ඔන්න එහෙම නම් කට්ටියට බලන්න සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා Green Zone 2010 වර්ෂයේ තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ Action,Drama, Thriller ගණයට තමා මේ බයිස්කෝප් අයත් වෙන්නේ, මිනිත්තු 115 කාලයක් පුරාවට දිව යන මේ කතාවේ ප්‍රධාන චරිතය Matt Damon දන්නවා නේ කවුද කියලා සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් අපිට මේ බයිස්කෝප් එකෙන්. imdb වල 6.8 කැරකිලා තියෙනවා කියන්නේ ආයේ ඉතින් අහන්න දෙයක් නෑ නේ.
හරි එහෙම නම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු චීෆ් මිලර් (Matt Damon) එයාගේ කණ්ඩායමයි ඉරාකේ අධි ආරක්ෂිත කාලාපය (Green Zone) අවට ප්‍රදේශ වල “WMD” නම් සමූලඝාතක අවි සොයාගැනීමේ මෙහෙයුම් කිහිපයක නිරත වෙනවා එත් මේ කිසිම මෙහෙයුමක දි නම් කිසිම අවියක් හම්බවෙන්නේ නෑ. ඉතිං මේ ගැන චීෆ් මිලර්ට සැකයක් ඇති වෙනවා. මේ ලබා ගන්නා බුද්ධි තොරතුරු ඇත්ත්ටම හරිද කියන එක මේ ගැන ඉහළ නිලධාරින්ට කිව්වත් වැඩක් වෙන්නේ නෑ, මෙතන දී මිලර් ට හම්බවෙනවා මාර්ටින් බ්‍රවුන් කියලා CIA ඉහළ නිලධාරියෙක්ව එයා කියනවා ඉස්සරහට ඔහුන් බලන්න යන තැනත් හිස් තැනක් මුකුත්ම නෑ කියලා.
CIA එක කොහොමද ඒ ගැන කලින් දැනගත්තේ ඇයි එහෙම නම් බොරු බුද්ධි තොරතුරු ලබා දෙන්නේ ? කවුද ? කාගෙන්ද මේ තොරතුරු ලබා ගන්නේ ? කවුද මේ පිටිපස්සේ ඉන්නේ ඇත්තටම?සමූලඝාතක අවි තියෙනවාද ? මේ හැම දෙයක් ගැනම උත්තර බලාගන්න පුළුවන් කතාව බැලුවොත් ගොඩක් කට්ටිය නම් බලලත් ඇති නේ. අයේ බැලුවා කියලා නම් පාඩුවක් වෙන්නේ නෑ ඔන්න.. වැඩි විස්තරයක් ඕනේ නෑ ඔන්න රොයිලි අයියත් විස්තරයක් දාලා තියෙනවා නේ. රොයිලි අයියාට ස්තුති කරන්න මට මේ බයිස්කෝප් එක ලබා දුන්නට.. එහෙනම් පහළින් කොම්න්ටුවකුත් දාගෙනම යන්න හොදේ. හොද නරක අඩුපාඩු හැම දෙයක් ගැනම. එහෙනම් ගිහින් එන්නම් තවත් උපසිරැසිකින් හම්බවෙමු
හැමෝටම ජයෙන් ජය !
Due to copyright issues, we do not provide any torrent links.
Green.Zone.2010.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
288 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-03-09
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.