ඉතින් කොහොමද ඔයාලට, ටික කාලෙකට පස්සේ ඔන්න මම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. ඔයාලා බලලා තියෙනවනේ පිටසක්වලයින්ගෙන් පෘථිිවිය ආක්‍රමණය කරන්න හදන චිත්‍රපට. මේකත් ඒ වගේ චිත්‍රපටයක් තමයි. ස්කින්වෝල්කර් කියන ගොවිපලේ සිදු වු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ. කතාව මෙහෙමයි වෙන්නේ.
ස්කින්වෝල්කර් කියන ගොවිපලේ ජීවත් වන පුංචි පවුලක් තියෙනවා. ඒකේ ජීවත් වන කෝඩි කියන ළමයගේ උපන්දිනේ දවසේ කෝඩිගේ තාත්තා ඔහුව පුදුම කරන්න තෑගි අරන් එනවා. ඉතින් ඒ දවසේ තමයි මේ සිදු වීම වෙන්නේ. කෝඩියි ඔහුගේ අම්මයි තාත්තයි ඔවුන්ගේ වත්තේ සෙල්ලම් කර කර ඉන්න කොට කෝඩිව එකවරම අතුරුදහන් වෙනවා. කෝඩිගේ තාත්තටයි අම්මටයි හිතාගන්නත් බැරි වෙනවා මොකක්ද එකපාරම උනේ කියලා. ඉතින් මේ ගැන පරීක්ෂණ කරන්න MDE (නූතන ආරක්ෂක ආයතනය) විසින් ඒ ගොවිපලට යනවා. ඉතින් එහිදී ඔවුන්ටත් එක එක සිදුවීම් වෙනවා. ඉතින් මේ ගැන තමයි චිතප්‍රටය පැයයි විනාඩි 20 ක් තුළ යන්නේ.
IMDb රේටිංග්ස් වල 5.1 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටය 2013 ඔක්තෝබර් 30 තමයි ඇමරිකාවේ මුලින්ම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඩෙවින් මැක්ගින් කියන අධ්‍යක්ෂරවයා යටතේ නිර්මාණය උනු මේ චිත්‍රපටයේ ඔහුත් ප්‍රධාන චරිතයක් රඟපානවා, ඒ වගේම ස්ටීව් බර්ග්, එරින් කැහිල්, ජෝන් ග්‍රයිස්, කයිල් ඩේවිස් යන අය තමයි රඟපාන්නේ. ඉතාමත් අත්භූත සිදුවීම් රැසක් මේ ප්‍රදේශයේ සිදු වෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ එක් සිද්ධියක් පමණයි. එහෙනම් මේ චිත්‍රපටය රස විඳින්න කියලා කියමින් තවත් චිත්‍රපටයකින් ඉක්මනින් හමුවෙනතුරු ගිහින් එන්නම්.
ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Skinwalker Ranch [2013] HDRip XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
107 downloads