Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

North 24 Kaatham (2013) with Sinhala Subtitles |ජීවිතයම වෙනස් කළ චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

සුභ දවසක් යාලුවෝ හැමෝටම…!

සුපුරුදු පරිදි අදත් ආවේ මලයාලම් ෆිලුමක් අරගනම තමයි. මේක මගේ 11වෙනි උපසිරැසිය. ඔක්කොම ඉතින් මලයාලම් ඒවා නම් තමයි. ලිපිය නම් ගොඩක් ලියන්නේ නෑ. සබ කරගත්තට පස්සේ ඒක බයිස්කෝප් එකේ දාගන්නකම් මාරම හදිස්සියක් තියෙන්නේ. අද ෆිලුම තමයි North 24 Kaatham(2013).ෆිලුම ගැන විස්තර ටිකක් පහලින් බලාගන්න.

IMDB අගය – 7.5/10
කාණ්ඩය – Drama/Adventure
ප්‍රධාන නළුවා – Fahadh Faasil
ප්‍රධාන නිළිය – Swathi Reddy
අධ්‍යක්ෂණය/කතාව – Anil Radhakrishnan Menon

සම්මාන
Best Feature Film Malayalam – 2013
Second Best Film
Best Actor – Fahadh Faasil

මේ ෆිලුම ගෙතෙන්නෙ හැරී කියලා කෙනෙක් වටා. ඔහු වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක්. මෙයා ගොඩක් අමුතු චරිතයක්. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැති තමන්ගේ පාඩුවේ ඉන්න චරිතයක්. ඒක කොයි වගේද කිවොත් ෆිලුම බැලුවා නම් ඔයාලාට හොඳටම තේරේවි. අපි අතරත් මේ වගේ චරිත ඕන තරම් ඉන්නවා. මෙයාට ට්‍රිවන්දෘම් කියන නගරෙට ගමනක් යන්න සිද්ද වෙනවා. මෙයාට ඒ ගමන යන්න වෙන්නේ කෝච්චියෙන්. මේ ගමනේදී එයාට දෙදෙනෙක් මුණ ගැහෙනවා. නානී සහ ගෝපාලන් කියලා විශ්‍රාමික ගුරුවරයෙක්. මේ ගමනෙන් පස්සේ හැරීගේ ජීවිතේ සම්පුර්නයෙන්ම වෙනස් වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියල ඔයාලා ෆිලුම බලලම හොයා ගන්න.

කතාව මම පොඩ්ඩයි කිව්වේ. අනික මම කතාවේ හොඳම තැන් ටික කීවෙත් නෑ. මේක ගොඩක් ලස්සන ෆිලුමක්. ඒ වගේම ජීවිතේට ඉගනගන්න දේවලුත් ගොඩාක් තියනවා. ඒ නිසා හැමෝටම ෆිලුම බලන්න කියල කියනවා. Fahadh Faasilගේ රංගනය ගැනත් වචනයක් කියන්නම ඕන. විශිටයි. චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරලා තියනවා. ඒ නිසාම වෙන්නැති ඉතින් වසරේ හොඳම නළුවා කියලත් නම් කලේ.

2013 කියලා අතෑරලා දැම්මොත් එයාට පව් කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. එහෙනම්ත අපි ගියා. තවත් මලයාලම් ෆිලුමකින් හමුවෙමු.

ජයම වේවා..!

 North 24 Kaatham (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

North 24 Kaatham (2013) 900MB Malayalam DVDRip x264 MP4 Team DDH~RG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>