Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dhayam (2017) with Sinhala Subtitles |සම්මුඛ පරීක්ෂණයයි! හෝරාවයි! මරණ…? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

අපි හැමෝගෙම ජීවිතේ එක එක විදියේ හීන තියෙනවා. අපි ඉන්න වයසත් එක්ක, මේ හීන, කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අධ්‍යාපන කටයුතු ඉවර කරපු කෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම හීනය තමයි, හොඳ රස්සාවක්. මේ රස්සාව කියන දේ අපිට නිකන්ම ලැබෙන්නෙ නැහැ. මුලින්ම අපි මේ රස්සාව සඳහා සුදුසුද කියලා පරීක්ෂණයකට භාජනය කරලා බලනවා. ඒ කියන්නෙ, සම්මුඛ පරීක්ෂණයක් තියලා තමයි, අපේ සුදුසුකම් විමසා බලන්නේ. නමුත්, ඔබ කවදාහරි අහලා තියෙනවද, ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙන සම්මුඛ පරීක්ෂණයක් ගැන? නැහැ නේද…? එසේනම්, ඔබ මේ සූදානම් වෙන්නේ, ඇඟ කිලිපොලා යන්නාවූ, අති බිහිසුණු සම්මුඛ පරීක්ෂණයක් සදහා සහභාගී වීම සඳහායි.

ඉන්දියාවේ අංක එකේ සමාගමක්… ආයතනයේ CEO තනතුර සඳහා එකම එක ඇබෑර්තුවක්… හිස් ශාලාවක් තුල තනි වෙන්නාවු අපේක්ෂකයන් අට දෙනෙක්… එකම එක කොන්දේසියක්… හෝරාවක් අවසානයේ, තම ජීවිතය සුරක්ෂිත කර ගනිමින්, අගුළු දමා ඇති ශාලාවෙන් පිටතට පැමිනෙන්නාවූ අපේක්ෂයා ආයතනයේ CEO තනතුර සඳහා වරම් ලබනු ඇත. කුමක්ද මේ සම්මුඛ පරීක්ෂණය? මෙය සම්මුඛ පරීක්ෂණයක්ද? නැත්නම් වෙනත් කූට උපක්‍රමයක්ද? නැතිනම්, වෙනත් යමක්ද? කාලය පියඹා යනවා… සිතාගත නොහැකි බිහිසුණු දෑ සිදුවෙනවා…අවසානයේ කවුරුන් නම් තම ජීවිතය බේරාගෙන, මෙම මහඟු තනතුර සඳහා උරුමකම් කියාවිද…?

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, මේ වර්ෂයේ මාර්තු මස 24 වෙනිදා, Thriller කාණ්ඩයෙන් තිරගතවීම ආරම්භ කරන ලද, කිසිම දවසක ඔබ විසින් නරඹා තිබිය හැකිය කියා නොසිතිය හැකි මට්ටමේ අරුම පුදුම චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි, කතාවේ ආරම්භක තත්පරයේ සිට අවසාන තත්පරය දක්වාම, “මේ වෙන්නේ මොකක්ද” කියලා කිසිම විදියකින් ඉඟියක් ලැබෙන්නෙ නැහැ. තවත් විදියකින් කියනවා නම්, කතාවේ ආරම්භයේදී අපිට හිතෙන්නේ මොකක්ද, එම අදහස නිමේෂයෙන් නිමේෂය වෙනස් කරමින්, කතාවේ අවසාන තත්පර කීපයේදී නොසිතූ කම්පනයක් මගින් ප්‍රේක්ෂකයා මොහොතකට නිසල කරමින්, චිත්‍රපටය නිමාවට පත්වෙනවා. සමහරවිට, චිත්‍රපටය ඉවරවෙලා සුළු මොහොතක් යනකම්, “මොකක්ද මේ සිද්ධවුණේ?” කියලා, ඔබට තේරුම් ගන්න බැරිවේවි.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න. හැබැයි, චිත්‍රපටය බලලා, ඔළුව විකාර වෙලා පිස්සන් කොටු යන්න වුනොත්, ඔන්න මං නම් වගකියන්නේ නැහැයි කියලා මුලින්ම කිව්වා

ගිහිල්ලා එන්නම්. තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමෝටම ජයවේවා!!!

Dhayam (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.im – Dhayam (2017)[540p HD – AVC – MP4 – 750MB – ESubs – Tamil]

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>