සබ් එක ගොඩක් පරක්කු වුනා නේද? ඒවා ඉතින් ගනන් ගන්න එපා. වෙසක් නේ, හැම තැනම දන්සල් නේ, අපිත් ඉතින් කනවා බොනවනේ. ඔන්න ඉතින් පරක්කු වෙලා වුනත් ඔයාලා ආස කරන සුපුරුදු කතාව අරගෙන මම ආවා. අපි ඉක්මනින් ගිය සතියේ කොටස මතක් කරගෙන ඉමු.
ඉතින් ෆ්ලෑෂ් ටිම් එකට උදව් ගන්න පුලුවන් එකම කෙනා ට්‍රේසි බ්‍රවුන් කියලා අනාගත ෆ්ලෑෂ් වර්ථමාන ෆ්ලෑෂ්ට කිවානේ. ඉතින් අවසාන තුරුම්පුව විදියට එයාලා ඒක පාවිච්චි කරන්නයි හදන්නේ. හැබැයි ඉතින් ට්‍රේසි සැවටාර්ව ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කරන්නේ අනාගතයේදියි. ඒක ඉක්මන් කරලා වර්ථමානයේදිම ඒක කරන්නයි හදන්නයි මෙයාලා හදන්නේ. ඉතින් මුලින්ම එයාලා එයාව හොයාගෙන යනවා. හැබැයි ඉතින් එයා තවමත් ඉස්කෝලෙක ඉගෙන ගන්න ළමයෙක්. කොහොම වුනත් එයාට ඉස්කෝලෙ කාලයේ ඉදන්ම ස්පීඩ් ෆෝර්ස් එක ගැන අදහස් තිබිලා තියෙනවා. හැබැයි ඉතින් ඒවා පිස්සු කියලා තමයි ඉස්කෝලයෙන් හිතාගෙන ඉන්නේ. ඉතින් එයා ඒ ගැන ගොඩක් කලකිරිමෙන් ඉන්නේ. කොහොම හරි මේ අතරතුර මෙතනට කිලර් ෆ්‍රොස්ට් මෙතනට කඩා පනිනවා. වෙන මොකටවත් නෙවෙයි ට්‍රේසිව මරලා දාන්න. බෙරි එතන හිටපු නිසා ඒ දේ නම් එයාට කරන්න බැරි වෙනවා. හැබැයි එකපාරක් නෙවෙයි දෙපාරක්ම එයාව මරන්න හදනවා. ඉතින් ඒ නිසා ෆ්ලෑෂ් ටිම් එක එයාට ඇත්ත කතාව කියනවා. කියලා එයාට ඒ උපකරණය ඉක්මනින් හදන්න කියනවා.
මුලින්ම ට්‍රේසිට මේ දේවල් දරාගන්න ගොඩක් අමාරුයි. මොකද එයා අනාගතයේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලත් තියෙනවානේ. කොහොම හරි එයා ඒ වැඩේට කැමති වෙනවා. මේ හැමදේම වෙන අතරේ ජෝගෙයි සෙසිල්ගෙයි ආදර කතාවට ටික ටික කන කොකා හඩනවා. මොකද ජෝ එයාගෙන් මොනවා හරි හංගනවා කියලා සෙසිල්ට තේරෙනවා. මේ වෙලාවේ තමයි කිලර් ෆ්‍රොස්ට් සෙසිල්ව පැහැරගන්නේ. එයාව බේරාගන්න නම් ට්‍රේසිව බාරදෙන්න ඕනි කියනවා. ඉතින් ෆ්ලෑෂ් ටිම් එක උගුලක් අටවලා එතනට ගිහින් කිලර් ෆ්‍රොස්ට්ව හම්බවෙනවා. හැබැයි ඉතින් එතන වෙන හැමදේම ගැන කේට්ලන් දැනගෙනයි එන්නේ. මොකද සැවටාර් එයාට ඒ වෙන හැමදේම කියන නිසා. කොහොම හරි සිස්කෝ නිසා එයාලට කිලර් ෆ්‍රොස්ට් නවත්වන්න පුලුවන් වෙනවා. ඒ වෙලාවේ තමයි සැවටාර් ඇවිත් කිලර් ෆ්‍රොස්ට්ව එතනින් බේරාගෙන යන්නේ.
මේ හැමදේකටම පස්සේ ජෝ තිරණය කරනවා එයාගේ ජිවතයේ හැමදේම ගැන ඇත්ත සෙසිල්ට කියන්න. එතනින් එයාලගේ ආදර කතාව පටන් ගන්න. ඔය අතරේ බෙරීට දෙයක් තේරෙනවා. එයාට වෙච්ච දේවල් එකින් එක මතක් වෙනවා. එයාට නිකන්ම තේරුම් යනවා මේ සැවටාර් කියන්නේ කවුද කියලා. එයා ඉතින් සැවටාර් හම්බවෙන්න යනවා. ගිහින් එයා ගැන දන්නවා කියලා කියනවා. ඒ වගේම සැවටාරුත් එයාගේ ඇදුම ගලවලා ඇත්තටම ඇතුලේ ඉන්නේ කවුද කියලා බෙරීට පෙන්වනවා. හැබැයි ඉතින් කවුරුවත් නොහිතපු විදියට ඒ ඉතින් වෙන කවුරුවත් නෙවෙයි බෙරීමයි. මේ බෙරී කවුද කියලා දැන් ඉතින් ඔයාලා ගොඩක් කුතුහලයෙන් ඉන්නවා නේද? ඒ ගැන දැන්න මේ කොටස බලලා ඉමු… . .^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E21.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3426 downloads