ඔයාලා 8 වෙනි කොටස බැලුවද? කොහොමද හොඳයි නේද? ඉතින් අපි ආයෙමත් ටිකක් මතක් කර ගමුකො. වොන් තීරණය කරනවා. එයාට ලැබුණු අවුරුදු 2ක පුහුණු කාලයට යන්නේ නැතිව ඉන්න. ඒ වගේම එයා ආයෙමත් වතාවක් හා නාට එයා ගෙනාපු තෑග්ග දෙන්න උත්සහ කරනවා. එයාලා දෙන්නා හැමදාම හම්බවෙන තැනේදී. ඒත් හා නා එන්නේ නැහැ. ඒ චා සෝ හූ එයාගේ ප්‍රසංගය තියන්න හදපු එක කැන්සල් කරන නිසා. චා සෝ හූ, හා නාට එයාගේ නෝට් වගයක් දීලා ඒවා ගැන මතකයිනම් ආපහු එන්න කියනවා. ඒත් හා නා ඒවා ආපහු චා සෝ හූ ගාවට ගෙනිහින් එයාගේ මූණටම දමලා ගහනවා. කෙළින්ම හා නා ගෙදර යනවා. චෝයි වොන් හා නා එනකම් බලාගෙන හිටියත් එයා ආපු නැති නිසා එයත් ආපහු යනවා.
හා නා ආයෙමත් චාන්ඩි නමින් ව්‍යාපෘතියක් පටන් ගන්නවා වගේම ඒ ගැන සම්පූර්ණ වගකීම භාරගන්නවා. එයා ඒ ගැන කියන්න වොන්ට කතා කළත් එයා ෆෝන් එක ගන්නේ නැහැ. කළින් දවසේ රෑ හා නා එනකම් වැස්සේ තෙමීගෙන හිටපු නිසා වොන්ට හොඳටම උණ හැදීලා. මේක දැනගත්ත ගමන් හා නා වොන්ට එයා අතින්ම සුප් හදලා දෙනවා. ඒවා එච්චරම රසවත් නැති වුණත් වොන් ඒ ඔක්කොම කනවා. පහුවෙනිදා වෙනකොට වොන්ට සෑහෙන්න හොඳයි. ඒ නිසා එයා ව්‍යායාම කරන්නත් යනවා. වොන්, හා නා හදපු කෑම ඔක්කොම කෑවත් කියන්නේ ඔක්කොම විසි කළා කියලා. ඉතින් ඔයාලාම බලන්නකෝ මේ කොටසේ වෙන දේවල්.
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E09.150725.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
20 downloads