එහෙනම් ඔන්න තවත් සුපිරියක් අරගෙන එන්න සුදානම.සුපිරිම කොමඩියක් ගෙනාවේ මේ පාර.පොඩ්ඩක් විතාර පරක්කු වුනා කකුලක් කඩා ගත්ත නිසා.ඉතින් කකුල් කඩාගෙන අද තමා ඔන්න ඉවරකරේ කොහොමහරි.මේ ෆිලුම තිරගත වීම පටන්ගත්තේ මේ අවුරුද්දේ අප්‍රියෙල් මාසේ 7 වෙනිදා ඇමෙරිකාවේදී.ඉතින් ඒවගේම IMDb දර්ශකයේ Comedy | Crime ගණයට.ඒවගේම ඒ දර්ශකයේ 6.7 ක් වගේ ඉතා හොද අගයක් ගන්න සමත්වෙලා තියෙන ෆිලුමක්.ඉතින් හිතාගන්න පුළුවන්නේ ෆිලුමේ තරම.ඒවගේම අපි දන්නා කියන ජනප්‍රිය චරිත ටිකක් තමා මේකේ ඉන්නේ.
Morgan Freeman
මෙයා ගැන ඔයාලනම් හොදට දන්නවා ඇති.සාමන්යෙන් ජනප්‍රිය ෆිලුමක මෙයා අනිවාර්යෙන් ඉන්නවා. Ben – Hur, Now You See ME, Last Knight, Dark Knight Rises, Olympus Has Fallen, Oblivion වගේ ජනප්‍රිය ෆිල්ම් වල රගපාල තියෙනවා.ඒවගේම මේ ෆිලුමේදී විලී කියන චරිතය මෙයා පන පොවනවා.
Michael Caine
මෙයත් ඒවගේම හොදට ජනප්‍රිය චරිතයක්. කොමඩි ක්‍රියාදාම සහ නාට්‍යමය ෆිල්ම් වල තමා ඉන්නේ. Now You See Me, Kingsman: the secret circle, Interstellar, Journey 2 : The Myserious Isalnd, Inception ඔය වගේ ෆිල්ම් වල මෙය රග දක්වල තියෙනවා.ඒවගේම මේ ෆිල්ම් එකේදී මෙය ජෝ කියන චරිතයට පන පොවනවා.
Alan Arkin
මේ ෆිල්ම් එකේදී මෙයා ඇල් කියන චරිතයට පන පොවනවා.ඒවගේම මෙයානම් එච්චර දැකල පුරුදු චරිතයක් නෙමේ.
එහෙනම් කතාව පැත්තට හැරෙමු
ඉතින් මේ ජෝ,විලී ඒවගේම ඇල් හොදම යාලුවෝ තුන්දෙනෙක්. තුන්දෙනා හැමදේම කරන්නේ එකට.ඉතින් ඔහොම ඉද්දි ජෝගේ ගෙදර බැංකුවට ගන්න හදනවා ණය නිසා.ඒවගේම මේ තුන්දෙනා වැඩකරන ආයතන එකපාරටම වහනවා,ඒවගේම විශ්‍රාමවැටුප අහෝසි කරනවා.ඒ නිසා මෙයාල ගොඩක් අපහසුවට පත් වෙනවා. ඉතින් දවසක් මෙයා බැංකුවට යනවා මේ එයාගේ ගේ ගැන කතාකරන්න.ඉතින් ඒ අවස්ථාවදී බැංකුව මන්කොල්ලකනවා කල්ලියක් ඇවිත්.බැංකුවේ සල්ලි ඔක්කොම අරගෙන යනව.ඒවගේම මෙයටත් හිතක් පහල වෙනවා බැංකුවක් මංකොල්ල කන්න.ඒත් කාටවත් කියන්නේ නැහැ ටික දවසක් යනකන්.මේ හැමදේම වුනාට පස්සේ එයාල ගොඩක් අපහසුවට පත් වෙන නිසා එයා මේ ගැන විලි සහ ඇල් ට කියනවා.ඒත් පලවෙනි පාර මෙයාල කැමති වෙන්නේ නැහැ මේ වැඩේට.
ඒත් පස්සේ මේ ගැන රෑ විලි හිතනවා,ඒවගේම ජෝ ට කෝල් එකක් අරගෙන කියනවා එයා ඒ දේට කැමතියි කියලා.ඒත් ඇල් එයා ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ.මොකද ඒක කරන්න බැරි වැඩක් නිසා.ඒත් එයාල උදේ තීරණය කරනවා සුපර් මාකට් එකකින් බඩු හොරකම් කරන්න.විලි සහ ජෝ විතරක්.ඇල් සම්බන්ද වෙන්න නැහැ.ඉතින් මෙයාල එයාව සුපර්මාකට් එක ලගට ගිහින් වැඩේට බහින්න යනවා.එවග්ම ඇල්ව කාර් එකේ තියලා යනවා එයාට ඉන්න කියලා.ඒත් එයාට සැක හිතිලා එයාලගේ පස්සෙන් හොරෙන්ම යනවා.මෙයාලා කොමහරි ඇදුම් අස්සේ බඩු ඔබාගෙන සුපර්මාකට් එකෙන් පැනගන්නවා.ඒත් අනේ අවාසනාව කියන්නේ එයාල අහුවෙනවා,එයාල අල්ලගන්නෙත් කෙල්ලෙක්.ලැජ්ජාවේ බෑ.ඉතින් ඒ නිසා ඇල්වත් අහුවෙනව.අන්තිමට ඇල් එයාට බැනලා යනවා.ඒත් ටික දවසක් යද්දී වෙන සිද්දි එක්ක එයත් මේ දේට කැමති වෙනවා.ඔන්න දැන් මේ වයසක උන්දලා ටික ගේමට බහින්නයි හදන්නේ.එයාල වෙනම තව පොරක් හොයාගෙන එයාගෙන හැමදේම පුරුදු පුහුණු වෙනවා.වෙඩි තියන්න.කාලය හසුරුවන්න.මේ හැමදේම.ඔහොම බල බල ඉද්දි ඒ දවස උදාවෙනවා.
ඔන්න ඉතින් අද තමා දවස වැඩේ දෙන්න.ඔයාලම බලන්නකෝ මෙයාල කොහොම මේ වැඩේ දෙන්නේ කියලා.
ඔන්න මම ගියෝ.ජයවේවා!!!!
අදාළ පිටපත්
Going.in.Style.2017.720p.WEB-DL.H264.AC3-EVO
Going.in.Style.2017.HDRip.XviD.AC3-EVO
Going.in.Style.2017.720p.WEB-DL.DD5.1.H264-FGT
Going.in.Style.2017.720p.WEB-DL.XviD.AC3-FGT
Going.in.Style.2017.WEB-DL.XviD.MP3-FGT
Going.in.Style.2017.WEB-DL.x264-FGT
Going.in.Style.2017.720p.WEB-DL.750MB.MkvCage
Going in Style 2017 480p WEB-DL x264-RMTeam
Going in Style 2017 720p WEB-DL HEVC x265-RMTeam
Due to copyright issues, we do not provide any torrent links.
Going.in.Style.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.
598 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-08-04
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.