හලෝ කොහොමද කස්ටිය?මේ පාරත් මම අරගෙන ආවේ ජපන් ෆිල්ම් එකක්.අපි වැඩිය අහල නැති උනත් මේක ජපානේ ගොඩක් ජනප්‍රිය උන ෆිල්ම් සෙට් එකක පලවෙනි ෆිල්ම් එක.කලින් සබ් කරපු ෆිල්ම් එකේ කොමෙන්ට් වල යාලුවෙක් කරපු ඉල්ලීමකට මගේ ප්‍රතිචාරය තමයි මේ.
ෆිල්ම් එක මෙහෙමයි,ලයිට් කියල ජපන් කොල්ලෙක් ඉන්නවා.එයා නිතිය ඉගෙනගන්න ගොඩක් බුද්ධිමත් කෙනෙක්. මෙයා එයාලගේ නීති පද්ධතිය ගැන ගොඩක් කලකිරිලයි ඉන්නේ.මේ අතරේ එයාට හම්බෙනවා පරණ පොතක්.පොතක් කිවම අපේ හිතට එන්නේ අකුරු වලින් පිරුන කියවන්න ආසා හිතෙන දෙයක් ගැනනේ.මේක නම් එහෙම නෙමේ.මේක මහ යක්ෂ පොතක්.ඇයි මම එහෙම කියන්නේ කියල ෆිල්ම් එක බැලුවම ඔයාලටත් හිතෙයි.ඉතින් මේ ළමයා මේ පොත සමාජයේ වැරදි මිනිස්සුන්ට එරෙහිව යොදාගන්නවා.හැබැයි හොරෙන්.ඒ හින්දම මෙයාට සතුරොත් ඇතිවෙනවා.හැබැයි යාලුවනේ බොරු කියන්න ඕනේ නෑ ෆිල්ම් එකේ පොඩි පොඩි ගොන් පාර්ට් ටිකකුත් තියෙනවා.ඒත් කතාව ලස්සනයි.හොඳ කන්සෙප්ට් එකක් නිසා බලන්න වටිනවා.
දැන් ඉතින් වල් පල් කියන්නයි හදන්නේ.මේ ෆිල්ම් එකට බේස් වෙන්නේ death note කියලම manga cartoon සෙට් එකක්. ඒක ලියලා තියෙන්නේ Tsugumi obha කියල කෙනෙක්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sushake Kaneko විසින් ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ ජපානයේ තරුවක් වන Tatsuya Fijiwara සහ Kenichi Matsumoya.මේ සෙට් එකේ ආපු තව ෆිල්ම් කීපයක් තියෙනවා.ඒවගෙන් ඉස්සරහට අපි මුණගැහෙමු.දැන් ඉතින් ඇතිනේ?බලල මටත් මොනවා හරි දෙයක් කොටලා යන්න.
ආහ් කියන්න අමතක උනා.මේකේ imdb අගය 7.9ක්.ඉතින් ඩේටා පොඩ්ඩක් වියදම් කරලා බැලුවට පාඩු නෑ.ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Death Note I – The Movie [2006] BDRip 720p [Jpn Rus]-Junoon
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
381 downloads