ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ෆ්ලෑෂ් කතාවේ තුන්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා ඉවර වුනා කියලා හිතාගන්නත් බෑ නේද? කොහොමෙන් කොහොම හරි මේ කාලය පුරාවට ඔයාලා හැමෝටම ෆ්ලෑෂ් කතාව තේරෙන සිංහලෙන් ආසාවෙන් බලන්න සිංහල සබ් එක පුලුවන් තරම් ඉක්මනින් වගේම ගොඩක් නිරවද්‍ය විදියට මම ඔයාලට අරගෙන ආවා. ඒ වෙනුවෙන් ගොඩක් අය මට මල් වලින් ප්‍රසංශා කලා වගේම සමහරක් අය මට ගල් මුල් වලින් පහර දීලත් තිබුනා. වැඩේ කියන්නේ මේ ලගක ඉදන් සැවටාර් බෙරිත් එක්ක කොච්චර තරහින් ඉන්නවාද ඒ තරමටම මාත් එක්ක තරහකින් හිටපු අයත් ටික දෙනෙක් පේන්න හිටියා. කමක් නෑ ඒ අයත් මට ශක්තියක්. කොහොමත් එදා ඉදන්ම ඒ වගේ දේවල් බලාපොරොත්තුවෙන් තමයි මම මේ සබ් කරන්න පටන් ගත්තේ. (ලංකාවනේ… නිකන්නෙ දෙන්නේ… එතකොට අගයක් නෑනේ… :p ) ඒ වුනාට කියන්නම ඕනි සමහර අය මගේ අම්මට තාත්තට පවා බැනලා තිබුනා. ඒ ගැන නම් ගොඩාක් ලොකු පසුතැවීමක් ඇතිවුනා. බනින්න ඕනෑ තරමක්. හැබැයි මට විතරක්. මගෙ අහිංසක දෙමව්පියෝ ගාවගන්නේ නැතිව. ඒ වගේම කියන්න ඕනිම හැමදාම වගේ ඉවසිමෙන් ඉදලා සබ් එක ඩවුන්ලෝඩ් කරපු, ඒ වගේම කමෙන්ට් කරපු, අර මට බැනපු අයට මං වෙනුවෙන් කතා කරපු ඒ වගේම බයිස්කෝප් වෙබ් සයිට් එකත් එක්ක ඉන්න ඔයාලා තමයි මගේ ලොකුම ශක්තිය. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ බහුතරයක් දෙනා වෙනුවෙන් තමයි තවමත් සැලෙන්නේ නැතිව හැම කට්ටක්ම කාගෙන අපි සබ් දෙන්නේ. හරි දැන් පදුර වටේ තැලුවා ඇති නේද? කෙලින්ම කතාවට.
තමන්ට හතුරුකම් කරපු අය පරාජය කලාට පස්සේ ජිවිතයේ ඉතිරි කාලය සතුටින් ගත කරන්න කියලා හිතාගෙන බෙරී ඇලන් එයාගේ අම්මව මරන එකෙන් බේරාගෙන ෆ්ලෑෂ් පොයින්ට් එකක් හදලා වෙනස් අලුත්ම ටයිම් ලයින් එකක ජිවත් වෙන්න පටන් ගත්තානේ. ඒත් ඉතින් එයාට පවුලේ අය ලැබුනත් ෆ්ලෑෂ් ටීම් එකේ අනිත් හැමෝම මගහැරුනා කියලා තේරෙද්දි ගොඩක් කාලයක් ගිහින් ඉවරයි. ඒ නිසා ආයෙමත් කලින් තිබුන ටයිම් ලයින් එකම ගන්න හිතාගෙන එයා වෙනස් කරපු හැමදේම හරිගස්වනවා. ඒත්.. නොහිතපු විදියට ඒ ටයිම් ලයින් එකත් ගොඩක් වෙනස් වෙලා. ටයිම්ලයින් එක විතරක් නෙවෙයි මිනිස්සු, ටීම් එකේ අය, එයාලගේ හැකියාවන් මේ හැමදේම වෙනස් වෙලා. බෙරීට එයාට කරපු වැඩේ බරපතලකම එතකොටයි හරියටම තේරුනේ. ඉතින් මේ දේ ගැන ෆ්ලෑෂ් ටිම් එක දැනගත්තම එයාලත් ගොඩක් අවුල් ගියා වගේම සමහර අය බෙරිත් එක්ක තරහත් වුනා. කොහොමෙන් කොහොම හරි ඒ අවුල් ටික ලිහාගත්තට පස්සේ තමයි බෙරීට ෆ්ලෑෂ් පොයින් එක නිසා වුන ලොකුම වෙනස්කමට මුහුණ දෙන්න වුනේ.
සැවටාර්… එහෙමත් නැත්නම් වේගයේ දෙවියා කියලා කෙනෙක් සෙන්ට්‍රල් නගරයේ මතු වෙනවා. ඇත්තටම එයා දෙවියෙක් වගේ තමයි. මොකද බෙරීට එයාව අල්ලනවා තියා එයත් එක්ක තරගෙට දුවන්නවත් බෑ. ඒ තරම් එයා වේගවත් කෙනෙක්. ඉතින් නගරයේ සිද්ධවෙන අපරාධ නවත්වන එකට අමතරව මේ සැවටාර් කරන වැඩ නවත්වන්නත් මෙයාලට සිද්ද වෙනවා. ඔය අතරේ තමයි සැවටාර්ගේ ගෝලයෙක් වුන ඇල්කමි ෆිලොසිෆර් පාෂාණය කියන බලගතු පාෂාණයෙන් ෆ්ලෑෂ් පොයින්ට් එකට කලින් මෙටා බලයන් තිබුන ඒත් දැන් ඒ බලයන් නැති අයට ඒ මෙටා බලයන් ආපහු දෙන්න පටන් ගත්තේ. කොහොම හරි අවසානයේදි ඒ පාෂාණයෙන් වොලිටත් ෆ්ලෑෂ්ට වගේ වේගයෙන් දුවන්න බලය ලැබෙනවා. ඒ වගේම ඇල්කමිවත් මෙයාලා නවත්වනවා. අවසානයේ වොලි කිඩ් ෆ්ලෑෂ් විදියට නගරයට සේවය කරන්න පටන් ගන්නවා.
මෙහෙම හැමදේම සිද්ධවෙද්දි එක දවසක් අහම්බයෙන් බෙරී අනාගතයේ දවසකට යැවෙනවා. හැබැයි ඉතින් ඒ සුන්දර දවසක් නෙවෙයි. ඒ තමයි සැවටාර් බෙරීගේ ජිවිතයේ ආදරය වුන අයරිස්ව මරන දවස. බෙරිගේ ඇස් ඉදිරිපිටම සැවටාර් අයරිස්ව මරලා දානවා. හැබැයි ඉතින් ඒක නවත්වන්න තරම් බෙරී වේගවත් වෙන්නේ නම් නෑ. ආපහු වර්ථමානයට ආව බෙරී ඒ සිදුවීම නවත්වන්න පුලුවන් හැමදේම කරනවා. අනාගතයේදි වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න හදනවා. එක එක පරික්ෂණ කරනවා. හැබැයි ඉතින් ඒ කිසි දේකින් ඒ වෙන දේ වෙනස් කරන්න බැරිවෙනවා වගේම එයාට අනාගතය වෙනස් කරන්නත් බැරි වෙනවා. අවසානයේදි බෙරී වගේම ෆ්ලෑෂ් ටීම් එක ඒ මොහොතට මුහුණදෙන්න සුදානම් වෙනවා. නිකන් නෙවෙයි සැවටාර්ව ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කරන්න හිතාගෙන ට්‍රේසි කියන දක්ෂ විද්‍යාඥයාගෙ උදව් ඇතිව ස්පීඩ් ෆෝර්ස් බසූකා කියන තුවක්කුව හදනවා. අවසානයේදි… ඒ දවස උදා වෙනවා. අයරිස් සැවටාර්ගේ අතින් මැරෙන දවස. ඒ මොහොත ටිකෙන් ටික ලගාවෙනවා. ෆ්ලෑෂ් ටිම් එක සැවටාර්ව හිර කරන්න හැමදේම සුදානම් කරගෙන ඉන්නවා. ඉතින් අන්තිමේට ඒ වෙලාවට එනවා. බෙරී අනාගතයට ගිහින් දැක්කා වගේම ඒ දේවල් සිද්ධ වෙනවා. හැබැයි බෙරීලග ස්පීඩ් ෆෝර්ස් බසූකා එක තියෙනවා වගේම එයා ඒකෙන් සැවටාර්ට වෙඩි තියනවා. හැමෝම සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙනකන් බලාගන හිටියත් ඒ උත්සහයෙනුත් වැඩක් නැතිවෙනවා. සැවටාර් ෆිලෝසිපර් පාෂාණය පාවිච්චි කරලා ඒ උගුලෙන් බේරෙනවා. බෙරී වගේම එයාගේ ටීම් එකේ අයත් මෙච්චර කාලයක් පුරාවට වුන මහන්සියේ වතුර යමින් සැවටාර් අයරිස්ව එතනදි මරලා දානවා. අනාගතය වෙන්න තිබුන විදියටම බෙරීගේ අතේ අයරිස් අවසාන හුස්ම හෙලනවා.
ඉතින් හැමදේම විනාශ වුනාට පස්සේ බෙරී වගේම අනිත් අය මේ දේට කොහොම මුහුණ දෙයිද? සැවටාර් සදහටම ජීවත් වෙයිද? මේකද ෆ්ලෑෂ්ගේ අවසානය? මම මොකුත් කියන්නේ නෑ. මේ ගැන දැනගන්න මේ කොටස බලමු…. . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
ප.ලි :
ආරංචි විදියට CW නාලිකාව ෆ්ලෑෂ් කතාවේ 4වෙනි සිසන් එකකුත් එවන්න තිරණය කරලා තියෙනවා. ගොඩක් දුරට 4වෙනි සීසන් එක ඔක්තොම්බර් මාසයේදි විතර විකාශය වෙන්න පටන් ගනිවි. මොනවා කරන්නද ඉතින් ඒ වෙනකන් ඔයාලට ඉවසා වදාරා ඉන්න වෙනවා.
ප.ප.ලි:
ආයෙමත් කියන්න ඕනි සබ් ඩවුන්ලෝඩ් කරපු වගේම කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි. මගේ වැඩත් එක්ක ඒ කමෙන්ට් වලට රිප්ලයි කරන්න නම් බැරි වුනා. ඒ වුනාට ඒ හැම කමෙන්ට් එකක්ම මම අනිවාර්යයෙන්ම කියවනවා. මොකද ඔයාලගේ එය පුංචි රිප්ලයි එක නිසා තමයි අපිට අපි මේ සල්ලි, කාලය නාස්ති කරගෙන කරන වැඩේ ගැන ආඩම්බරයක්, වටිනාකමක් වගේම සතුටක් දැනෙන්නේ. එහෙනම් ඉදිරියටත් ඒ විදියටම සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ජය… !
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E23.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
690 downloads
The Flash [S03 : E23] with Sinhala Subtitles | තරගය ඉවරයි! [සිංහල උපසිරැසි සමඟ] (0 downloads)