නිවාඩු දවස් දෙකක් අහුවුනු නිසා ගෙදර හිටියේ නෑ. ඉතින් මේක කරන්න වෙලාවක් වෙන් කරගන්න බැරිවුනා. පමාවට සමාවෙන්න ඕන. මම කතාව ටිකක් මතක් කරලා දෙන්නම්..
කලින් සතියේ ඔයාලා දැක්කා ජේම්ස්ගේ මාමා ෆ්රැන්ක් එයාගේ ඉස්සරහම වෙඩි තියාගෙන මැරුණා. ඒ ජේම්ස්ට අධිකරණය ඇතුලට යන්න අවස්ථාවක් අරගෙන දෙන්න. එතකොට බෘස්ගේ ක්ලෝනය බෘස්ගේ ගෙදරට ඇවිත් ඉන්නේ. ඇල්ෆ්රඩ්ට නම් තවම් දැනිලා නෑ වගේ මේ ඉන්නේ බෘස් නෙමෙයි කියලා. එතනින් ගියාම අධිකරණය නගරය විනාශ කරන්න මොකක්හරි ආයුධයක් ගෙනාවා. ඇත්තටම මේක මොකක් වෙන්නැතිද. ආයුධයක් කිව්වාට ඒක මිනිස් ආයුධයක් වෙන්න ඕන. මොකද මේක ගෙනාවේ ඉන්දියන් හිල් වලින් නිසා..
ඉතින් තේරවිලි කියන්නා – රිඩ්ලර් එහෙම නැත්නම් එඩ්වඩ් නිග්මා ගිය සතියේ නම් පේන්න හිටියේ නෑ. ඒ උනාට ඔන්න මේ සතියේ නම් ආයේ එලියට එනවා. ඉතින් ගෝඩ්න් අධිකරණයේ කැත්‍රින් එක්ක කතා කලාම කැත්‍රින් කියනවා එයාගේ පක්ෂපාතීත්වය ඔප්පු කලොත් තමයි එයාව බඳවගන්නේ කියලා. මේ කොටස අවසානයේ ඒක ගෝඩ්න්ට කරගන්න පුලුවන් වෙනවා. එතකොට බෘස්ගේ ක්ලෝනය යනවා සෙලීනාව මුණගැහෙන්න. එතනදී එයා සෙලීනාව උඩ තට්ටුවේ ඉඳන් ජනේලයෙන් එලියට තල්ලු කරලා දානවා. සෙලීනාට මොකක් වෙයිද කියලා ඊලඟ සතියේ තමයි බලාගන්න වෙන්නේ. එහෙනම් ඉතිරි හරිය ඔයාලා බලන්න. ගිහින් එන්නම්. ජය!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
464 downloads