අපි අපේ ජීවිත කාලය තුළදී, ගොඩක් දේවල් කරනවා. සමහර දේවල්, හොද දේවල්. නමුත්, තවත් සමහරක් දේවල් , නරක දේවල්. සමහර විට, අපේ මේ නරක දේවල්, නොදැනුවත්ම අපි අතින් සිද්ධවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්, මේක නරක දෙයක් කියලා, දැන දැනම, හිතාමතාම කරනවා වෙන්නත් පුළුවන්. දැනගෙන හෝ නොදැන හෝ, වැරැද්ද වැරද්දම තමයි. මොකද, ඒ අපේ අතින් වෙන පුංචි වරදක් නිසා, තවත් කෙනෙක්ගේ ජීවිතයක් නිකරුණේ විනාශ වෙලා යන්න පුළුවන්. සමහරවිට, මේ විනාශය එක ජීවිතයකින් නොනැවතී, ජීවිත ගණනාවකට බලපෑමට තරම් දරුණු විය හැකියි. කෙසේ හෝ වේවා, කවදා හෝ සිතාමතාම සුළු හෝ වැරදි යමක් කර ඇත්නම්, කවදාකම හෝ ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවෙනවා ඒකාන්තයි. ඔබ සිතාගෙන ඇති, ඔබ සතුව ඇති, අනන්ත අප්‍රමාණ වූ කෛරාටික ශිල්පයන් තුලින්, කෙසේ හෝ ගැලවී සිටිය හැකි යැයි කියා. නමුත්, මාගේ වචනය විශ්වාස කරන්න, ඔබ කළ වරදේ තරමටම, ඒ හා සමානවම, කවදා හෝ ඔබට වන්දි ගෙවීමට සිදුවෙනවා, ඒකාන්තයි. එයයි, ලෝක ධර්මතාවය!
තම පියාණන් සමගින් බොහොම සැහැල්ලුවෙන් ජීවත්වෙන තරුණියක්. ඇයට කියා මෙලොව සිටින්නේ, මෙම දයාබර පියාණන් පමණයි. අතමිට කාසි සරුවට නැති මුත්, බොහොම සතුටින් මොවුන් ජීවත්වුණා. විටෙක රණ්ඩු දබර වුණත්, තවත් ඇසිල්ලකින් ආදරයෙන් පිරී ඉතිරී ගියා. කුඩා කාලයේ පටන්ම නොවිඳිනා දුක් විඳ, තමන්ව හදා වඩා ගත් සිය ආදරණීය පියාණන්ට, ඔහුගේ එක කුස උපන් නැගණියගෙන් ලද අවලාද හමුවේ, සිය බලය ඔවුන් හට පෙන්වීම සඳහා මෙම පියා සහ දියණිය විසින් කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට අදිටන් කරගන්නවා. වසර ගණනාවක් පුරාවට සිය පියාණන් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් රැගෙන, මෝටර් රථයක් මිලදී ගැනීමේ අදිනට සහිතව මොවුන් වෙළඳ සැලක් වෙත පියනගනවා. නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට, නවීන පන්නයේ මෝටර් රථ අතරේ, අවසානයේ මෙම තරුණියගේ සිත ඇදී යන්නේ, ඉපැරණි මෝටර් රථයක් වෙතටයි. ඔවුන් නොදැනුවත්වම, ඔවුන්ගේ ඉරණම තීන්දු තීරණය වෙනවා. කිසිඳු හාංකවිසියක් නොදැනම, මහත් වූ ව්‍යසනයක් වෙතට ඔවුන් පය තබනවා…
මැදි වයසට ආසන්න යැයි කිවහැකි පිරිමි තිදෙනෙක්… නගරයේ තැනින් තැන, අභිරහස් මරණ කීපයක් සිදුවෙනවා. මහ දවාලේ, තම නිවසේදීම තරුණියක් අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීම සහ රාත්‍රියේදී මැදි වියේ පුද්ගලයෙකු මරා දැමීම… මෙම ඝාතන ද්විත්වයේම පොදු ලක්ෂණයක් ලෙස, මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයන් සතු වටිනා වස්තුව පැහැරගෙන ගොස් තිබෙනවා. මේ සියල්ල පසුපස සිටින්නේ, ඉහතකී මැදිවියේ පිරිමින් තිදෙනා යැයි, කිසිවෙකුත් සිහිනෙන් හෝ නොසිතන්නට ඇති. නමුත්, අවසානයේ කර්මය විසින් මොවුන් පසුපස හඹා එනවා. නීතිය පවා විමතියට පත් කරමින්, මෙම දරුණු මිනීමරුවන් පසුපස හඹා එමින්, ඔවුන්ව එකා බැගින් එකා දඩයම් කිරීම ඇරඹු, යුක්තියේ අදෘෂ්‍යමාන හස්තය කවුරුන් වේද…?
අපි ගොඩක් දෙනෙක් බොහොම ආසාවෙන් නරඹපු රූපවාහිණි කතා මාලාවක් තමයි, Knight Rider කියන්නෙ. මේ කතා මාළාවේ, KITT කියන හරි අපූරු මෝටර් රථය ගැන කිසිම කෙනෙක්ට අමතක වෙන්න විදියක් නම් නැහැ. ඒ වගේම, 2012 වර්ෂයේදී නිකුත් වුණු, Eega කියන දමිල චිත්‍රපටය ගොඩක් දෙනෙක් නරඹලා තියෙන්න ඕනේ. මොකද, මේ Eega චිත්‍රපටය, දමිල සිනමාවෙන් බිහිවෙච්ච අනර්ගතම චිත්‍රපට වලින් එකක් කියලා නොබියවම කියන්න පුළුවන්. එහෙනම් මතක් කරගන්න, ඒ චිත්‍රපටය තුල ඉඳපු, තමන්ගේ මරණයේ පළිය ගන්න ආපු පුංචි කෘමියව. මං මෙහෙම කියන්නෙ ඇයි කියලා, මේ චිත්‍රපටය බලනකොට හැමෝටම තේරේවි. ඒ නිසා, ඒක චිත්‍රපටය නරඹන අයට පමණක් උරුම, සුවිශේෂී අත්දැකීමක් වේවි.
දකුණු ඉන්දීය අයස්කාන්ත නිළිය, Nayanthara ගේ විශිෂ්ට රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වී, Horror කාණ්ඩය යටතේ 2017 වර්ෂයේ මාර්තු මස 3 වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වෙමින්, imdb දර්ශකයේ 6.1 ක අගයකින් සමන්විත වන, එක හුස්මට නැරඹිය හැකි කුතුහලය සපිරි අතිශය සංවේදී කතා පුවතක් සමගින් මා හා අත්වැල් බැඳගැනීමට සහෘද ඔබට කෙරෙන්නාවූ සුහද ආරාධනාවත් සමගින්, අදට සමුගෙන යෑමට අවසරයි සියලු දෙනාගෙන්ම… හැමදෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.im – Dora (2017)[HDRip – XviD – MP3 – 700MB – ESubs – Tamil]
ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
69 downloads