ඉතින් යාළුවනේ කොහොමද පළවෙනි කොටස? ලස්සනයි නේද? මේ දෙවැනි කොටස. ඔයාලට මතකයිනේ පළවෙනි කොටසේදී ඔහ් හා නා එයාගේ පරණ පෙම්වතාගේ විවාහයට ගිහාම චෝයි වොන් එයත් එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගන්නවනේ. එතනින් පස්සේ හා නා තරහෙන් පාර දිගේ ඇවිදගෙන එනවා. ඊට පස්සේ ඒ දෙන්නා ඒ ගැන අමතක කරලා එයාලගේ විශේෂ තැනට යනවනේ. එතැනදී චෝයි වොන් හා නාට තෑග්ගක් දීලා ඊළඟ වතාවේ හොඳ කෙනෙක් හොයාගන්න කියනවා. එතැනදී ඒ දෙන්නා ඔට්ටුවක් අල්ලනවා අවුරුදු 35ට කළින් බඳින කෙනාට අනිත් කෙනා සල්ලි විදිහට වොන් ලක්ෂ 5ක් දෙන්න ඕනේ කියලා. එතනින් තමයි දෙවන කොටස ආරම්භ වෙන්නේ.
මේ කොටස පටන් ගන්නේ ඔහ් හා නාට පේන හීනයකින්. එයාගේ කළින් පෙම්වතා විවාහ වුණේ කම්පැනියේම තවත් කෙනෙක් එක්කනේ. ඉතින් ඔහ් හා නාට පේන හීනේ ඒ ගැහැණු කෙනා ජනාධිපතිගේ නෑදෑ කෙනෙක් වෙනවා. එයාගේ වෙඩින් එකට ගිහින් ඔහ් හා නා ඔක්කොම අවුල් ජාලයක් කරපු එකට එතකොට ඔෆිස් එකේම අය තරහින් ඉන්නේ. එයාව රේල් පාරකට වැටෙන්න යන හීනයක් තමයි පේන්නේ. ඊට පස්සේ එයා බය වෙලා ඇහැරෙනවා. එතකොට එයා ඉන්නේ කොහේ කියලද ඔයාලා හිතන්නේ යාළුවනේ. මේ කොටසේ ඉතාම රසවත් වෙන්නේ ඒ වගේ කොටස් තියන නිසයි. ඒ වගේම හා නා ගේ කාර්යාලයට අලුතෙන් කෙනෙක් එනවා. එයාවත් හා නාට කළින් හම්බවෙලා තියන කෙනෙක්.
ඉතින් මම හිතන්නේ මේ ඇති. මේ කොටසත් කළින් කොටස වගේම ආසාවෙන් බලයි කියලා හිතනවා.
එහෙනම් තුන් වෙනි කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E02.150628.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
8 downloads