පිල්ලී(සොම්බි) ඝාතනය කිරීමේ විශේෂඥ හැකියාවක් සහිත ඇමරිකානු හමුදා බටයකු වන ක්‍රිස් රෙඩ්ෆීල්ඩ්, සහයක බල ඇණියක් සමගින් මේ ගමන් කරන්නෙ, එක්තරා සුවිශේෂී වූ මෙහෙයුමක් වෙනුවෙනි. නීති විරෝධී අවි ආයුධ වෙළඳාම නිසා ජාත්‍යන්තරයට අත්‍යාවශ්‍ය වන්නාවූ අපරාධකරුවෙකු වන්නා වූද, මෑත කාලීනව අති සාර්ථකව ජීව රසායනික අවි නිපදවීමට හැකියාවක් සහිත යැයි සැක සහිත වන්නාවූද, ග්ලෙන් ඒරියස් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහායි. නමුත්, සියලු සැක සංකාවන් සත්‍යයක් කරමින්, මෙම බිහිසුණු ආයුධ ජාවාරම්කරුවාගේ ජීව රසායනික අවි හමුවේ ජීවිතය බේරාගැනීමට අවස්තාව උදාවන්නේ ක්‍රිස් හට පමණි.
ක්‍රම ක්‍රමයෙන් ඇමරිකානු භූමිය තුල නැවත වතාවක් සොම්බි පහරදීම් වර්ධනය වීමක් දක්නට ලැබෙන කාල වකවානුවක, විශ්වවිද්‍යාල මහාචාර්‍යවරියක් විසින් වසර ගණනාවක සිට කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සාර්ථක ඖශධයක් නිපදවනු ලබනවා. නමුත්, අවසාන ප්‍රතිඵලය වන්නේ පැහැරගැනීමට ලක්වන මෙම මහාචාර්‍යවරියගේ දැනුම යොදාගනිමින්, පෙර නොවී විරූ අන්දමේ අතිශය බිහිසුණු, අතිශය ශක්තිමත් වෛරසයක් නිපදවීමයි. මේ සියලු කාරණා පිටුපස සිටින්නා වූ, වෛරයෙන් අන්ධ වූ බිහිසුණු පුද්ගලයා කවුරුන්ද? අතිශය බිහිසුණු වෛරසයක් නිර්මාණය කරමින් මොහු මේ ප්‍රයත්නය දරන්නේ කුමන අන්දමේ ව්‍යසනයකින් ලොව විනාශ කර දමන්නද? අතිශය බිහිසුණු ජීව රසානය ආයුධ හමුවේ මෙම ප්‍රයත්නයන් ව්‍යර්ථ කර දමන්නේ කෙසේද? සියල්ල ඔබ සැමට බාරයි.
Resident Evil කිව්වාම නොදන්නා කෙනෙක් නම් ඉන්න අමාරුයි. පරිඝනක ක්‍රීඩා ක්ෂේත්‍රයේ වගේම, චිත්‍රපට ක්ෂේත්‍රයේ පවා ජයකෙහෙලි නැංවූ නමක් තමයි Resident Evil කියන්නෙ. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ, Resident Evil චිත්‍රපට මාලාවේ නවතම ඇනිමේෂන් චිත්‍රපටය. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ ජපානය විසින්. ජපානේ හැදුවා වුනත්, සම්පූර්ණ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ මං ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි ගන්වන පළවෙනි අවස්තාව. මං සාමාන්‍යයෙන් ඇනිමේෂන් චිත්‍රපටි වලට උපසිරැසි කරන කෙනෙක් නෙමෙයි. ඒත්, මේකෙදි නම් මට මගේ අදහස වෙනස් කරන්න වුණා. මේ ලිපිය කියවන එක පැත්තකින් තියලා, නිකමට මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඉන්නකො. අනිවාර්‍යයෙන්ම වෙනසක් දැනේවි. “ජපනා හපනා” කියලා කතාවක් තියෙන්නෙ නිකමට නෙමෙයි කියලා තේරුනේ මේ චිත්‍රපටය නරඹද්දී තමයි. චිත්‍රපටය පුරාවටම ත්‍රිමාන සජීවීකරණය අති විශිෂ්ට මට්ටමක පවතිනවා කියලා කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්. සමහර වෙලාවට මට පුදුමත් හිතුණා, මේක ඇත්තටම ඇනිමේෂන් චිත්‍රපටියක්ද, නැත්නම් සැබෑම මිනිසුන් සහ දර්ශන තල සහිත චිත්‍රපටයක්ද කියලා. ඒ වගේම, තාක්ෂණයට නොදවෙනි කතාවක් චිත්‍රපටය තුල අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇඟ කිලිපොලා යන්නා වූ ක්‍රියාදාම දර්ශන ඉතාමත් විශිෂ්ට ලෙස සකස් කරලා තියෙනවා. කොටින්ම කිව්වොත්, අවසාන Resident Evil චිත්‍රපටයට වඩා මං මේ චිත්‍රපටය රස වින්දා. 2017 වර්ෂයේ මැයි මස 27 වෙනිදා, ජපානයේදී තිරගතවීම ආරම්භ කල මෙම චිත්‍රපටය, මෙම සටහන ලියවෙන මොහොත වන විට, imdb දර්ශකයේ 6.8 ක අගයකින් සමන්විත වෙනවා.
එහෙනම්, කැමති අය අරගෙන බලන්න. සහතික කරලා කියනවා, එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන්. Resident Evil රසිකයෙක් නම්, හීනෙන් වත් මේක මගහැරගන්න හිතන්න එපා. පූර්ව ප්‍රචාරක පටය තාමත් බැලුවේ නැත්නම්, චිත්‍රපටය ඩවුන්ලෝඩ් වෙනකම් ඒකත් බලලම ඉන්නකො. චිත්‍රපටය බලපු අය, කොහොමද කියලා අදහසකුත් දාගෙන යන්නකො.
තවත් චිත්‍රපටයකින් හමුවන තුරු, හැමදෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Resident.Evil.Vendetta.2017.720.WEB-DL.750MB.MkvCage
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1041 downloads