එන්.විජිත අසංක වන මගේ හතලිස් නම වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2017 අප්‍රේල් මස තිරගත වීම ඇරඹුනු නවතම Animation, Adventure, Comedy වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Kelly Asbury නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
චිත්‍රපටිය නිකුත් වෙලා දින 3 ක් විතර වුනා. මෙච්චර කල් තිබිලා හරියටම මං ට්‍රිප් එකක් යන්න දාගත්ත ගමන්මයි මේකත් රිලීස් වුනේ. ඒ කියලා ගමන කල්දාන්නත් බෑනෙ. ඉතිං කොහොම හරි යන ගමන් බස් එකේදියි හෝටලේදියි ටයිප් කරලා තමයි මේක ඔයාලට දෙන්නෙ. ඉතිං පොඩ්ඩක් විතර පරක්කු වුනා නම් සමාවෙන්න. හරි දැන් කථාව පැත්තට හැරෙමු. ස්මර්ෆ්ලා නම් කුඩා නිල්පාට ජීවීන් කොට්ඨාශයක් ඇසුරෙන් තැනුනු මේ චිත්‍රපටියට පෙර The Smurfs (2011), The Smurfs 2 (2013) නමින් තවත් චිත්‍රපටි දෙකක් නිකුත් වෙලා තියෙනවා. මේක බලන්න කලින් ඒ 2 ත් බලන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මේකෙ කථාව වඩා පැහැදිළි වෙනවා. හැබැයි ඒවා නොබැලුවා කියලා මේ චිත්‍රපටියෙ රස වින්දනයට නම් බාධාවක් නැහැ. සබ් එක ඉක්මනට ඔයාලට දෙන්න ඕනෙ නිසා දීර්ඝ ලිපියකට යන්නෙ නැහැ. මේක ස්මර්ෆ් ගමේ ඉන්න එකම ගෑනු ස්මර්ෆ් ගැනයි. ඒත් එයා ඇත්තටම එකම ගෑනු ස්මර්ෆ්මද කියල මේ චිත්‍රපටියෙදි දැනගන්න ලැබෙනවා. ඒක දැනගන්න නම් කරන්න ඕනෙ දේ ඔයාල දන්නවා.
මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. එහෙනම් මගේ උපසිරැසි අර්ධ ශතකයත් එක්ක ඉක්මනින්ම හමුවෙමු.
එතෙක් ආයුබෝවන්….!
Due to copyright issues, we do not provide any torrent links.
Smurfs.The.Lost.Village.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT
487 downloads