අලුත් අවුරුද්දට දෙන්න මම ඔයාලට මගේ දෙවෙනි උපසිරසිය ගෙනාවා. පළමු උපසිරසියෙ මගෙ අතින් වුණ ගොඩාක් අඩුපාඩු හදාගෙන තමයි මම මගේ දෙවෙනි උපසිරසිය ඔයාලට ගෙනාවෙ. අඩුපාඩු පෙන්නලා කමෙන්ට් කරපු අයටත්, ස්තූති කරපු අයටත් ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා.
මේ චිත්‍රපටිය ගැන විස්කර කියනවා නම්, ප්‍රදීප් සර්කාර්ගේ අධ්‍යක්ෂණයෙන් 2005 වර්ෂයේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේ චිත්‍රපටිය 7.4/10 IMDb අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ. Vidya Balan (ලොලිතා), Saif Ali Khan (ශේකර්), Sanjaya Dutt (ගිරීෂ්) මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටිය ඔයාලා මීට කලින් බලලා ඇති. කොහොම වුණත් මම කතාව ගැන ටිකක් කියන්නම්. 1962 වර්ෂයේ කල්ලටාව ආශ්‍රිතව තමයි මේ කතාව ගොඩනරගෙන්නෙ. ශේකර් සහ ලොලිතා කුඩා කාලයේ ඉඳලම හොඳ යාළුවො. (එයාලා කොහොමද අඳුනගත්තෙ කියලා කතාව බලනකොට තේරේවි.) මේ දෙන්නා අසල්වැසියො. ශේකර්ගෙ තාත්තා බොහොම ධනවත් ව්‍යාපාරිකයෙක් ඒ වගේම බොහොම කපටී. ලොලිතාගේ අම්මයි තාත්තයි එයා කුඩා කාලයේදීම මැරෙණවා. ඒක නිසා එයා හැදෙන්නෙ එයාගෙ නැන්දයි මාමායි ඒ දෙන්නගෙ දුව කෝයල් එක්ක. මෙයාලා මේ විදිහට ජීවත්වෙන කොට ලොලිතාගේ මාමාට හෘදයාබාධයක් හැදෙනවා. මාමාගෙ අසනීපෙට බෙහෙත් කරන්න සල්ලි නැති නිසා නැන්දා ශේකර්ගෙ තාත්තට ගෙදර උකස් කරලා ලක්ෂයක් ගන්නවා. දැන් පොළියත් ඒකට එකතුවෙලා ලක්ෂ එකහමාරක් ගෙවන්න වෙලා තියෙන්නෙ. අසනීප නිසා මාමාට දැන් රස්සාවක් කරන්න බැහැ. එයාලට ගෙදර උකසෙන් බේරගන්න පුළුවන් වෙයිද? වෙනත් කෙනෙක් එයාලට උදව් කරයිද? කියලා ඔයාලා මේ චිත්‍රපටිය බාගෙනම බලන්න. අවසානය වෙනකල් හිතාගන්න බැහැ මොනවද වෙන්නෙ කියලා.
තවත් දෙයක් කියන්න තියෙනවා. මේ චිත්‍රපටියෙ තියෙන ගීත ගොඩාක් ලස්සනයි. ඒවත් රසවිඳින්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මේ කෙත් අඩුපාඩු තියෙනවා නම් ඒවත් පෙනවලා දෙන්න. ඔයාලට සුබම සුබ කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා!!! තවත් උපසිරසියකින් හමුවෙමු.
129 downloads