Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) with Sinhala Subtitles |චොක්ලට් කන්න කවුද අකමැති? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද ඔයාලට? අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ අලුතින්ම නිකුත් වුන Tom And Jerry චිත්‍රපටියේ සිංහල උපසිරැසිය. Tom And Jerry:Willy Wonka and the Chocolate Factory. මේක නිකුත් වුනේ මේ මාසෙ දහවෙනිදා.. IMDB දර්ශකයේ 4.8ක් දිනාගන්න සමත් වෙලා තියන මේ චිත්‍රපටයෙත් ටොම්ගෙයි ජෙරීගෙයි වැඩවලට ඇති තරම් හිනාවෙන්න පුළුවන්. ගොඩක් අය කියවලා ඇති මේ චිත්‍රපටය හදන්න පාදක කරගත්තු රෝල් ඩාල් විසින් ලියපු Charlie And The Chocolate Factory නවකතාව. ඒක සිංහලට පරිවර්ථනය කරලා තියෙනවා චන්දන මෙන්ඩිස් මහතා විසින් චාලි සහ අරුම පුදුම චොක්ලට් කම්හල නමින්. ඒ වගේම ඒ ඇසුරින් චිත්‍රපටයකුත් බිහිවුනා 2005 වසරෙදී. ඉතින් දැන් ඔන්න එහෙනම් ටොම් සහ ජෙරී දෙන්නත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් චාලි කියන්නේ පොඩි පිරිමි ළමයෙක් එයාගෙ පවුලෙ අයවත් බලාගෙන ඉන්න. වයසට වඩා මෙයා මහන්සි වෙනවා. ඒ අතරෙ විලී වොන්කා කියන වොන්කා චොක්ලට් සමාගෙමේ අයිතිකාරයා පොඩි තරඟයක් පවත්වනවා. වොන්කා චොක්ලට් පහක් ඇතුළෙ හංගනවා රත්තරක් ටිකට් පහක්. ඒ පහ හොයාගත්ත පස් දෙනාට අවස්ථාව හම්බෙනවා වොන්කා චොක්ලට් ෆැක්ටරිය බලන්න යන්න. ඉතින් චාලිට නම් චොක්ලට් එකක් කනවා කියන එකත් ලොකු හීනයක් මොකද එයාලා ඒ තරම් දුප්පත්. ටොම්, ජෙරී දෙන්නා උදව් කරනවා චාලිට ටිකට් එකක් දිනාගන්න. ටිකට් එක දිනාගත්තා වගේ නෙමෙයි ඊට පස්සෙ තමයි චාලි ඇතුළු ටිකට් දිනපු ළමයි පස්දෙනාටයි, ටොම්ටයි, ජෙරිටයි එයාලගෙ අලුත් යාළුවා ටෆීටයි ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධවෙන්නේ.. ඉතින් ඒ මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද? විලී වොන්කා හදිස්සියෙම මේ වගේ තරඟයක් සංවිධානය කළේ ඇයි? ආ කියන්න අමතක වුනා තවත් කෙනෙක් මේ කතාවට සම්බන්ධ වෙනවා. විලී වොන්කගේ ප්‍රධානම තරඟකාරයා ස්ලග්වර්ත්. එයාට ඕනි විලී වොන්කගේ රහස් වට්ටෝරු හොරකම් කරන්න කියලයි එයා නම් කියන්නේ.. ඒත් එයාගෙ ඇත්තම අරමුණ ඒකමද? මේ හැමදෙයක්ම දැනගන්න නම් මේක බලන්නම වෙනවා. චිත්‍රපටයෙ පිටපත ගැන කියනවා නම් උසස්ම මට්ටමේ තියෙනවා අවුලක් නැතුවම බලන්න පුළුවන්. බූ රේ ආවාම Update එක දෙන්නම්. යන්න කලින් හැමදාමත් එක වචනෙකින් හරි අදහසක් දක්වලා යන හැමෝටමත් ස්තූතිවන්ත වෙන ගමන් මම අදට ගිහින් එන්නම්. බයිස්කෝප් අඩවියටත් ඔයාලා හැමෝටමත් ජය!

තව දෙයක් කියලා යන්නම්.. උපසිරැසියක් ඔයාලට අරන් එන්නේ සෑහෙන කට්ටක් කාලා. දැන් එන්න එන්නම වැටෙන කමෙන්ට් ප්‍රමාණය අඩු වීගෙන එනවා. අපිට තියෙන එකම සතුට ඔයාලගෙ අදහස් විතරයි. ඉතින් මේ දවස් ටිකේ හැමෝම එක එක ඒවට හුරු වෙන එකේ.

කමෙන්ට් කරන්න පුරුදු වෙලා බලන්නකෝ. ඒක පට්ට.

Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Tom.and.Jerry.Willy.Wonka.2017.WEB.NON-HI.sin

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>