ඔන්න එහෙනම් මම මගේ දෙවැනි සබ් එක අරන් ආවා. මෙහෙම කිව්වම හිතෙනවා ඇති මගේ පළවෙනි සබ මේ ලගකදී දීපු එකක් වෙන්න ඇති කියලා. සමහර විට ඔයාලා බලලත් ඇති මගේ පළවෙනියට සබ් නිර්මාණය කරපු ෆිල්ම් එක තමයි Grown Ups පළමු කොටස. ඒ 2013 දී. ඇත්තටම කිව්වොත් ඊට පස්සසෙ ගොඩක් ෆිලුම් වලට සබ් එකක් හදන්න ආස හිතුනත් කරන්න තියන රාජකාරි එක්ක ඇත්තටම වෙලාවක් ලැබුනේ නෑ. කොහොම හරි අවුරුදු 3කටත් වැඩි කාලෙකට පස්සේ මෙහෙම හරි තවත් එකක් කරන්න ලැබුනඑක ගැන සතුටුයි. පුරුදුදක් විදියට මම ගොඩාක් වෙලාවට හොදයි කියල හිතෙන ෆිල්ම්ස් බාන කෙනෙක්. මේකත් මම එහෙම බාපු එකක් තමා. අනික මේක Zombie ෆිලුමක් නිසා අතනොහරම බෑ. අහම්බෙන් සෙට් වුන මේ ෆිලුමට එතෙක් සිංහල සබක් නොතිබ්බ නිසාත්, Zombie ෆිලුම් ආසකරන අපේ යාළුවන්ට මේක මගහැරෙන්න දෙන්න බැරි නිසාත් මම Night of Something Strange ෆිලුමට සබක් හදන්න ඕන කියල තමා මේක නිර්මාණය කරේ. දැන ඉතින් මගේ කයිවාරු ඇහුවා ඇති. අපි බලමු ෆිලුමේ පොඩි සාරාංශයක්.
2016 මැයි මාසේ නිකුත් කරලා තියන මේක අයත්වෙන්නේ Comedy හා Horror කාණ්ඩයටයි. මේකේ IMDb අගය 4.8 සාමාන්‍යය අගයක් වුනත් ඇත්තටම මේක පට්ටම සුපිරි ෆිලුමක්. කතාව ගත්තොත් මේක එකම පාසලේ යහළුවන් පස්දෙනෙක් නිවාඩුවකට බීච් එකට යන අතරතුර සිද්දවෙන අමුතුම කථාවක්. Christine, Freddy, Carrie, Jason, Brooklyn කියන මේ යාළුවන්ට යන ගමනෙදී රෑ වෙන නිසා තානායමක නවතින්න සිද්ද වෙනවා. ඒ වගේම මේ තානායමේ අයිතිකාරය ටිකක් අමුතු පොරක. ඒ අතර මේ සෙට්එකේම ඉස්කොලේ ඉගනගන්න Pamත් එයාගේ කොල්ලවෙන හිටපු හමුදා සෙබලෙක් වෙන Dirk එක්ක මේ තානායමෙම නාවාතැන් අරන් ඉන්නවා. අමුතුම සිද්දීන් කීපයක් ෆිල්ම් එක මුලදි වෙනවා. මම ඒවා කියන්නේ නෑ, ඔයාලම බලලා රසවිදින්න. ඇත්තටම මේකේ ඉන්න Zombiesල අපි වෙනදා දකින අයට වඩා හාත්පසින්ම වෙනස්… උන් මිනිහෙක් දැක්ක ගමන් කරන්නේ ඩිස්ටි ඩිඩිං පාරක දාන්න හදන එක සහා මේ Virus එක පැතිරෙන්නෙත් Zombie කෙනෙක් සාමාන්‍යෙකනෙකුට ඩිස්ටි ඩිඩින් කරාම. හොදම දේ තමා වෙන ෙZombiලෙ වගේ මුන්ට ඔළුවට වෙඩි තියල මරන්න බෑ. මරනවනම් එකමදේ ගෑනු හො පිරිමි වේව Zombieයගේ ලිංගික ප්‍රද්ශයට පහරදෙන එක… මග හරින්නේ නැතිව ෆිලුම් එත බලන්න. අවසානයේදි වෙන්නේ අපි නොහිතන දේවල් හා Comedy වලින් පිරුන ෆිල්ම් එකක් මේක.
මේක ඇත්තටම මම අපේ පොඩි යාළුවන්ට බලන්න මේක නිර්දේශ කරන්නේ නෑ. මම කියල තියන ෆිල්ම් එකේ සාරංශය කියෙව්වම තේරෙනව ඇතිනේ ඒ ඇයි කියලා. ෆිලුම් එක පුරාම බොෙහෝ විට තියෙන්නනේ වැඩිහිටියන්ට ඔබින දර්ශන හා දෙබස්. එහෙනම් මම හිතනවා ඔයාලා මේ ෆිල්ම් එක රස විදියි කියලා. අපි හැමෝම වෙනුවෙන් සවත් සබක් හදන්න කාලය ලැබේවා කියල මම සමුගන්නම්..
බුදුසරණයි හැමෝටම.
Due to copyright issues, we do not provide any torrent links.
Night.Of.Something.Strange.720p.BluRay.x264-[YTS.AG]
Night.Of.Something.Strange.1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1180 downloads