Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Fences (2016) with Sinhala Subtitles |ගලන ගඟකි ජිවිතේ…[සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. දුක, සතුට, බලාපොරොත්තු සහ ආශාවන් හැම මනුස්සයෙක්ගේම හිත ඇතුලේ ජිවත් වෙනවා. ට්‍රෝයි කියන්නෙත් මේ සෑම දෙයක්ම කරපින්නාගෙන ජීවත් වෙන කළු ජාතික නගර සභා සේවකයෙක්. රැකියාවට කරන්නේ කුණු ලොරියක කුණු එකතු කරන්න යෑම. මැදි වියේ පසුවන ට්‍රෝයිගේ දෙවන විවාහයේ බිරිඳ තමයි රෝස් ඒ වගේම පුත්‍රයා තමයි කෝරි. කෝරි දක්ෂ ක්‍රීඩකයෙක්. මේ පවුල සාමාන්‍ය පවුලක් එත් මෙයාල ජිවත් වෙන කාලය වර්ගවාදය නිසා මිනිස්සු දෙකඩ වෙලා එකිනෙකාට අමනුස්ස කම් කරගන්න කාලය. ඒ කියන්නේ කළු සුදු වර්ගවාදය හොඳටම ඇමෙරිකාව තුල රජකරන කාලයක්. ට්‍රෝයි ජීවිතය හරිම අමාරුවෙන් ගැටගහගෙන පවුලක් විදිහට දැන් එකලාසයක් වෙලා ඉන්න තරමක නූගත් මනුස්සයෙක්. 

තමන්ගේ පවුල ගැන සොයා බැලුවත් ඔහුගේ ආධිපත්‍ය පවුල පුරාවටම රජකරගෙන තරමක ඒකාධිපති පාලනයක් ගෙනියන මනුස්සයෙක්. තමන්ගේ දුක්බර අතීතයට තාමත් සාප කරන මේ මනුස්සයා තාමත් ජීවිතය දකින්නේ හණමිටි අදහස් ගොන්නක් තමන්ගේ ඔලුව ඇතුලේ පුරවාගෙන. ඒ වගේම ට්‍රෝයි කියන්නේ දක්ෂ බේස්බෝල් ක්‍රීඩකයෙක්. ඔහුගේ අවාසනාවට ඒ ඔහුතුල සිටි ක්‍රීඩකයා උපන්ගෙයිම වළලන්න ඔහුට සිදු උනේ මේ වර්ගවාදයට පින්සිද්ධ වෙන්න. සුදු හමට මුල් තැන ලැබුන මේ කාලයේ කළු හමට තැනක් දක්ෂ කම තිබුනත් ලැබුනෙම නැහැ. ට්‍රෝයි කුඩාකාලයේ ඉතාමත් කර්කශ ජිවිතයක් ගත කරපු ජිවිතේ තිත්ත ඒ අයුරින්ම රස විඳපු පුද්ගලයෙක්. රෝස් ඔහුගේ දෙවන කසාදය උනාට පළමු කසාදයෙන් ඔහුට දාව ඉපදුන පුතා තමයි ලයන්ස් කියන්නේ. ඒ වගේම ට්‍රෝයිගේ සහෝදරයා ගේබ්‍රියෙල් යුද්ධය නිසා අනතුරට ලක්වෙලා දැන් උන්මත්තකයෙක් වෙලා. මේ තමයි ට්‍රෝයිගේ ජිවිතේ. සතුටු වෙන්න කියල මේ මනුස්සයට කිසිම දෙයක් නැහැ. ජිවිතය නමැති කර්කශ මාවතේ කටු මතින් පැමිණිලා කටු මත ජීවිතය තාමත් ගෙනියන මේ පුද්ගලයා මේ බාධක ඔස්සේ ජීවිතය ගෙනියන්නේ කොහොමද? ජීවිතය තිත්ත වෙනකොට මිනිස්සු ඒක රහ කරගන්න හොයන වෙන මාර්ග තවත් ජීවිතය අගාධයටම ගෙනියන හැටි මේ සලරුවේ ට්‍රෝයි අපි හැමෝටම පෙන්වලා දෙනවා. එහෙනම් සුපිරි වීරයෝ, ක්‍රියාදාම වලින් තොර, එදිනෙදා  ජිවිත සටන කරන අපි ඔයාල හැමෝටම ගැලපෙන චිත්‍රපටයක් තමයි ෆෙන්සස් කියන්නේ. 

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වගේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් ඔස්කාර් සම්මාන ලාභී ඩෙන්සල් වොෂින්ටන් විසින්. 2007 වසරේ පසු ඔහු විසින් අධ්‍යක්ෂණය කල The Great Debaters චිත්‍රපටයට පසුවමේ තමයි ඔහුව අධ්‍යක්ෂ වරයෙක් විදිහට අපහමුවන පළමු අවස්ථාව. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙන තව චරිතයක් තමයි වයලා ඩේවිස් කියන්නේ. ඇයට පසුගිය ඔස්කාර් සමාන උළෙල තුල හොඳම සහය නිලියට හිමි සම්මානය මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබුනා. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා පාදක වෙලා තියෙන්නේ 1985 වසරේදී තිරගත උන ෆෙන්සස් නමින්ම වූ ටෙලි නාටයක්. එහි රචකයා වෙන්නේ ඕගස්ට් විල්සන්. මේ නාට්‍යට 1987 වසරේදී පුලිට්සර් සම්මානය පවා හිමි උනා. IMDb අගය 7.3 ලබා ඇති මේ චිත්‍රපටය සඳහා උපසිරසි ලබා දෙන්න තරමක් ප්‍රමාද උනා වගේම තරමක අපහසු සහ දීර්ග දෙබස් සහිත චිත්‍රපටයක්. ඉතින් මේ වැඩේට පළමු වතාවට මගෙත් එක්ක එකතු උනේ යශෝධ මල්ලි. එයාටත් ස්තුති කියන ගමන් නැවත  මෙවැනි උපසිරසක් සමඟින්  මුණ ගැහෙනතුරු ඔබ සැමට ජයෙන් ජය!!

Fences (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fences.2016.720p.BluRay.x264-GECKOS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරලියගේ” සහ “හසන්ත වික්‍රමරත්න”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>