ඔන්න එහෙනම් අවසාන කොටස අරගෙන ආවා.සුපුරුදු පරිදිම දවස් දෙකක් පරක්කුයි.මම කතාමාලාවේ මුලදීම දැක්කා වැඩිය ප්‍රේක්‍ෂක පිරිසක් මේකට හිටියේ නැහැ. මං දන්නේ නැහැ ඒ ඇයි කියලා නමුත් මටනම් පලවෙනි සමයේ ඉදන්ම වගේ හිතට ඇල්ලුවා වගේම තිබුණා.ඒවගේම අවසාන කොටසත් ලස්සනට ඉවරයක් වුණා. ඒවගේම ඩවුන්ලෝඩ් කවුන්ට් එක තිබ්බෙත් සියක් වගේ එකෙනුත් කමෙන්ට් එකක් දාලා තිබුණේ කිහිපදෙනයි.මං දන්නේ නැහැ ඒ මගේ උපසිරැස වල මොකක්හරි අවුලක් හින්දද කියලා.තව මම ලිපියනම් ලියනවා එච්චර හරි නැහැ.සබ් එක කරාට පස්සේ ලිපිය ගහනවා කියන්නේ එපාම වෙන වැඩක්.ඒ ගැන මට සමාවෙන්න ඕනේ. කමෙන්ට් කිහිපයක් හරි දාලා මාව දිරිමත් කරපු කට්ටියට ස්තූතියි.කතාව පැත්තට හැරුනොත්,
නවවෙනි කොටස අවසානෙදි දකින්න ඇතිනේ රොමේරෝ නොර්මන්ව අරගෙන යනවා.ඒවගේම රොමේරෝට නොර්මන්ට කියන්නේ නොර්මාගේ මිනිය තියෙන තැනට එක්කගෙන යන්න කියලා.ඉතින් නොර්මන් රොමේරෝව එතැනට එක්කගෙන යනවා.අවාසනාවකට රොමේරෝට අත්වෙන්නේ හරිම නරක ඉරණමක්.ඒවගේම ඩිලන් නොර්මන්ව හම්බවෙන්න යනවා.එතැනදී ඉතින් එක් මරණයක් සිද්ධ වෙනවා.ඒ කවුද කියලා කියන්න යන්නේ නැහැ.අද අවසාන කොටස නිසා ඔයාලම බලලා දැනගන්න. තවත් උපසිරැසයකින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
75 downloads