Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 04] with Sinhala Subtitles |ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න යාළුවනේ මම ආවා හතරවෙනි කොටස අරගෙන. තුන් වෙනි කොටසේ අවසානයට සිදු වුණ කොටස් මතක් කරනවානම් ඔහ් හා නා දැනගත්තා කි සංග් ජේ එයත් එක්ක සමීප වුණේ ඇත්තටම නෙවෙයි වගේම කම්පැනි එකේ ස්ථීර තැනක් හදාගන්න ලේසිවෙන්න කියලා. ඉතින් ඒක නිසා ඔහ් හා නා දුකින් චෝයි වෝන්ට කෝල් කරනවා. ඒ වෙලාවේ තමයි සෝ යුන් එක්ක චෝයි වොන් කෑම ගන්නේ. හා නා දුකින් කතාව කියනකොට චෝයි වොන් එයාව හොයාගෙන යනවනේ. අන්න එතනින් තමයි 4 වෙනි කොටස පටන් ගන්නේ. ඉතින් චෝයි වොන් ඔහ් හා නාට ගෙදර යන්න හිතෙන්නේ නැති නිසා එයාව හොටෙල් එකකට එක්කගෙන යනවා. ඊළඟ දවසේ ඒ දෙන්නා නැගිටිද්දී නිදාගෙන ඉඳලා තියෙන්නේ එක ළඟ නිසා හා නාට පොඩි ලැජ්ජාවක් ඇතිවෙනවා.

ඒ නිසා එයා හැසිරෙන්නෙත් අමුතු විදිහකට. කොහොමහරි චෝයි වොන් එයාව ගෙදරට ගේනවා. එතනින් පස්සේ තියෙන්නේ මි යන්ග් (චෝයි වොන්ගේ අක්කා) දකින හීනයක්. ඒ රටේ මතයට අනුව ඌරෙක් හීනෙන් දැක්කොත් ඒකෙ තේරුම සල්ලි ලැබෙනවා කියන එක. ඉතින් එයා හීනෙන් ඌරෙක්ව දකිනවා. ඒ විදිහටම එයාට පොඩි වාසනාවකුත් එදා ලැබෙනවා. මේ කොටස අවසාන වෙනකොට කවුරුත් හිතුවේ නැති විදිහට හා නාට තවත් කරදරයක් ඇති වෙනවා. ඉතින් මේ කොටසත් හරිම රසවත්. ඒ වගේම හා නාගෙයි චෝයි වොන්ගෙයි පාසල් යන කාලේ ලස්සන මතකයන් මේ කොටසේත් තියනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මේ කොටසත් ආසාවෙන් බලයි කියලා.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E04.150705.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>