ඔන්න ගෙනාවා ලාස්ට් කින්ඩම් අටවැනි කොටස හෙවත් මේ කතාමාලාවේ අවසන් කොටහ. සමාවෙන්න ඕන හිතුවට කාලයක් මේක පරක්කු වුන එකට. අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.
එරික් සහ සිග්ෆ්‍රිඩ්ගේ මහා හමුදාව ටිකෙන් ටික ගොඩ නැගෙනවා.. ඇල්ෆ්‍රඩ් කප්පම් ගෙවනවා කියන්නේ මර්සියාව මෙන්ම වෙසෙක්ස් යන රාජ්‍ය දෙකම යටත් කරගන්න තරම් සේනාවක් උතුරුවැසියන්ට ලැබෙනවා කියන එක. මේකට බොහෝ දෙනෙක් අකමැති වුනත් රජතුමාගේ තීරණයට හැමෝම එකග වෙනවා එක් පුද්ගලයෙක් හැර. ඒ තමයි ඔඩා. ඉතින් ඔඩා තමන්ගේ බිම්පලාතට අයත් සේනාවත් අරන් යුධයට යනවා. ඇල්ෆ්‍රඩ් තමන්ගේ සහ මර්සියාවේ සේනාව එක්කගෙන යනවා ඔඩාව නවත්තන්න.
මේ අතරේ උත්‍රඩ්ගේ උත්සාහය එතෙල්ෆ්ලෙඩ් සහ එරික් දෙන්නට පැනලා යන්න උදව් කරන්න. නමුත් ඒ වැඩේ ලේසි වෙන්නේ නෑ මොකද බෙම්ෆ්ලේට්වල පූර්ණ පාලනය සිග්ෆ්‍රිඩ් නතු කරගෙන නිසා. එහෙමනම් අපි බලමු උත්‍රඩ්ට යලිත් වරක් වෙසෙක්ස් බේරගන්න පුළුවන් වෙයිද කියලා.
මෙහි තෙවන කතාසමයක් එනවද නැද්ද කියලනම් තවම ස්ථිරවම ප්‍රකාශ කරලා නෑ. හැබැයි එහෙම ආවොත් සමහරවිට බයිස්කෝප් අඩවියෙන් ඔබට කවුරු හෝ උපසිරසි ලබා දෙයි. මටනම් ඒ කාලෙට කරන්න පුළුවන් වෙයිද කියලා කියන්ට බෑ ඉතින්. එහෙමනම් මෙතෙකින් ලාස්ට් කින්ඩම් දෙවැනි සමය අහවරයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
The.Last.Kingdom.S02E08.baiscopelk (127 downloads)