මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න එහෙනම් හැමෝටම අවුරුදු තෑග්ගක් අරගෙන ආවා. ගොඩාක් අය මග බලාගෙන හිටපු නියම කොමඩියක් තමයි ඔන්න ගෙනාවේ. ෆිල්ම් එක එලියට ඇවිල්ලා නම් ටිකක් කල් වෙනවා. හාඩ් සබ් කොපි තමයි ඇවිත් තිබුනේ. හරියට ඉංග්‍රීසි සබ් එකක්වත් ඇවිත් තිබුනේ නෑ. ඒත් ඔන්න ඊයේ පෙරේදා දවසක තමයි හොඳ කොපියක් එක්ක සබ් එකක් එලියට ආවේ. ඉතින් එතකන් ඉවසගෙන ඉන්න උනා මේක කරන්න. වෙනදා වගේම හසන්ත සහෝ සහ සමීර සහෝ තමයි හොඳ කොපියක් ඇවිත් තියනවා කියලා මාව දැනුවත් කලේ. අවුරුදු ගමන් බිමන් එක්ක පොඩ්ඩක් ඔට්ටු වෙලා එහෙම ඔන්න සබ් එක කොහොමහරි ගොඩ දාගත්තා.
කවුරුත් හොඳට දන්න හඳුනන කොමඩි තරුව Kevin Hart මේහිදී රංගනයෙන් දායක වෙනවා. ඒවගේම Ice Cube, Ken Jeong, Benjamin Bratt, Olivia Munn, Bruce McGill රංගන තරු අතර සිටිනවා. Tim Story තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. අන්තර්ජාලයේ කියවෙන විදියට නම් විචාරකයන්ගෙන් ගුණ දොස් විවේචනය අඩු මට්ටමක තිබුනත් දැනටත් මේක උපයලා තියන ආදායම ඩොලර් මිලියන 122ක්. ඉතින් ෆිලුම ගැන හිතාගන්න පුලුවන්නේ. අනික ඉන්නේ ලේසි පහසු කොමඩි චරිතයක් නෙමෙයිනේ. ඉතින් ඔන්න විනාඩි 101ක්ම කට්ටියගේ වැඩකිඩ ටික බලාගන්න පුලුවන්. කතාව කොහොමද යන්නේ කියලා පොඩි විස්තරයක් කියන්නම්.
කෙවින් හාට් මෙහි ඉන්නේ බෙන් විදියට. එතකොට බෙන් ඇවිත් පරිවාස කාලයක ඉන්න පොලිස් නිලධාරියෙක්. එතකොට එයා ඉන්නේ ජේම්ස් (අයිස් කියුබ්) යටතේ. ජේම්ස් රහස් පරීක්ෂකයෙක්, බෙන්, ජේම්ස්ගේ නංගිව බදින්න ඉන්නේ. ඒ කියන්නේ වෙන්න යන මස්සිනාලා දෙන්නෙක්. බෙන් ඉතින් පිස්සු චරිතයක්. විකාරමයි කියවන්නේ. කරන්නෙත් පිස්සු වැඩ. කරන වැඩ සේරම නාගන්නවා. කතාවේ ඉන්න දුෂ්ඨයා තමයි පෝප්. එයා හොඳ සල්ලිකාරයෙක්. හැබැයි ජාවාරම් කරන්නේ. වරාය කොමසාරිස් පවා ඉන්නේ එයාගේ සාක්කුවේ. කොහොමහරි සල්ලි වගයක් හොරකම් කරපු නිසා මේ පෝප් එයාව මරලා දානවා. ඒත් හොරා එයා නෙමෙයි. පෝප්ගේ කෙනෙක්ව ඒ තනතුරට දාගන්න උවමනාවක් තිබුන නිසා එයාව මරවනවා. මේ සිදුවීම් වෙන්නේ මියාමි නගරයේ. එතකොට ජේම්ස් සහ බෙන් ඉන්නේ Atlanta නගරයේ. එයාලා එහේදී ජාවාරම්කාරයෙක්ව අල්ලගන්න යනවා. ඒ වෙලාවේ කොහොමහරි ඒ කෙනා ලඟ තිබිලා පෙන් ඩ්‍රයිව් එකක් හම්බවෙනවා. ඉතින් මේකට පොලිසියේ කාටවත් ඇතුලට යාගන්න බැරිවෙනවා. හැබැයි ඒ විදියට ඒ පෙන් ඩ්‍රයිව් එක වැඩිදියුණු කරපු කෙනාව හොයාගන්න පුලුවන් වෙනවා. එයා මියාමි වල කෙනෙක්. ඉතින් බෙන් සහ ජේම්ස් ඒ කෙනාව හොයාගෙන මියාමි වලට යනවා. එයාලා හිතනවා ඒ පෙන් ඩ්‍රයිව් එක ඇතුලේ තියෙන දේවල් හොයාගත්තොත් ඒකෙන් මේ දේවල් වලට සම්බන්ධ ලොකුම කෙනාව කොටු කරගන්න පුලුවන් වෙයි කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි කතාවේ මුල් හරිය යන්නේ. කතාව ඉදිරියට බලාගෙන යන්න ඔයාලාට බාරයි.
තව පොඩි දෙයක් මතක් කරන්න තියනවා. izombie බලන යාළුවෝ බලාගෙන ඇති සබ් එක දෙනකන්. අන්තිම කොටස් දෙක දැනටමත් ඇවිත් තියෙන්නේ. ඉතින් මේක කරන නිසා ඒක ටිකක් පහු කරන්න සිද්ධවුනා. ඉතින් ඒ වෙනුවෙන් සමාවෙන්න ඕනා. හැකි ඉක්මණින් ඒ කොටස් දෙකත් ලබාදෙන්නම්.
ඉතින් එදා ඉඳන්ම ඉතින් කොමඩි ෆිල්ම් කරන්න තමයි වැඩි ආසාවක් තියෙන්නේ. හිනාවෙලා ෆිල්ම් එකක් බලන්න ඉතින් කවුද අකමැති. මේ ෆිලුමේ කොමඩි ගැන ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑ හැමතැනම කිසි අඩුවක් නැතුව තියනවා. තව ඉතින් අවශ්‍ය තැන් වලට පොඩි පොඩි වචනත් පාවිච්චි කරන්න සිද්ධවුනා. එහෙම නැති උනොත් එහෙම කතාවේ රසය නැතිවෙයි කියලා හිතුනා. ආයෙත් පුලුවන් දවසක හොඳ කොමඩියක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. ආයෙත් එහෙනම් හැමෝටම සුභම සුභඅලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ජය!!!!
2230 downloads