සුභ දවසක් බයිස්කෝප් වාසී සියළුම දෙනාට…!
සුපුරුදු විදියට අදත් ආවේ මලයාලම් ෆිලුමකටම උපසිරැසි අරගන තමයි. ෆිලුම Ottaal(2014). IMDB අගය 8.2/10ක් ලබාගැනීමට මේකට හැකිවෙලා තියනවා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jayaraj කියන විශිෂ්ට මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින්. මලයාලම් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම නිර්මාණය වූ මෙම චිත්‍රපටයට Ashanth K. Sha කුට්ටප්පායි ලෙසත්, Kumarakaom Vasudevan කුට්ටප්පායිගේ සීයා ලෙසත් රංගනයෙන් දායක වෙලා තියනවා. කතාව සහ තිර රචනය සඳහා Joshi Mangalath සහ සංගීතය සඳහා Kavalam Narayana සහ Panicker දායක වෙලා තියනවා. මෙය නිර්මාණය වෙලා තියෙන්නේ Anton Chekhov නම් රුසියානු රචකයා විසින් රචිත “Vanka” නම් කෙටිකතාව ඇසුරෙන්.
කතාව ගැනත් පොඩ්ඩක් කියනවනම්, මේක ප්‍රධාන චරිතය තමයි කුට්ටප්පායි කියන ළමයා. කුඩා අවදියේ දීම දෙමව්පියන් අහිමි වීම නිසා කුට්ටප්පායි ජීවත් වෙන්නේ එයාගේ සීයත් එක්ක. සුන්දර පරිසරයක් තුළ පරිසරයත් සමඟම ජීවත් වෙන මේ පුංචි කුට්ටප්පායිගේ එකම අරමුණ වෙන්නේ ඉගනගන්න එක. ඒත් කුට්ටප්පයිට තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නෑ. කතාව වැඩිය කියන්න ගියොත් බලන්න දෙයක් නැති වෙන නිසා ඉතුරු ටික ඔයාලට බාරයි. මේක පැය 1යි මිනිත්තු 20ක් වගේ කෙටි කාලයක් තියන ෆිලුමක් නිසා, කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ෆිලුමේ පරිසර පසුබිම් එහෙමත් ගොඩක් ලස්සනයි. ඒ නිසා හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා.
මේ ෆිලුම සම්මාන රාශියකට හිමිකම් කියනවා. කේරල අන්තර්ජාතික සිනමා උළෙල තුලදී අති විශාල සම්මාන ප්‍රමාණයක් ලබා ගැනීමටත්, 2015 නොවැම්බර් මාසයේ ගෝවාහිදී පැවැත්වූ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල තුලදී Indian Panorama හි කොටසක් සඳහා තෝරාගත් මලයාලම් චිත්‍රපට හතරෙන් එකක් බවටද මෙය පත් වී තිබෙනවා. තවත් ලස්සන මලයාලම් චිත්‍රපටියකින් හමුවෙමු. පුංචි ස්තුතියක් කරන්න ඕන. මගේ ඊ මේල් සඳහා රැයක් දවාලක් නොමැතිව ප්‍රතිචාර දැක්වීමෙන් සහයෝගය දක්වන හසන්ත වික්‍රමරත්න, යශෝධ ශ්‍රීමාල් සහ අසංක ප්‍රදීප් රණතුංග යන සහෝදරයන්ට ගොඩක් ස්තුතියි.
ජයම වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.lv – Ottaal (2017) Malayalam DVDRip x264 400MB ESubs
TamilRockers.lv – Ottaal (2017) Malayalam DVDRip x264 700MB ESubs
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
434 downloads