ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු අට වන උපසිරැසිය තමා මේ අරගෙන ආවේ. ටිකක් විතර දුක් විඳලා හදාගත්ත සබ් එකක් කිව්වොත් හරි. මොකද මේකේ අමුතු තාලේ ඉංග්‍රීසි වලින් යුගල ලයින් එක්දහස් දෙසීයක් වගේ තියනවා. ඒ කියන්නේ තනි ලයින් විදියට ගත්තොත් ලයින් දෙදහස් හාරසීයක්. එත් ඉතින් කොහොම හරි IMDb අගය 6.1 වෙලා තියන Action, Adventure, Comedy ගණයට අයිතිවෙන මෙම විශේෂ චිත්‍රපටය ඔයාලට අරගෙන ආව. මේක ඇනිමේෂන් නෙවි. ඒවගේම සෙල්ලම් බඩු උනත් බාල වැඩිමල් ඔක්කොටම බලන්න පුළුවන් චිත්‍රපටයක් කිව්වොත් හරි. ඔය යුද්ද ගැන තියන චිත්‍රපට බලන්න කැමති යාලුවන්ට මේක නියමෙට ගැලපේවි.
කතාව පටන් ගන්නේ හමුදාව වෙනුවෙන් නිර්මාණය කරපු මයික්‍රෝචිප් යොදාගෙන කමාන්ඩෝ සෙබළුන් වගේ සෙල්ලම් බඩු නිර්මාණය කිරීමත් එක්ක. ඒවගේම සතුරන් විදියට සත්තු වගයකුත් නිර්මාණය කරනවා, කොහොමින් හරි වෙළඳ පලට නිකුත්වෙන්න කලින් ළමයෙක් අතට පත්වෙන මේ සෙල්ලම් බඩු ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඊට පස්සේ ඇත්ත යුද පිටියක් තමයි. ගෙවල් දොරවල් විනාශ වෙන අතරේ ළමයිගේ වගේම ඔවුන්ගේ දෙමව්පියන්ට පවා හානි වෙනවා. ඉතින් මේ පොඩි ටර්මිනේටර්ලා වගේ සෙල්ලම් බඩු එක්ක කරන යුද්දේ තමා මේ චිත්‍රපටය. ඔයාලට මේක බැලුවොත් වෙනස තේරේවි.
මම ඊළඟට දෙන්න හිතන් ඉන්නේ ටිකක් විතර වෙනස් කතාවක්. මම හිතන්නේ මම කලින් ඔයාලට ඒ ජාතියේ කතාවක් දීල නැ. ඔය ඇඩ්වෙන්චර් ට්‍රිප් යන්න කැමති යාළුවො එහෙම බලන්න ඕන කරන චිත්‍රපටයක් වෙන එකත් අරගෙන එන්නම් ඉක්මනට. ගිහින් එන්නම් එහෙනම්.
බුදු සරණයි..
Due to copyright issues, we do not provide any torrent links.
Small.Soldiers.1998.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
47 downloads