන් වන අතර ඒවා මෙම සිනමා කෘති නැරඹීමට කැමැති, එහෙත් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් නොමැති සහෝදර සහෝදරියන් සමගම බෙදා හදා ගැනීමට ලැබීම අතිශය සතුට කරුණකි. ඒ සදහා සද්-කාර්යයක් ඉටු කරන මෙම වෙබ් අඩවියේ පරිපාලන කාර්ය මණ්ඩලයට මාගේ කෘතඥතාව නැවතත් පල කරමි.
මෙම උපසිරැසි දිගු කාලයක් මුළුල්ලේ, ලැබෙන විවේක අවස්ථාවන් යොදා ගනිමින් සිදු කළ බැවින් යම් යම් අඩුපාඩු හා වෙනස්කම් ඇති බව පෙනී යයි. ඒ සම්බන්ධයෙන් මා සහෘද සැමගෙන් සමාව ඉල්ලා සිටින අතර එවැනි අඩුපාඩු වේ නම් මා දැනුවත් කරන ලෙසද ඉල්ලමි.
Due to copyright issues, we do not provide any torrent links.
The.Great.Dictator.1940.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
160 downloads