Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Gifted (2017) with Sinhala Subtitles |ෆ්‍රෑන්ක්, මගේ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

“අනේ මාව මෙහෙ දාල යන්න එපා, මට ඕනේ ඔයත් එක්ක ඉන්නයි, ඔයා මට පොරොන්දු වුණා…”

මේ විදිහට ආදරේ ඉල්ලලා අඬන්නේ, පුංචි මේරි. එයාගේ මාමා එයාව වෙනත් පවුලකට හදාගන්න දීලා, ඒත් අම්මා තාත්තා නැති පුංචි මේරිගේ මුළු ලෝකයම වුනේ, එයාගේ මාමා ෆ්‍රෑන්ක්. ඒත් නොසිතූ මොහොතක එයාගේ ආදරණිය මාමා එයාව මේ විදිහට දාලා යන්නේ පුංචි මේරිගේ අනාගතේ ලස්සන එකක් කරන්න එයාට බැරි වේවි, කියල හිතන නිසයි. 

මේ කතාවේ ඉන්න පුංචි මේරි, අනිත් සාමාන්‍ය ළමයි වගේ නම් නෙමේ. එයාට තියෙනවා එයාගේ වයසේ අනෙකුත් ළමයිට නැති අසාමාන්‍ය බුද්ධියක්. මේ අසාමාන්‍ය හැකියාව නිසා තමයි, මේ හැම කරදරයක්ම මේරිගේ ජීවිතේට එන්න පටන් ගන්නේ. මේරිගේ අම්මට ඕන වුනේ, ඇය සාමාන්‍ය ළමයෙක් විදිහට ජීවිතය ගත කරනවා දකින්නයි. ඒත් අවාසනාවන්ත විදිහට ඇය මේ ලෝකයෙන් සමුගන්නවා. 

එතැන් පටන් අවුරුදු හයක් තිස්සෙම මේරිගේ මාමා, ෆ්‍රෑන්ක් තමයි ඇයව බලාගන්නේ. මේ දෙන්නා හරිම විනෝදයෙන් ආදරයෙන් ජිවත් වෙනවා. ඉතින් මේරිගේ අම්මට වුවමනා උන විදිහටම, එයාගේ සහෝදරයා ,ඒවගේම මේරිගේ මාමා වන ෆ්‍රෑන්ක්, මේරිව සාමාන්‍ය ළමයි ඉන්න පාසලකට ඇතුලත් කරනවා. ඒ පාසලේදී තමයි ඇගේ අසාමාන්‍ය හැකියාව ගැන පාසලේ ගුරුවරුන්, දැන ගන්නේ. එතැන් සිට පුංචි මේරිට අත් විඳින්න වෙන සිදුවීම් ගැන තමයි චිත්‍රපටිය පුරාම කියවෙන්නේ. ඉතා සරල සංවේදනිය කතාවක් රස විඳින්නට ඔබ සැමට ආරාධනා කරනවා.

මේ චිත්‍රපටියේ මේරිගේ චරිතය රඟ දක්වන්නේ, ළමා නිළි. Mckenna Grace. ඒවගේම මේරිගේ මාමා අපි කව්රුත් දන්න, Chris Evans ((කැප්ටන් ඇමෙරිකා). මේ චිත්‍රපටයට Imdb දර්ශකයෙන් 7.7 ක්ම ලැබිලා තියෙනවා.

(ඒවගේම කියන්න ඕනේ අශාන් අයියා (විමා) තමයි, මේ කතාව මට කරන්න කියල දුන්නේ, ඉතින් එයාට ස්තුතී කරන්න ඕනේ මේ ලස්සන කතාවට උපසිරැසි කරන්න මට අවස්ථාව දුන්නට. ඉතින් මායි මගේ නංගියි (සොනාලි තාරිකා) එකතු වෙලා තමයි මේ උපසිරැසිය ඉවර කලේ. අපි රසවිඳපු කතාව ඔයාලටත් රසවිඳින්න ආරාධනා කරනවා. තවත් උපසිරසියකින් හමුවෙමු… 🙂 🙂

Gifed (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට සහ  “ සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

 

Subtitle Contributor Rank

BRONZE MEMBERS
JOINING DATES – 2013-12-01 / 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>