දේවක සහෝදරයා හදිසියේ කාර්යබහුල වෙච්ච හින්දා මේ කොටස මට කරන්න වුණා. පොඩ්ඩක් නෙමේ ගොඩක්ම පරක්කු වෙලා කියලා දන්නවා. ඊළඟ එපිය ගැන අහලා තියෙන කට්ටියගේ නොඉවසුම් කමෙන්ට්ස් එහෙමත් දැක්කා. ඉතින් සමාව ඉල්ලනවා මගේ තමා පරක්කුව තිබ්බේ. මේ වෙද්දී 22වෙනි කොටසත් ඇවිල්ලා තියෙන්නේ. රවිඳු මලයා ඒකට සබ් එක කරලත් අහවරයි. එක පෙළට එපි දෙකක්ම දැන් බලාගන්න පුළුවන්. හිතට විදිහට අවසන් කොටස සමගාමිව උපසිරැසිය දාගන්න පුළුවන් වෙයි. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
හැමෝට හුස්මක් ගන්න බැරි තරමට වැඩ. තවත් මෙහෙයුමක් නම් නෙමේ. දන්නවා ඇතිනේ ටෝබිගෙයි හැපීගෙයි කසාදේ ළඟ ළඟම එනවා කියලා. සමහරු පොඩි අයිස් පාරවල් ගහන අතරේ සමහරු නම් කැපවෙලාම වැඩ. ඒ අතරේ වෝල්ටර්ගේ අමුතු “වෙඩින් ප්ලෑන්” ගැන අහද්දී හැමෝටම හීන් දාඩිය දානවා. ඉතින් මෙහෙම දේවල් සිද්ධ වේගන යද්දී මෙයාලට මෙහෙයුමක් භාරගන්න වෙනවා. හෙච්නියානු ජනරජයේ අභ්‍යවකාශයේ වගා කරන්න යන ව්‍යාපෘතියක් සම්බන්ධව වැඩක්. එයාලා ගුවන්ගත කරපු ග්‍රාහකයක් ගොඩබස්වන එක තමා මෙයාලට කරන්න තියෙන්නේ. වැඩේ පොඩියි වගේ පෙනුනට එහෙම ලේසියට මේක කරන්න වෙන්නෙත් නැහැ, කරාට මෙයාලට එහෙම ලේසියට ආයේ ගෙදර එන්නත් වෙන්න පුළුවන් වෙයිද කියලා සැකයි වගේ. බලලම ඉන්න.
ඊළඟ කොටසින් හමුවෙමු, ජයවේවා
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E21.720p.HDTV.x265.ShAaNiG
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
530 downloads