මුලින්ම බයිස්කෝප් රසික රසිකාවියෝ හැමෝටම ලැබුවාවූ අළුත් අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා… . ! කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාසයක විතර නිවාඩුවකට පස්සේ ආයෙමත් සුපුරුදු විදියට ඔයාලා ආදරේ කරන ඇරෝ කතාව පටන් ගත්තා. ඉතින් සුපුරුදු විදියට අපි අන්තිම කොටස ගැන මතක් කරගෙන ඉමු.
ඉතින් කතාවේ මේ තියෙන තත්වය විදියට ඇරෝ කතාවේ පළවෙනි දෙවැනි සිසන් වලට වඩා ගොඩක් හොද තත්වයකට මේ පස්වෙනි සිසන් එක එනවා කියලා අපිට කියන්න පුලුවන්. ඉතින් අපි මුලින්ම ඇරෝ කතාවේ පරණම සම්බන්ධය එහෙමත් නැත්නම් ඩිගල් සහ ඔලිවර් ගැන කතා කරමු. මොකද CW එකේ තියෙන හැම කතාවකම සම්බන්ධයට වඩා වෙනස් විදියේ සම්බන්ධයක් තමයි මේ දෙන්නා අතරේ තියෙන්නේ. එයාලගේ යාලුකමේ වෙනස් වීම් මේ කතාව පුරාවටම වුනත් ඒ දේවල් වලින් ඒ බැදිම වැඩි වුනා මිසක් අඩු වුනේ නම් නෑ. ඩිගල් මේ කොටසේදි ගොඩක් භයානක දේවල් කලා. මොකද ඔලිවර් පිස්සු වැඩ කරන්න පටන් ගත්ත නිසා. කොහොම හරි ඩිගල්ගේ චරිතය මේ ටීම් එකට ඉස්සරහට නැතිවම බැරි චරිතයක් වේවි.
ගොඩක් අයට හිතෙන්න ඇති බ්‍රට්වා එකේ උදව් ගන්න එක ගොඩක් හොදින් වේවි කියලා. ඒ වගේම එයාලා මේ වර්ථමාන කතාවටත් ඒවි කියලා අපිට කලින් කොටස් වලදි තේරුනානේ. ඒ මොකද අර අතිතයේ කතාව සහ වර්ථමාන කතාව ලස්සනට ගලාගෙන ගියපු නිසා. මම ගොඩක් කැමති වුනා කතාවේදි අතිතයේ ඔලිවර් ඔලිවර් බ්‍රට්වා එකට සල්ලි හොයාගන්න ප්‍රහාරයකට උදව් වෙනවා පෙන්වද්දි, ඒ දේම වර්ථමානයේ බ්‍රට්වා එකෙන් කරනවා පෙන්වපු එකට. ඒ වගේම අපිට මේ කොටසේදි ඇනටෝලිගේ හොද පැත්ත වගේම නරක පැත්තත් අපිට බලාගන්න පුලුවන් වුනා. බ්‍රට්වා එකේ අනාගතය ගැන කතා කරද්දි එයාලා මේ සිසන් එකේ දුෂ්ඨන් නොවුනත් ගොඩක් දුරට ඊලග සිසන් එකේදි ඇරෝ ටීම් එකට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සමහර විට ප්‍රධාන හතුරා වෙන්නත් පුලුවන්.
ඊලගට අපිට ෆෙලිසිටිගේ හේලික්ස් එකත් එක්ක තියෙන සම්බන්ධය ගැන කතා කරන්න පුලුවන්. මොකද දැන් ෆෙලසිටි විතරක් නෙවෙයි කර්ටිසුත් එකතු හේලික්ස් එකත් එක්ක එකතු වුනානේ. මම හිතන්නේ එයාලා දෙන්නගේ එකතුව ගොඩක් හොද දෙයක් වේවි. ඒ වගේම ටිම් එක පොඩි පොඩි වැඩ කරන එකෙන් අපිට ඇරෝ ටිම් එක පටන් ගත්ත මුල් කාලය ගැන මතක් කරගන්න පුලුවන්.දැන් කර්ටිසුත් හේලික්ස් එකත් එක්ක එකතු වුන නිසා එයාලා මොන වගේ දෙයක් කරයිද කියලා අපිට ඉස්සරහට බලාගන්න පුලුවන් වේවි. මට හිතෙන විදියට ෆෙලිසිටි ඇරෝ ටිම් එකෙන් අයින් වෙලා සම්පුර්ණයෙන්ම හෙලික්ස් එකත් එක්ක එකතු වේවි වගේම ඇරෝ ටීම් එකේ ෆෙලිසිටිගේ වැඩ කර්ටිස් කරයි.
ඉතින් කලින් කොටසින් මේ සිසන් එකේ ගලාගෙන ගිය කතාව උඩු යටිකුරු කලා. මේ කොටසට කලින් නගරයේ ප්‍රධාන හතුරා වෙලා හිටියේ ග්‍රීන් ඇරෝවයි. ඒත් දැන් ප්‍රධාන හතුරා වෙලා ඉන්නේ චේස්. ඉතින් මුල් වතාවට අපිට චේස් එයාගේ වැඩ වලින් පස්ස ගහනවා බලන්න පුලුවන් වේවි. මොකද අපිට එහෙම දෙයක් මිට කලින් දකින්න ලැබුනේ නෑනේ. හැබැයි ඉතින් මේකෙන් ආයෙමත් ග්‍රීන් ඇරෝ එලියට ඒවිද කියලා කියන්න බෑ. කොහොම වුනත් එහෙම වෙන්න නම් ඔලිර්ට එයා කරපු දේවල් ගැන ප්‍රසිද්ධියේ පිලිගන්න වගේම සමාව ගන්නත් වේවි.
අනාගතය ගැන බලද්දි අපිට විශ්වාස කරන්න බෑ මේ සිසන් එකෙන් අවසානයක් වේවිද කියලා. ඇරෝ ටිම් එක නම් ආයෙමත් එකතු වුනා ඒත් ග්‍රින් ඇරෝ නම් තවම වුන දේවල් වලින් බේරිලා නෑ. ප්‍රොමෙතියස් කියන්නේ චේස් කියන එක දැන් එලිවෙලා තියෙන නිසා දැන් එයාව පොලිසියේ ප්‍රධාන ඉලක්කයක් වෙලා තියෙනවා. පේන විදියට හේලික්ස් එක ලොකු චරිතයක් රගපානවා වගේම එයාලා මේ සිසන් එකේ අවසානය දක්වාම ඉදිවි වගේ.
සමස්ථයක් විදියට ගත්තම මේ කොටසත් හොද තත්වයක තිබුනා. ඒ ගැන ගොඩක් සතුටුයි මොකද පහුගිය කාලයේ ඇරෝ කතාවේ ප්‍රසිද්ධිය අඩු වුනත් දැන් ඒක ආයෙමත් වැඩිගෙන එන නිසා. ඉතින් චේස් පැනලා ගිහින් ඉන්න වෙලාවක, ෆෙලසිටි හේලික්ස් එකත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ මොන වගේ දේවල් වෙයිද කියලා දැනගන්න මේ කොටස බලලා ඉමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1855 downloads