Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E22] with Sinhala Subtitles |ලෝක විනාසය.. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න ඉතින් ශීල්ඩ් 4 වෙනි කතා මාලාවෙ අවසන් කොටස තමා මේ අරන් එන්නෙ. මේක ටයිප් කරනකොට වෙලාව පාන්දර 2.05 යි. ඉතින් ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ඇඩ්මින්ලා අවදියෙන් හිටියොත් ඔයාලට සබ් එක ඉක්මනට ලැබිලා තියෙයි..

පහුගිය සුමානෙ මතකනෙ, ඔව් අන්තිමට ගෝස්ට් රයිඩර් ආපහු මතුවුනා. හැමෝම වගේ මාත් බලන් හිටියෙ ගෝස්ට් රයිඩර් ආපහු එනකන්. ඔයාලා දකින්න ඇතිනෙ එයිඩා සම්පූර්ණයෙන්ම මනුස්සයෙක් බවට පරිවර්තනය වෙලා. හැබැයි ඉතින් මෙයාට ලැබෙන දැනෙන සේරම හැගීම්, දැනීම් සියල්ලම අළුත්ම අත්දැකීමක්. අපිට නම් පොඩි කාලෙ ඉදලා ඒවා පුරුදු වුනාට එක පාරටම වැඩි මහල් පුද්ගලයෙකුට ඒ හැගීම් දැනීම් දැනෙන්න ගන්නකොට කොහෝමට තියෙයිද? ඔව් සමහර ඒවා පාලනය කරගන්න බැරිවෙනවා. තරහව, විරහ, කේන්තිය ඔය වගේ. එයිඩට වෙන්නෙත් ඒකමයි. ගෑණිට විරහව පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් මිනි මරන්න පටන් ගන්නවා. ඒකටම හරියන්න අයිවනෝව් හාදයා මිනිහ වගේ බර ගානක් රොබෝලා හදලා. ඒ සේරම පාලනය කරන්නෙ මිනිහගෙම මොලෙන්.

එයිඩා නිකන්ම මනුස්සයෙක් වෙලා විතරක් නෙවෙයි. එක එක බලයනුත් තියෙනවා. ඒ කියන්නෙ ෆ්රේම්වර්ක් එකේදි එයිඩා මනුස්සයෙක් වෙන්න විතරක් නෙවෙයි එයාටම කියලා බලන් ලබා ගන්නත් වැඩ කරලා තියෙනවා. ඒ නිසා තමයි හයිඩ්‍රා එක ෆ්රේම්වර්ක් එකේ පිහිටුවලා ඉන්හියුමන්ලව දඩයම් කරන්න පටන්ගෙන තිබිලා තියෙන්නෙ. ඒ එයාලගෙ බලයන් ගන්න.. මැක් තවමත් ෆ්රේම්වර්ක් එකට වෙලා ඉන්නෙ. ඉතින් යෝ-යෝ ට මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් හැමෝටම හොරෙන් යෝ-යෝ ෆ්රේම්වර්ක් එකට ප්ලග් වෙනවා. දැන් ඉතින් ගෑණිටනම් මොකවත් හිතා ගන්න බැරුව ඇති. ඒ වගේම තමයි ෆ්රේම්වර්ක් කලබගෑනිය හින්දා ජෙෆ්රි මේස්ගෙ ජීවිතේ නැතිවෙනවා. ෆිට්ස් ඒකටනම් ඉන්නෙ ලොකු පසුතැවීමකින්.. ඉතින් තවත් මම කියන්න යන්නෙ නෑ. ඔය කිව්වෙ පහුගිය සුමානෙන් ටිකක්. මේ සතියෙ කොටස බලන්නකො. අනිවා ඉතින් ගෝස්ට් රයිඩර් වැඩට බැහැලා ඉදියි. නැතුව නේද? නිකමට ආවා නෙවෙයිනෙ. අනිවා කෝන්තර පිරිමහන්නනෙ. අපි බලමු එයිඩගෙ කතාවත් ගෝස්ට් රයිඩර්ම අවසන් කරාවිද කියලා.

මම මේක කියන්නම ඕන. ඔය හැමෝම දන්නව වගේ මේ කතා මාලාව ප්‍රණීත් චින්තක රණසිංහ අයියගෙ. එයා තමයි මේ සීසන් එකෙත් වැඩි බරක් ඇද්දෙ. කොහොම නුමුත් එයාට වැඩා රාජකාරි නිසා වෙන්නැති ගානට වෙලාවට දෙන්න බැරිවුනේ. නැත්නම් දන්නවනෙ සබ් මැෂිමක්.  ඉතින් මං මේකට පටලැවුනේ කොහොමද කිව්වොත්, මං විමාගෙන් ඉල්ලුවෙ වෙන සීරියස් එකක එකම එක කොටසක්. ඉතින් එතකොටත්, ඒක සම්පූර්ණයෙන්ම වෙන් කරගෙන බං, පුළුවන්නම් ශීල්ඩ් එකේ අළුතින් ආව කොටහා කරලා දියන් කිව්වා. ඉතින් ඒක කරලා දුන්නා. පස්සෙ අවසානයක් වෙනකන් කරන්න වුනා. නැත්නම් බලෙන් ඉල්ලගෙන කලා නෙවෙයි. ඉතින් පුළුවන් උපරිමයෙන් මම සබ් එක කලා.  ප්‍රණීත් අයියගෙ සබ් තරම්ම නම් හොදට තිබ්බද දන්නෙ නැ. මොකද ඉතින් එයාගෙ අමුතු වචන සෙට් එකත් එක්ක රහට කරනවනෙ. මමත් පෞද්ගලිකව කැමතිම උපසිරැසි කරුවෙක්. බලන පිරිසගෙන් අනිවා 25-35 ත් අතර පිරිසක් හැමදාම වගේ කොමෙන්ටුවක් දාලා සහය දුන්නා. ඔව් අනිවාර්යයෙන් බාගත කිරීම් 1300 පනිනවා. ඒත් අදහස් දැක්වීම අතින් නම් අන්තිමයි. ඒක කියන්නම ඕන. හැමදාම කොමෙන්ට් කරන පිරිස විතරයි. ඒ අයට බොහෝම ස්තූතියි මාත් එක්ක දිගටම හිටියට.
 
තව දෙයක් තියෙනවා, ඔන්න ශීල්ඩ් කතා මාලාවෙ 5 වන අදියරත් එනවා කියලා ආරංචියක් තියෙනවා. විමත් ඔය කිව්වෙ. ඉතින් ඒකත් ආවම බලමුකො. එහෙනම් මේ කතා මාලාවෙ වැඩි බරක් ඇද්ද ප්‍රණීත් අයියටත් එක්ක හරියන්න අදවත් අදහස් ලෝඩ් එකක් දක්වන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා..

ජය-වේවා!! 😀

 

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV (x264/x265) පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>