ඒ, 1950 දශකයේ අග භාගයයි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී තවමත් ගතවී ඇත්තේ වසර කීපයක් පමණක් නිසාවෙන්, ලෝක යුද්ධයේ බිහිසුණු බාවය තවමත් මොනවට දැකගත හැකි කාල සීමාවකි මේ. ලෝක යුද්ධයේ අතුරු ප්‍රථිපලයක් ලෙස අපරාධකරුවන් ශීග්‍ර ලෙස වර්ධනය වූ කාල සීමාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. නමුත්, ක්‍රම ක්‍රමයෙන් නීතියේ හස්තය තම ආධිපත්‍ය පතුරුවා හරිමින්, මෙතෙක් කාලයක් පුරාවට අන්ධකාරේ ගිලෙමින් තිබුණා වූ සමාජය, ආලෝකය කරා රැගෙන ඒමට සිය බලය උපයෝගී කරගන්නවා. මේත් සමගින්, මේ තාක් කාලයක් පුරාවට සිය ආධිපත්‍ය පතුරුවා හරිමින්, තමන්ට රිසි සේ අපරාධ ලෝකයේ රජයමින් සිටියා වූ දරුණු අපරාධකරුවන් හට කරකියා ගත දෙයක් නොමැතිව අසරණ භාවයට පත්වෙනවා. මෙයට විසඳුමක් ලෙස, නීතියෙන් පලා යමින් සිටින්නාවූ යුරෝපිය අපරාධකරුවන්, හිටපු නාසී සොල්දාදුවන්, අනෙකුත් දරුණු අපරාධකරුවන් සහ බටහිර රාජ්‍ය වලින් තම හිස වෙනුවෙන් ඉහල වටිනාකම් ලබා දී ඇති ලොවට අත්‍යාවශ්‍ය දරුණු පුද්ගලයින් හට නීතීයේ හස්තයට හසු නොවී සිටිය හැකි ක්ෂේම භූමියක් ලෙස, ඉන්දු-චීනය හඳුන්වා දෙනු ලබනවා.
මෙම ඉන්දු-චීනයේ, යටත් විජිත පොලීසිය තුල තිබෙන්නාවූ එකම එක සිර මැදිරිය තුල, වසර තුනක් තිස්සේ, මාටින් තිලමන් නම් එකම එක සිරකරුවෙකු රැඳී සිටිනවා. මහා බ්‍රිතාන්‍යයේ රහස් ඔත්තු සේවය විසින් ඔහුගේ හිස සඳහා, පවුම් දසදහසක ත්‍යාග මුදලක් නියමකොට තිබෙනවා. යටත් විජිත පොලීසිය විසින් සංවිධානය කරන්නාවූ එළිමහන් මල්ලවපොර තරඟ සඳහා සහභාගී වීම පමණයි මොහු සතු රාජකාරිය වන්නේ. නමුත්, හදිසියේම මොහුව නිදොස් කොට නිදහස් කරනු ලබනවා.
කාලය ශීග්‍රයෙන් ගෙවී යනවා. නොයෙකුත් ආකාරයේ සිදුවීම් සිදුවෙනවා. අවසානයේ කෙසේහෝ, යටත් විජිත පොලීසියේ කුරිරු පාලනය හමුවේ මාටින් තිලමන්ගේ සමීපතම සගයෙකු ජීවිතයෙන් සමුගෙන යනවා. ඔහුගේ ජීවිතයේ, තවත් ආදරණීය පුද්ගලයෙකු, ජීවිතයත් මරණයත් අතර සටන් කරන තත්වයට පත්වෙනවා. මේත් සමගින් ඔහුගේ සිත පලිගැනීමෙන් පිරී ඉතිරී යනවා. තමන්ට සිදුවූ අකටයුත්ත වෙනුවෙන්, අදාළ පුද්ගලයින්ගෙන් දරුණු ලෙස පළිගන්නා ලෙස ඔහුගේ සිත මොරගසනවා. නමුත්, යටත් විජිත හමුදාවකට විරුද්ධව, තනි මිනිසෙක් කුමක් නම් කරන්නද? ඔබ මෙසේ සිතනවා නිසැකයි. නමුත්, මතකයේ තබාගන්න, මාටින් තිලමන් යනු, කුඩා කාලයේ සිටම සටන් සඳහා හුරු පුරුදු වී ඇති, මහා බ්‍රිතාන්‍ය සඳහා අත්‍යාවශ්‍යම දරුණු අපරාධකාරයෙක් බව. ඔහුගේ මෙම වියරු පලිගැනීමත් සමගින්, දකුණු බුරුමය පුරා ජනප්‍රවාදයක් ප්‍රචලිතව යනවා. එමගින් පැවසෙන්නේ, තමාට සිදුවූ අකටයුතුකම් වෙනුවෙන්, මරණයෙන් පිබිද පැමිණ, රුධිර ගංගාවක් තුලින් තම පළිය සාක්ෂාත් කරගත් දරුණු පුද්ගලයෙක් පිළිබඳවයි…
Scott Adkins කියලා කිව්වාම නොදන්නා චිත්‍රපටි රසිකයෙක් ඉන්න බැහැ. වර්තමාන හොලිවුඩ් සිනමාවේ, අංක එකේ ක්‍රියාදාම නළුවෙක් ලෙස රජයමින් සිටින්නාවූ මොහුගේ නවතම සිනමා සංක්‍රාන්තිය තමයි මේ ආකාරයෙන් ඔබ වෙත ගෙන එන්නෙ. ක්‍රියාදාම ලේබලය යටතේ, මෙම චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වීමට තිබෙන්නේ, මැයි මස නව වෙනිදා. නමුත්, කිසිවෙකුත් නොසිතූ මොහොතක මෙම චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් නිකුත් වුණා. එහෙනම්, ක්‍රියාදාම සඳහා රුචිකත්වයක් දක්වන චිත්‍රපට ලෝලීන් අමතක නොකර නරඹන්න. පැරණි සමාජයේ වටපිටාව, අවි-ආයුධ, රථ වාහන යනාදිය ඒ ආකාරයෙන්ම යොදාගෙන, සාර්ථක ආකාරයෙන් චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙනවා.
එසේනම්, තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Savage.Dog.2017.720p.BRRip.850MB.MkvCage
ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
256 downloads