Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Confidential Assignment (2017) AKA Gongjo with Sinhala Subtitles |උතුරු-දකුණු හවුල් විමර්ශනය [සිංහල උපසිරැසි සමඟ] (50)

$
0
0

ආයුබෝවන්!

ඔන්න ඉතින් මම අද මගෙ 50 වෙනි සිංහල උපසැරසිය තමයි අරගෙන ආවෙ.කොරියන් චිත්‍රපටි බලන අයනම් මාව දන්නව ඇති ඒත් අනිත් අයනම් වැඩිය දන්නෙ නැතුව ඇති.මොකද මම එක ඉංග්‍රීසි ෆිල්ම් එකක්වත් නොදුන්න නිසා.

මමත් හුඟක් අය වගේම ඉස්සර කොරියන් ෆිල්ම් බලල තිබුණෙ නෑ.බලන්න උවමනාවක් තිබුණෙත් නෑ.මොකද ටීවී එකේ එහෙම හෙන බොලඳ රොමෑන්ටික් කතා විතරක්ම දැකල තිබුණ නිසා මං හිතාගෙන හිටියෙ හැම එකක්ම එහෙම වෙන්න ඇති කියලා. ඒත් 2014 දවසක මම නිකමට “A Hard day 2014” කියන කොරියන් චිත්‍රපටිය බලන්න ගත්තා. මේක පටන් ගද්දිම හෙන ගතියක් තිබුණා.ත්‍රාසජනක වලට අයත් එකක් තමයි ඒක.ඒක බලාගෙන ඉද්දි මේකෙ ගහගද්දි එහෙම හපාගෙන විකාගෙන තමයි ගහ ගත්තෙ.මට හිතුන මේ චිත්‍රපටිය කොච්චර තාත්විකව කරල තියෙනවද කියලා.ඉතින් මම නිකමට ඒකෙ imdb අගය හොයල බැලුව.බලනකොට 6 යි හම්බෙලා තියෙන්නෙ.එච්චර පට්ට ෆිලුමකට හම්බෙණේ 6 ක් නම්, ඊට වැඩි අගයක් තියෙන ෆිල්ම් කොහොමට ඇද්ද කියල හිතුනා.ඊට පස්සෙ මං තව තව ෆිල්ම් හොයාගෙන බලන්න ගත්තා.මේව බලද්දි මට පුදුම හිතුන ඇයි මං මෙච්චරකල් කොරියන් නොබල හිටියෙ කියලා.

ඒ දවස්වලම  මං දැනගත්ත “Ek Villain 2014” හින්දි චිත්‍රපටියත් කොරියන් ෆිල්ම් එකකින් කොපි කරපු එකක් කියලා.ඉතින් මං “I Saw The Devil 2010” කියන ඒකත් ඩව්න්ලෝඩ් කරල බැලුවා.ඒක හින්දි එක වගේ රොමෑන්ටික් නෑ.තනිකර 18 +. මං පළවෙනි වතාවට තමයි කොරියන් 18+ චිත්‍රපටියක් දැක්කෙ.ඒකෙ තියෙන ඒව දැක්කම මට තවත් පුදුම හිතුණා.ඉතින් මම බයිස්කෝප් වෙබ් අඩවියෙ තියෙන සේරම කොරියන් චිත්‍රපටි ඩව්න්ලෝඩ් කරගෙන බලන්න පටන් ගත්තා.ඒත් ඒව බලල ඉවර කරාම අළුතෙන් කොරියන් චිත්‍රපටියක් එනකල් හුඟක් කල් බලන් ඉන්න වුණා. මොකද වැඩිය කොරියන් වලට උපසැරසි වැටෙන්නෙ නැති නිසා.ඉතින් මම ගූගල් එකෙන් ෆිල්ම් හොයාගෙන ඉංග්‍රීසි සබ් එක්ක බලන්න ගත්තා.ඉතින් මෙහෙම බලද්දි මට හිතුනා මම වගේ තවත් කොරියන් චිත්‍රපටි බලන කීප දෙනෙක් හරි ඇතිනෙ. ඒ අයත් මේ චිත්‍රපටි බලන්න වටිනවා කියලා.ඉතින් 2016.. ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ ජූනි මාසෙ ඉඳන් කොරියන් චිත්‍රපටි 05 කට සබ් කරා.

ඒ කරල බයිස්කෝප් එකට මැසේජ් කරාම සමන් ප්‍රසාද් සහෝදරය මට උපදෙස් දුන්න මොකද කරන්න ඕනෙ කියල.ඉතින් එයාගෙ උදව් වලට ස්තූති වෙන්න මගෙ පළවෙනි උපසැරසිය 2016 ජූලි 05  බයිස්කෝප් වෙබ් අඩවියෙ පලවුණා. “The Huntresses 2014” තමයි මගෙ පළවෙනි උපසැරසිය වුණේ. ඉතින් හුඟක් අමාරු වුණත් උපසැරසි කරන එකේ ගතියක් තිබුණා. ඒ නිසා මම දිගටම උපසැරසි කරන්න ගත්තා.මේ වෙනකොට කොරියානු චිත්‍රපටි 37 කුත්,  01 චීන චිත්‍රපටියකුත්, එපිසෝඩ් 12 ක කොරියානු ටෙලි නාට්‍යකටත් සිංහල උපසැරසි කරල තියෙනවා. ඒ අතරින් “The Wailing 2016” , “Pandora 2016” , “Fabricated City 2017” වගේම තව හුඟක් ප්‍රතිචාර ලැබුණු චිත්‍රපටි තියෙනවා. ඒවට හුඟක් ප්‍රතිචාර ලැබුණ වගේම තමයි මම කරෙත් අඳුරු පැත්තට බර ඒ කිව්වෙ අපරාද පැත්තට බර ලේ හලාගන්න වර්ගෙ චිත්‍රපටි. ඒ නිසා මම වෙනසක් කරා කියල හිතනවා..

ඉතින් මම මේ ලිපියෙන් මට මූණට හම්බෙලා නැතත් මට උදව් කරපු සහ මාත් එක්ක සම්බන්ධ වුණ සමන් ප්‍රසාද්, අසංක ප්‍රදීප්, ශාන් විමුක්ති, රොයිලි සහෝ , සිසිල ප්‍රසාද් ඇතුළු බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙ කාර්‍ය මණ්ඩලයත් නිතරම කමෙන්ට් කරල සහ ෆේස් බුක් හරහා මට හයියක් වුණ මිතුන් සහෝ හිරුණි නංගි , ගයාන් අයියා , අසිත සහෝ ඇතුළු අනෙක් හැමදෙනාමත්. (හුඟක් අය ඉන්නව එහෙම කියද්දි නම්.. සමාවෙන්න ඕනෙ අනිත් අයට.) කොහොම හරි මේ හැමදෙනාවම මම මතක් කරනව වගේම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මං කියන්න කැමතියි මට පුළුවන් තරම් කාලයක් මෙහෙම සිංහල උපසැරසි කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගෙ ප්‍රතිචාර සහ සහයෝගත් එක්කම. ඒ වගේම මම දීපු චිත්‍රපටි අතරින් ඔයාල කැමතිම චිත්‍රපටිය මොකක්ද කියල යටින් කමෙන්ට් කරගෙන ගියොත් ඒක මට ලොකු සතුටක් වේවි..මං ඉල්ලන්නෙ එච්චරයි.

හරි ඉතින් මම අද අරගෙන ආපු කතාව ගැන දැන් කියන්නම්.  මේක 2017 පෙබරවාරි 03 තිරගත වුණ ඇමරිකන් ඩොලර් මිලියන 56.4 ක ඉහළ බොක්ස් ඔෆිස් ආදායමක් උපයන ලද IMDb 6.4 ක අගයක් අරගෙන drama/action ගනයට වැටුනු චිත්‍රපටියක්. ක්‍රියාදාම අතින් නම් අඩුවක් නෑ.මුල ඉදන්ම බලාගෙන ඉන්න පුළුවන් ඉවරයක් වෙනකල්ම.ඒ ගැන සහතිකයි. ඉම් චොල් ර්යොන්ග් (Hyun Bin) කියන්නෙ උතුරු කොරියානු ඉහළ පුහුණුවක් ලබපු පොලිස් නිලදාරියෙක්.චිත්‍රපටිය පටන් ගන්නෙ උතුරු කොරියාවෙ වෙන මෙහෙයුමකින්.මෙයා සහ කණ්ඩායම හොර නෝට්ටු ගහන කර්මාන්ත ශාලවක් වට කරන්න යන්නෙ මෙයාගෙ ලොක්ක කියන දේ අහන්නෙ නැතුව.එතන්ට ගියාම තේරෙනව මෙයාගෙ ලොක්කා චා ගි සන්ග් (Kim Joo-Hyuk) එයාලට ද්‍රෝහි වෙලා මේ නෝට්ටු පිටපත් කරන පලක ටික අරන් යන්නයි ඇවිත් තියෙන්නෙ කියලා.චොල් ර්යොන්ගෙ කණ්ඩායමම එතනදි චා ගි සන්ග් මරනවා.චොල් ර්යොන්ගෙ නෝනවත් එක්කම.ඒත් මොකක් හරි හේතුවකට චොල් ර්යොන්ව මරන්නෙ නෑ.ඒ පලක ටිකත් අරගෙන චා ගි සන්ග් දකුණු කොරියාවට පැනල යනවා.

ඉතින් උතුරු කොරියාවෙ පොලිසිය ඒ ගැන හන්ගලා දකුණත් එක්ක විධායක සාකච්චාවක් කරන විදියට දකුණු කොරියාවට කණ්ඩායමක් එවනවා.ඒ අතර චොල් ර්යොන්ග්නුත් ඉන්නවා.එයා එන්නෙ චා ගි සන්ග්ව අල්ලගෙන පලක ටික ගන්න වගේම එයාගෙ පලිය ගන්න. ඉතින් දකුණෙ අයට කියන්නෙ මේ මනුස්සයා මිනීමැරුමක් කරල පැනල ආපු අපරාදකාරයෙක් කියලා.ඒ නිසා දකුණෙ පොලිස් නිලදාරියෙකුත් මෙයාට එකතු වෙනවා. ඒ තමයි කන්ග් ජින් ටේ (Yoo Hae-Jin).මෙයා කරන හැම වැඩක්ම අනාගත්තු පොලිස් නිලදාරියෙක්.මෙයා බිරිදයි නෑනයි දුවයි එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්.මෙයා තවත් වැඩක් අනාගත්තු නිසා මාස 03 කට වැඩ තහනම් කරනවා. ඒත් එයාගෙ යාළුවෙක් ඉහළින් ආපු නියෝගෙකට අනුව එයාට වැඩක් භාර දෙනවා. ඒ තමයි උතුරෙන් එන පොලිස් නිලදාරියෙක් එක්ක එකට වැඩ කරන්න.එයා ගැන ඇහැ ගහගෙන උදව් කරනව වගේ රඟපාන්න කියල තමයි කියන්නෙ. ඉතින් මේ දෙන්න අතර මුලදි මුලදි ප්‍රශ්න ඇති වෙනවා. “The Long Way Home 2015”  චිත්‍රපටියෙ වගේ.බලපු අයට මතක ඇතිනෙ.ඒත් පස්සෙ පස්සෙ දෙන්න එකට වැඩ කරන්න පටන් ගන්නවා.මං ඉතින් මෙතනින් කතාව නවත්තන්නම්.ඔයාල බාගෙන බලන්න.

මං දීපු ඕනෙම චිත්‍රපටියක ඩිරෙක්ට් ලින්ක් ඕනෙ නම් මට ෆේස් බුක් හරහා මැසේජ් එකක් දාන්න. (chamal kalum athapaththu. ඉතින් අදට මං ගිහින් එන්නම් තවත් උපසැරසියක් අරගෙන…

බුදු සරණයි!

Confidential Assignment (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Confidential.Assignment.2017.720p.HDRip.H264-FILMKU.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>