එහෙනම් ඔන්න මගේ විසි එක්වන උපසිරැසිත් ඔයාලට අරං එනවා. අප්‍රේල් මාසයේ චිත්‍රපට හතරකටම මං උපසිරැසි දුන්නා. මාසයක් ඇතුළත මං කරපු වැඩිම උපසිරැසි ගාණත් මේක තමයි. ඇත්තටම කරන්න හිටියේ Personal Shopper (2016) එකයි. ඒත් මේ කතාව 2017 දී ආපු නිසා මේක මුලින්ම කරන්න හිතුව. Personal Shopper එක ඊළඟට දෙන්නම්කෝ.
මුලින්ම මං විමා සහෝට ස්තූතිවන්ත වෙනවා මට මේක දුන්නට. ඊයේ උදෙන්ම මං මේක ඉල්ලුවම මට කරලා දෙන්න කිව්වා. ඉතිං මාත් වැඩි කාලයක් ගන්නේ නැතුව කරලා දැම්මා. එහෙනම් කතාවට යමු. මේ කතාව ඇත්තටම ටිකක් විතර වෙනස් කතාවක්. හැමදාම බලන සටන්, හොල්මන්, ආදර කතා, කාටුන් වලට වඩා එහා ගිය වෙනස්ම විදිහක කතාවක්. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝ එක බැලුවම මට හිතුණා කතාව හොඳ ඇති කියලා.
කතාවේ විදිහට ජේකොබ් කියන පිරිමි ළමයාගේ අම්මා (මල්විනා) මැරෙනවා. ජේකොබ් එයාගෙ අම්මට ගොඩක් ආදරෙයි. ඉතිං අම්මා මැරුණු දවසේ ඉඳලා ජේකොබ් කිසිම කෙනෙක් එක්ක වචනයක් වත් කතා කරන්නේ නෑ. අඩුම තරමේ තාත්තා, ක්ලෝස් (Marton Csokas) එක්කවත් කතා නෑ. ඉතිං තාත්තා තමන්ගේ පුතාව ආපහු කතා කරවන්න සෑහෙන උත්සහයක් ගන්නවා. වෙරේනා (Emilia Clarke) කියන්නේ ළමයි බලාගන්න නර්ස් කෙනෙක්. Me before You (2016) චිත්‍රපටයේ ඉන්නෙත් මෙයා තමයි. වෙරේනා ගෙයින් ගෙට ගිහින් ළමයින්ගේ ප්‍රශ්න විසඳනවා. ළමයින්ට හොඳ උනාම වෙන ගේකට යනවා. ඒක තමයි එයාගෙ රස්සාව. ඉතිං වෙරේනා අන්තිමට ජේකොබ්ගෙ ගෙදරටත් එනවා ජේකොබ්ව කතා කරවන්න.
ජේකොබ්ගෙ පුරුද්දක් තියනවා බිත්ති වලට කණ තියන් ඉන්න. එයාට එයාගෙ මැරුණු අම්මා බිත්ති ඇතුළින් කතා කරනවා ඇහෙනවා. ඉතිං හැමෝම වගේ හිතන්නේ ජේකොබ් මානසික ලෙඩෙක් කියලා. වෙරේනා පුළුවන් හැම විදිහකටම උත්සහ කරනවා ජේකොබ්ව මේ පුරුද්දෙන් මුදවලා ආපහු සාමාන්‍ය ළමයෙක්ගෙ තත්වයට ගේන්න. ඔයාල හිතන්නේ මොකද? ජේකොබ් කතා කරයි ද? නැද්ද?
කතාව ඇත්තටම හරිම සංවේදී මට්ටමක තියනවා. හෝව් හැබැයි පොඩි දෙයක්. වෙරේනා නිරුවතින් ඉන්න සීන් එකකුත් තියනවා. ඒක බලලා ඔයාල සංවේදී වෙන්න එපා. ඊට පස්සේ චිත්‍රපටය බලන එක නවත්තලා වෙන වෙන දේවල් කරයි. චිත්‍රපටය නිකුත් වෙන්නේ අප්‍රේල් මාසයේ ඇමෙරිකාවේදී. Eric D. Howell කියන අධ්‍යක්ෂකවරයා, Silvio Raffo කියන ඉතාලි ජාතික නවකතා රචකයා මේ නමින් ලියපු කතාව පාදක කරන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. සමහර ඉතාලි දෙබස් මට වෙනමම පරිවර්තනය කරන්න උනා. Mystery, Drama කාණ්ඩයට වැටෙන මේ කතාවේ IMDb අගය 5.7 ක් වෙනවා.
එහෙනම් මේක බලන්නකෝ. හිතනවා වෙනස් ආරෙක සිනමා අත්දැකීමක් ඔයාලට ලැබෙයි කියලා.
එහෙනම් නැවත හමුවෙමු.! හා ද?
Due to copyright issues, we do not provide any torrent links.
Voice.from.the.Stone.2017.720p.WEB-DL.x264-NBY
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB DLපිටපත් සඳහා අදාළ වේ.
480 downloads