මේක රාජාලින් සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයක්. මීට කලින් රාජාලීන් සම්බන්ධ Brothers of the Wind (2015) චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ චිත්‍රපටයෙයි මේ චිත්‍රපයේනම් කිසිම සම්බන්ධයක් නැහැ. කැමති අය ඒකත් අරගෙන බලන්න.
රාජාලි දඩයම… ඒ කියන්නේ කූඩුවෙන් පිට හැදෙන්න ශක්තිය තියෙන රාජාලියෙක්ව උගේ පොඩි කාලෙදි අරගෙන හදාගෙන පුහුණු කරනවා. ඊට පස්සේ රාජාලියා එක්ක ගිහින් නරියෙක්ව වගේ දඩයම් කරනවා. ඉන් පස්සේ නැවතත් රාජාලියාව කැළේට නිදහස් කරනවා… ඔන්න ඔය චුට්ට තමා රාජාලි දඩයක්කාරයෙක් කරන්නේ. කියන්න ලේසියි, ඒත් මේ චිත්‍රපටය බලද්දි ඒ වැඩේ කොච්චර කල් යන අමාරු කාර්යභාරයක්ද කියලා තේරෙයි.
සාමාන්‍යයෙන් රාජාලි දඩයක්කාරකම හිමි වෙන්නේ පියවරුන්ගෙන් පුත්‍රයන්ට. නර්ගයි කියන්නෙත් එයාගේ තාත්තගෙන් රාජාලි දඩයක්කාර උරුමය ලැබුණු කෙනෙක්. හැබැයි නර්ගයිට ඉන්නේ දුවෙක්. එයා තමයි අයිෂොල්පාන්. අයිෂොල්පාන්ටත් ඕනෙ වෙන්නේ තමන්ගේ සීයායි තාත්තයි වගේ රාජාලි දඩයක්කාරයෙක්, නෑ නෑ රාජාලි දඩයක්කාරියක් වෙන්න.
එහෙම කරන්නේ කොහොමද ඒකට රාජාලි දඩයම් සංගමයේ වැඩිහිටියෝ විරුද්ධයි නිසා? දෙමාපියෝ රාජාලි දඩයක්කාරියක් වෙන්න අයිෂොල්පාන්ට සහයෝගය දෙයිද? මොනවා සිදු වුණත් අවසානයේ ඇයට රාජාලි දඩයක්කාරියක් වෙන්න පුලුවන් වේවිද?
ඒවට උත්තර දැනගන්න Otto Bell විසින් අධ්‍යක්ෂණය කරපු, IMDb දර්ශකයේ 7.5ක අගයක් ලබාගත්ත, 2017 හොඳම වාර්තාමය චිත්‍රපටය විදිහට BAFTA චිත්‍රපට සම්මානයකට නාමයෝජනා ලබා තිබෙන, සම්මාන 8ක් ජයග්‍රහණය කරපු සහතවත් සම්මාන 18කට නාමයෝජනා ලැබුණු මේ චිත්‍රපටය බලන්න.
Due to copyright issues, we do not provide any torrent link.
The.Eagle.Huntress.2016.720p.BluRay.x264-[YTS.AG]
The.Eagle.Huntress.2016.1080p.BluRay.x264-[YTS.AG]