Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supilinna Salaselts aka Secret Society of Souptown (2015) with Sinhala Subtitles |පුංචි වීරයන්…. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මේ ටිකේම 18+ ඒවා, භයානක චිත්‍රපට අරගෙන ආව එකේ මම වගේ පොඩි ළමයින්ට බලන්න චිත්‍රපටියක් අරගෙන එන්න හිතුවා. මේක එස්ටෝනියානු භාෂාවෙන් දිවයන චිත්‍රපටයක්. සමහරු නම් මෙහෙම එකක් ගැන අහලත් නැතුව ඇති. එස්ටෝනියාව තියෙන්නේ උතුරු යුරෝපයේ ෆින්ලන්ත හරියට වෙන්න. මේක මම උපසිරැස කරනා 10 වැනි භාෂාව.

Mika Keränen අතින් ලියවුන ළමා වීර කතාවක් පාදක කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය Margus Paju අතින්. 2015 සුරික් සිනමා සම්මාන උළෙලේ හොඳම ළමා චිත්‍රපටය වෙනුවෙන් සම්මානය දිනාගන්න සමත් වුන මේ චිත්‍රපටය මේ වෙනකොට IMDB 7.3 වගේ හොඳ අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. රංගනයෙන් දායක වෙන්නේ Olivia Viikant, Arabella Antons, Hugo Soosaar, Karl Jakob Vibur ළමයින් පිරිස තමයි ප්‍රධාන වශයෙන්, තව පිරිස නම් ඉන්නවා නමුත් ඉතින් නම් කිව්වා කියලා අපි දන්නා එකක්ය….

වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. මරී කියන්නේ රටේ ප්‍රසිද්ධ බැලේ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ දුවක්, මෙයාගේ අම්මා වෛද්‍යවරියක්. දෙන්නම ළමයා ගැන වැඩි අවදානයක් නැහැ, මරී බොහොම ළමයි එයාගේ සීයා එකක්, ඔහු වෘත්තියෙන් විද්‍යාඥයෙක්. මරී හා යහළුවන් පිරිසට ලොකු නිදන් හෙවීමේ පිස්සුවක් තියනවා. සීයා තමයි මෙයාලට සිතියම් හදලා, හෝඩුවා හංගලා නිදන් හොයන්න යවන්නේ. නමුත් එක්වරම එක කෙනෙක් නිසා නගරයේ ඉන්නා සියලුම වැඩිහිටියන් ළමයින් වගේ හැසිරෙන්න ගන්නවා. මේක විෂක් නිසාවෙන් වෙලා තියන දෙයක් මරී ගේ සීයා මේ ගැන දන්නේ ඔහුගේ මාමා කෙනෙක් ඔහු පොඩි කාලේ මේක නිර්මාණය කල නිසාවෙන්. ඉතින් සීයා තමුන්ගේ සිහිය විකල් වෙන්න විනාධි කිහිපයකට කලින් මරී හා මිතුරන් වෙත හෝඩුවා පිරුන පොතක් දෙනවා ප්‍රති විෂ හොයාගෙන යන්න. මේ සලරුවේ අඩංගු වෙන්නේ මරී හා මිතුරන් විවිධ බාධක මැද මේ ප්‍රති විෂ හොයාගෙන යන අපූරු ගමන.

එහෙනම් ඉතින් තව කතා ඕනේ නැහැ මේක බලන්නකෝ. නැවත ඉක්මනින් Colors සිනමා නිර්මාණ ත්‍රිත්වයේ අවසාන නිර්මාණය එකක් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා….!!!  

පා.ලි.

පහත ටොරන්ට් පිටපත් බාගත නොවේ නම් මෙම ලින්කුවෙන් බාගත කරගන්න.

Supilinna Salaselts (2015) on IMDb

 

 

A06C84091F5FF14EE87F6EFABC8EC0741EBCE682
1307AD777C6D6993EC5F2AE3329F7474907D9BBB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>