Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 08] with Sinhala Subtitles |ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද යාළුවනේ? ඔන්න 8 වෙනි කොටසේ උපසිරැසිත් ගෙනාවා. 7 වෙනි කොටස ආයෙමත් ටිකක් මතක් කළොත්, චෝයි වොන් එයාගේ ෆ්ලයිට් එක ඉවර වෙලා ගෙදර එනවා හා නාව හම්බවෙන්න. ඉතින් ඒ දෙන්නා පොඩ්ඩක් විනෝද වෙන්න යනවා. විනෝද වෙන අතරේ හා නාගෙ ඔෆිස් එකෙන් එයාට හදිස්සියෙන්ම එන්න කියලා කෝල් එකක් එනවා. ඉතින් හා නා අකමැත්තෙන් එතනට යනවා. ඔයාලා දැක්කනේ චෝයි වොන්ට එයා හා නාට ගෙනාව තෑග්ග දෙන්න බැරි වුණා. ඉතින් හා නා ගියහම ඇත්තටම ඒක චා සෝ හූ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සමරන්න සැලසුම් කරපු සාදයක්. ඉතින් ඒකෙදි හා නා හොඳටම බීලා අන්තිමට පාරේ කෙළින් යන්නත් බැරි වෙනවා. චා සෝ හූ එයාව ගෙදර අරගෙන යන්න ඇහුවත් හා නා කැමති නැහැනේ. එතකොටම චෝයි වොන් ඇවිල්ලා හා නාව ගෙදර අරගෙන යනවා.

ඔන්න ඊට පස්සේ හා නා, වොන්ගේ පිටේ ගෙදරටම යනවා. ඒ අතරේදී වොන්ට මේ වගේම එයාලාගේ ලස්සන මතකයක් මතක් වෙනවා. හා නා ගෙදරට ගිහින් පහුවදා උදේම එයා නැගිටිනකොට අම්මයි තාත්තයි මල්ලියි තුන් දෙනාම එයා දිහා බලාගෙන ඉන්නවා. හා නා ගෙදර එන්න බැරි තරම් බිව්ව එකට ඒ කට්ටියත් ඇනුම් පද කියනවා. හා නා පස්සේ දවසේ ඔෆිස් එකට යන්න ගියත් කළින් දවස නිසා ගොඩක් අමාරුයි. ඉතින් වොන් වැඩට එයාවත් කාර් එකෙන් දාගෙනම යනවා. ඔෆිස් එකට ගියාට පස්සෙත් එයා අපහසුවෙන් ඉන්නේ. ඔයාලා දන්නවනේ පළවෙනි කොටසේ හා නාගේ පෙම්වතා බැඳපු මින් ජි? එයා හා නාගෙන් උදව්වක් ඉල්ලනවා. ඉතින් ඔයාලාම බලන්නකෝ හා නා මොකක්ද කරන්නේ කියලා.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E08.150719.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>