ඔන්න එහෙනම් මමත වටින කතාමාලාවට සම්මාන් වුනා. ඇත්තටම මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා අපේ ලියෝට මාවත් මේකට සම්බන්ද කරගත්ත එකට. ඉතින් මේ සීරීස් එක ගැන අමුතුවෙන් කියන්න ඔනි නැහැනේ. මේක ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඉතින් මම අද කොටසින් වෙන්නේ මොනවද කියලා කෙටියෙන් කියන්නම්.
හොදයි අද කොටසේ තියෙන්නේ 3න් වෙනි ටේප් එකේ දෙවැනි පැත්ත ගැන. ඇත්තම කිව්වොත් ඒකේ තියෙන්නේ ඩොලර් වැලන්ටයින් එක ගැන. ඩොලර් වැලන්ටයින් කියන්නේ හැනාලගේ ඉස්කෝලේ දිරිගැන්වීමේ කන්ඩායමට එනි කර අරමුදල් සපයා ගැනීම වෙනුවෙන්, ඩොලර් එකකට වැලන්ටයින් දවසේදි ඉස්කෝලේ ඉන්න ළමයින්ව එකතු කරන එක. ඒ කට අදාල වෙනම ක්‍රියාපටිපාටියක් තියනවා. මුලින්ම එයාලා සංවිධායක මන්ඩලය දෙන ඉල්ලුම් පත්‍රය එයාලා කැමති තොරතුරැ දාලා පුරවලා දෙන්න ඔනි. ඊට පස්සේ ඒ තොරතුරැ පරිගනක ගතකරාට පස්සේ ඒ අදාල කෙනාට ගැලපෙන විදිහේ සහකාරියක හෝ සහකරැවන්ගේ ලැයිස්තුවක් ලැබෙනවා. ඉතින් ඒ අතරින් තෝරගන්න සහකාරයා හෝ සහකාරියගේ කැමැත්ත අනුව එයාලට වැලන්ටයින් එක ගත කරන්න පුළුවන්. ඉතින් මේකට ඉදිරිපත් වෙන හැම කෙනෙක්ම ඩොලර් එකක් ගෙවන්න ඔනි ඒක නිසා තමයි මේකට ඩොලර් වැලන්ටයින් කියන්නේ. අපේ රටේ ඉස්කෝල වලත් එහෙව් එකක් තිබුනොත් අපේ එවුන් මොනවගෙන් මොනවා කරගනියිද.
හරි එහෙනම් මම මීට වඩා දෙයක් කියන්න යන්නේ නැහැ මම ලියෝ සහෝදරයට පොරොන්දු වුනා මේක කොහොම හරි එක දවසින් කරලා දෙනවා කියලා ඉතින් හොදටම පරක්කු වෙලා තියෙන්නේ එහෙනම් ඔයාලා හැමෝටම කතාව හොදින් රසවිදින්න කියනගමන් ලගදිම තවත් ජනප්‍රිය චිත්‍රපටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම යනවා හැමෝටම බුදු සරණයි!
.
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E06.WEB.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
237 downloads