Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Battledogs (2013) with Sinhala Subtitles |​වෛරසයෙන් වෘකයෙක් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ආයුබෝවන් කට්ටියටම………

මම මේ වැඩේට අලුත් .හැමදාම වෙබ් සයිට් එකට ඇවිත් උපසිරසියක් බා ගෙන යන අතරෙ දවසක හිතුන උපසිරසියක් කරල බලන්න.චිත්‍රපට දෙක තුනකට බාගෙට සබ් හදන්න පටන් අරන් බාගෙට හදල නැවත්තුවා.මොකද මේ කී බෝඩ් එකට කොට කොට ඉන්න එකත් එපා වෙන වැඩක්.ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මම දැක්කා අපේ Snake Raj සහෝදරයාගේ subtitle lesson එක. ඒක බැලුවට පස්සෙ හිතුනා කොහොම හරි මමත් සබක් කරනවමයි කියලා.ඉතින් කොහොම කොහොම හරි දගලල දගලල මේ Battle Bogs කියන මම ආසවෙන් බලපු ෆිලුමට සබක් හදා ගන්න පුලුවන් උනා.කොහොම හරි ඒ කාලෙම වැඩ ගොඩක් සෙට් උනු එකෙන් මේක ඉවර කර ගන්න හිතුවට වඩා කල් ගියා. මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි වැඩේ නිසා ගොඩක් අඩුපාඩු ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා.

ඉතින් මේ ෆිලුම ගැන කියනවා නම් මේක නිකුත් වෙලා තියෙන්නේ 2013 වසරේ අප්‍රේල් 6 වෙනිදා රූපවාහිනි චිත්‍රපටයක් විදියට.මේක අධක්ෂනය සිදු කරල තියෙන්නේ Alexander Yellen.මේක ලියවෙන්නේ Shane Van Dyke අතිනි. රන්ගනයෙන් දායකත්වය ලබා දෙනවා ප්‍රධාන චරිත ලෙස Craig Sheffer, Dennis Haysbert , Kate Vernon යන නලු නිලියන් විසින්. පැය 1 යි මිනිත්තු 28 ක් පුර දිවෙන මේ චිත්‍රපටය අයත් වෙන්නේ Action, Horror, Sci-Fi ගනයට.මේක IMDB වර්ගීකරණයට අනූව 3.5/10 වගේ අගයක් තමා අරන් තියෙන්නේ. එත් කතාව නම් ගොඩක් රසවත්.

කතාව ගැන ටිකක් කියනවා නම් ඩෝනා වෝර්හීස් කියන්නෙ වෘතියෙන් ජායාරූපශිල්පියෙක්. ඇය ඇයත් නොදැනම වෛරසයක් අරගෙන යනවා.ඒ වෛරසයෙන් කරන්නේ මිනිසෙක්ව මිනිස් වෘකයෙක් කරන එක.ඔයාල Teen Wolf,The Originals ඒම බලල තියෙනව නම් ඒ ගැන දන්නව ඇති. කොහොම හරි මේ වෛරසය ඇමරිකාව පුර පැතිරෙන එක නවත්තන්න හමුදා නිලධාරියෙක් හා ඩොක්ටර් කෙනෙක් උත්සාහ කරනවා.ඔවුන්ට තමන්ගෙ රාජකාරිය ඉටු කරන්න පුලුවන් වෙයිද?, නැත්නම් වෘකයො මුලු ලෝකෙම පැතිරේවිද? චිත්‍රපටය රසවිදින්න කියල ආරදනා කරන ගමන් මගේ අඩුපාඩු තියෙ නම් පහලින් අදහස් දක්වන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

ජය ශ්‍රී හැමෝටම.

Battledogs (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

BattleDogs.720p.Bluray.Gua

මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු රමේශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>