ඔන්න එහෙනම් මෙදා පාර වෙනස්ම චිත්‍රපටයක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඇත්තම කිව්වොත් මේක ඉල්ලීමක්. ඉතින් අපේ සහෝ කෙනෙක් මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න කියල පොඩී ඉල්ලීමක් මට කරල තිබුන. ඉතින් ඒක අහක දාන්න බැරි නිසා ඔන්න ගෙනාව සිංහල උපසිරැසිය. 2016 වර්ෂයේ අඩු මුදලකින් ලොකු වැඩක් කරන්න උත්සාහ කරපු චිත්‍රපටයක් කිව්වොත් මම නිවැරදී. මොකද මේ චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නේ ඉතාමත් අඩු මුදලකට. හැබැයි තාක්ෂණය අතින් මෙයාල පොඩ්ඩක් ඉහලට යන්න උත්සාහ කරල තියෙනවා. මට නම් හැබැයි ඒක මදි වගේ. එ නිසාමදෝ කොහෙද IMDB වල අඩු අගයක් අරගෙන තියෙන්නෙ. ඉන්දියාවෙ චිත්‍රපටය තියේටර් වල පෙන්නුවත් තුන් වෙනි දවසෙ ඉදල මේ චිත්‍රපටය පෙන්වන එක නවත්වල, ඒකට හේතුව තමයි චිත්‍රපටය සාර්ථක මදි වීම. මම නම් කියන්නෙ ඒක සහතික බොරුවක්. මට හිතෙන විදියට මේ ෆිල්ම් යම්තාක් දුරට දෙයක් කරන්න උත්සාහ කරල තියෙනවා. අඩු මුදලක් වැය කරල මේ වගේ චිත්‍රපටයක් කරපු එකට මම අධ්‍යක්ෂකවරයාට ආචාරය කරනව. ඒ නිසා වෙන්න ඇති මේ චිත්‍රපටය කවුරුත් අතරේ ජනප්‍රිය වුන් නැත්තෙ. හරි එහෙනම් කතාව පැත්තට යමු.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම කතාවත් ලියල තියෙන්නෙ Sugan Kartthi. මේ එයාගෙ පළවෙනි චිත්‍රපටය. නළු නිළියන් දිහා බැලුවොත් මෙයාලනම් අලුත් අය. ප්‍රධාන චරිතයෙන් Sunil Kumar ද ප්‍රධාන නිළියගෙ චරිතයට Akhila Kishore ද රංගනයෙන් දායක වෙනවා.
2022 අගෝස්තු 7 වැනිදා චීනය විසින් ඉන්දියාවට දැනුම් දීමකින් තොරව යුද්ධයක් ආරම්භ කරනවා. ඉන්දියාවයි, චීනයයි අතර සිද්ද වෙන මේ උණුසුම් යුද්ධයෙන් තුන්වන ලෝක යුද්ධයක් ඇති වෙයි කියල අනික් රටවල් බය වෙලා ඇමරිකා, රුසියා, ජර්මනිය,
ෆ්රෑන්ස් කියන රටවල් වල දැඩි උත්සාහයෙන් යුද්ධය අවසානයකට පැමිණෙනවා. ඊට පස්සෙ කතාව පටන් ගන්නෙ මේ යුද්ධයෙන් අවුරුදු කිහිපයකට පස්සෙ. ඒ 2025 නොවැම්බර් 8 වැනිදා චීනයේ ලන්ගවු වල තියෙන භූගත සිර මැදිරියකින්. මේජර් සරවනන් චීනයේ සිරකරුවෙක් වෙන්නේ ඔහුගේ මුළු කණ්ඩායමත් අහිමි කරගෙන. ඉතින් මේ සිරගෙදර චීනය පවත්වාගෙන යන්නේ ලෝකයට හොරෙන්. ඉන්දියාවට පහර දීමට චීනය විසින් සොල්දාදුවන් 100 දෙනෙක්ව ඔවුන්ගේ රටට යවනවා. හැබැයි චීනයට කිසිම ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබෙන්නෙ නෑ. ඒ හේතුව නිසාම මේජර් සරවනන්ව චීනයෙන් පැහරගෙන සිර මැදිරියක් තුළ තියාගෙන ප්‍රශ්න කරනවා. ඔහුගෙන් අහන්නෙ එකම එක දෙයයි. ඒ චීන සොල්දාදුවන් 100 දෙනාට මොකද වුනේ කියලා. හැබැයි සරවනන් ඒ ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. එයාගෙ පවුලෙ අයයි, හමුදාවයි හිතන්නෙ එයා මැරිල කියල. ඉතින් මේජර් සරවනන්ට ඒ හිර ගෙදරින් පැන ගන්න පුලුවන් වෙයිද? චීන සොල්දාදුවන් 100 දෙනාට මොකද වුනේ? චීනය ඉන්දියාවෙන් පළිගන්නේ කොහොමද? නවීන යුද්ධයක ආරම්භය මෙය ද?
ඉතින් මේ හැම දේකටම උත්තරේ මේ චිත්‍රපටය ඇතුලෙ තමයි තියෙන්නෙ. එහෙනම් ආරාධනා කරනවා හැමෝටම චිත්‍රපටය රස විදින්න කියල. තවත් ලස්සන චිත්‍රපටයකින් හමු වෙමු, එතෙක් මන් ගියා ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.com – Moondram Ulaga Por (2016) HD 720p
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
58 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-12-28
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.