Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lila & Eve (2015) with Sinhala Subtitles|මවකගේ වෛරය… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද යහලුවනේ, හප්පේ..  මේක බාරගෙන පට්ටම කාලයක් ගියා ඉවර කරල දාන්න.  හිතුවෙ නෑ මෙච්චර කාලයක් යයි කියලා, කොහොම උනත් ඔන්න මගේ තුන් වෙනි උපසිරැසත් ගෙනාවා.

මම කලින් කරපු Zero tolerance එක වගේ  ම තේමවක් තියන කතාවක් කිව්වොත් තමා හරි. මොකද zero tolerance එකේ නම් තමන් ගෙ දුවව මරපු පලිය ගන්න යන තාත්තකෙනෙක් ගෙ කතාවක්  නෙ ඒක් කිය වෙන්නෙ , ඉතින් මේ lila and eve කියන කතා වෙ නම් වෙන්නෙ තමන්ගෙ පුතාව මරපු පලිය ගන්න යන අම්ම කෙනෙක් හැසිරෙන් විදිය ගැන තමා පෙන්නුම් කරන්නෙ, කොහොම උනත් මම මේකෙ වෙලා තියෙන්නෙ වූවන් වොල්කොට් කියන ගැහැනු කෙනාට පුතාල දෙන්නෙක් ඉන්නවා. ලොක්ක ස්ටෙපන් පොඩ්ඩා ජස්ටින්. ඉතින් මේ දෙනගෙන් ලොකු කොල්ලගෙ උපන්දෙනේ දවසෙ රෑ එයා යන්වා යාලුවො සෙට් එක එක්ක එකතු වෙන්න, ඇත්තටම කිව්වොත් මිනිහ යන්නෙ කෑල්ල බලන්න ඉතින් යද්දි යන අතර මග නාදුනන තුවක්කු කරුවෙක් කොල්ලට වෙඩි තියනව. ඉතින් ලොකු පුතාට අම්මලා ආදරෙයි නෙ, මේ වෙන සිද්දිය අම්මට දරා ගන්න බැරුව යනව.

දන්නවද ගොඩක් අම්මලට තමන්ගෙ දරුව නැති උනාම එක විදියක උමතුවක් එහෙමත් නැති නම් වැරදි මනොභාවයක් ඇති වෙනවා. එයාටම නොතේරී එයාට පිස්සු හැදෙනවා, ඒත් ඒක ටික කාලෙකින් නැති වෙනව ඉතින් මේ කියන අම්මටත් ඒව වගෙ උමතු තත්වයක් ඇති වෙලා imaginary friend කෙනෙක් ඒකියන්නෙ එයාට විතරක් පේනෙ ඇත්තවගේ හිතෙන යාලුවෙක්ව හම්බුවෙනව, ඒකත් කතාව බලද්දි ඔයාලට හිතාගන්න බැරිවේවි කවුද ඒ කියල වත්, කොහොම හරි දෙන්න එකතුවෙලා කොල්ලව මරපු කෙනා හොයාගෙන යන කතා වක් තමා මේ film එකේ පැයයි විනාඩි 30 පුරාවට දිවෙන්නෙ.

මේ ෆිල්ම් එක IMDb අගය 5.8 ව්තර රේටින්ග්ස් ලැබිලා තියනව. ප්‍රධාන චරිතේ ඒකියන්නෙ lila ගෙ චරිතෙට රංගන දායකත්වෙ සපයන්නෙ Viola Davis ඒවගේ මයි එයාගෙ අර යාලුව වෙන්නෙ eve එයතමයි අපේ jennifer lopez… සුපිරිම කතාවක් හිතවට වඩා වෙනස් විදියකින් ඉවර වෙන කතාවක් . Zero tolerance තරමට action නැති උනත් ලස්සන story එකක්.. එහෙනම් මේක ගැන් තව විස්තර කරන්න ඕනිනෑ ඔයාලා බලලම තීරණේ කරන්න. හොඳයිනම් sub එක comment කරන්න. තව ෆිල්ම් එකකින් හමුවෙමු .. ඒවගේම ඔයාලා ඔක්කෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්තනා කරනවා…! තව මේ වගේ film එකක sub එකකින් මුණගැහෙමු…. ජයහ්……!!!!

Lila & Eve (2015) on IMDb

750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

2E19AE3AC717809236C77AE72477D1D77C3C355A

1.45 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

32CB68187D5B5645A2EBCAAAF9733D4A1C6A0777
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චේතිය අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>