ඔන්න එහෙනම් මාසයකට විතර පස්සේ නැවත කළු ලැයිස්තුවත් අරගන ඇවිත් තියනවා. මේ සතියේ 4වෙනි සීසන් එකේ 16 වෙනි කොටස සහ 17 වෙනි කොටස යන කොටස් දෙකම විකාශය උනා ඔයාලා දන්නවා ඇතිනේ. හැබැයි මේ අරගන ඇවිත් තියෙන්නේ 16 වෙනි කොටස විතරයි. 17 වෙනි කොටසත් ඉක්මනිනිම ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
හොදයි එහෙමනම් පසුගිය කොටස් වල වෙච්ච සිදුවීම් ටිකක් මතක් කරගනිමු නේ. පසුගිය කොටස ටිකක් පැටළිලි සහගත විදියට තමයි පටන් ගත්තේ. රෙඩින්ටන් කෙනෙක් වසදීලා. එයාට මතක නැහැ ඒ කවුද කියලා. ඒ වගේම එයා හිතන් හිටියේ ඒ වසදීපු කෙනා ඩෙම්බේව පැහැරත්තා කියලයි. හැැබයි කතාවේ අන්තිමට අපිට දැනගන්න ලැබුනා ඩෙම්බේ තමයි මේ වසදීපු බීම එක රෙඩ්ට දුන්නේ කියලා. හැබැයි ඒ බෝතලේට වස දැම්මෙත් එයාමද? රෙඩින්ටන් දැන් ඩෙම්බේව මේ කාලය පුරාම හොයාන්න ඇති. ඒවගේම තමයි ඔයාලට මතක ඇති ඩෙම්බේ රෙඩින්ටන් කියපු හැමදෙයක් ප්‍රෂ්ණ අහන්නේ නැතිව කලාට එයාමිස්ටර් කැප්ලන් වෙනුවෙන් නිහ වෙලා හිටිය එක ගැන ගොඩක් පසුතැවෙනවා. ඒ වගේම රෙඩින්ටන් තාම දන්නේ නැති දෙයක් තමයි මිස්ටර් කැප්ලන් ජීවතුන් අතර ඉන්න විත්තිය.
එහෙමනම් අද කතාව බලන්නකෝ. ඩෙම්බේ රෙඩින්ටන්ට ද්‍රෝහිවෙයිද…???
Due to copyright issues, we do not provide any torrent links.
The Blacklist – 04×16 – Dembe Zuma.AVS.English.HI.C.orig.Addic7ed.com
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.