Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Prison Break : Sequel [S05 : E03] with Sinhala Subtitles |බොරුකාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කැනීල් අවුටීස් හිරේ ඉදන් අලුත් සැලසුම් හදනවා හිරෙන් එලියට පැනගන්න. මයිකල් නොකියා කැනීල් කියලා කියමු නෙහ්. මේකේ ප්‍රධාන දේ උනේ කරන්ට් එක කපලා දාලා එලියට පැනගන්න එකයි. මේක කරන්න තිබුණේ ඇතුලේ ඉන්න කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ට. නමුත් එයා සබර්බස්වල හිරවෙලා ත්‍රස්තවාදියෝ එක්ක. කැනීල් ඇතුලේ ඉදන් එලියට විසි කරන දෙයක් පොඩි එකෙක් ලවා ලින්කන්ට පණිවිඩ එවන්නේ.මේ අයට සිද්ද වුණා අර මනුස්සයව බේරගන්න යන්න. ඒ ගිහින් හිතුවේවත් නැති ප්‍රශ්න ගොඩකත් වැටුණා. මේ අස්සේ සාරාටත් මයිකල් පණිවිඩයක් එව්වා. පස්සේ මෙයා මේ ගැන හොයාගෙන රාජ්‍ය දෙපාර්තුමේන්තුවට ගියාම සාරාට පරණ යාලුවෙක්ව මුණගැහෙනවා. යාළුවෙක් කිව්වට යාලුවෙක්මත් නෙවෙයි. අතීතේ ඒ හැටි හොද එකක් නොවුණු කෙලමන්ව. මිනිහට ඕන උදව් කරන්නලු. නමුත් එයාලගේ වාර්තා වලට අනුව මයිකල් මිනීමැරුමක් කරපු කෙනෙක්. අද තමයි කරන්ට් එක යවලා හිරෙන් පනින්න තියෙන්නේ.

පනින්න තියෙනවා කිව්වට කොච්චර සුපිරි සැලසුම් හැදුවත් ඒවා දියත් කරන්න ලේසි වෙන්නේ නෑ. අර කොල්ලගේ තාත්තාව නම් හොයාගත්තා. මයිකල් අර පණිවිඩ එවන පොඩි කොල්ලා අතේ පණිවිඩයක් එවනවා. ඇත්තටමඒකෙ තියෙන්නේ තැනක් ගැන. තව මේ අයට සිද්දවෙනවා අද රෑ පැන යාම උනාම රටිනුත් පනින්න. ඒකට පාස්පෝට් ඕන කරනවා. මේ අය මෝඩයෝ වගේ ආයෙමත් සුපුරුදු කෙනෙක්ට රැවටෙන්න යන්නේ. මේ අස්සේ සාරාට ප්‍රශ්න වැඩි වෙන්න ගන්නවා අර එයාලගේ ගෙදරට ඇවිල්ලා එයාගේ මහත්තයාට වෙඩි තිබ්බ ගෑනියි ලින්කන්ගේ කාර් එක පාලනයට අරන් ලින්කන්ව මරන්න හදපු කෙනයි ඇවිත් මරන්නද කොහෙද හදනවා. හුගක් ප්‍රශ්න මතුවෙන අතරේ අද හිරෙන් පනින්න පුළුවන් වේවිද? මෙච්චර ඉක්මණට? බලලම ඉන්නකෝ.

සුපුරුදු කෙනා නම් නෙවෙයි අද උපසිරැසිය අරන් ආවේ. විමාට වැඩ වැටිලා කියලා මේ කොටස මට කරන්න ලැබුණා. මට වඩා කටට රහට උපසිරැසි අරන් එන සුපුරුදු කෙනාම ඔයාලට ලබන සතියේ ඉදන් ආයේ වැඩේට බහීවි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජය!

Shut In (2016) on IMDb

 
 
 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>