ආයුබෝවන් නෝනාවරුණි මහත්වරුණි…
ඔන්න එහෙනම් මම මගේ හයවෙනි එක අරගෙන ආවා.කලින් පාර ඒවටත් හොඳ ප්‍රතිචාර තිබුනා.ඔයාලගෙ ප්‍රතිචාර තමයි අපේ ආදායම මහත්වරුනි.දාන කමෙන්ට්ස් වලට සබ් එක හදන්න ගිය මහන්සිය අමතක වෙලා යනවා නෝනාවරුණි මහත්වරුණි.
එහෙනම් චිත්‍රපටිය ගැන කථා කරමු, මේක ඇවිල්ලා 2011 දි ස්වීඩනයේ හදපු ෆිල්ම් එකක්.Imdb රේටින්ග්ස් වලත් 6.9 ක් අරගෙන තියෙනවා.කථාව ගෙතෙන්නෙ සුන්දර යුවතියන් දෙදෙනෙකු වටායි.මියා කියන්නෙ විවාහ වීමට ආසන්නයේ පසුවන සුරූපී තරුණියක්.එයා දවසක් ගමට යනවා එයා විවාහ වීමට ඉන්න තරුණයත් සමඟින් මියාගෙ තාත්තගෙ උපදිනේට.මෙතනදි එයාට ෆ්‍රීඩා හම්බෙනවා..ෆ්‍රීඩා නිසා මියාගෙ ජීවිතේ වෙනස් වෙනවා.. කොහොමද වෙන්නෙ කියලා බලලම ඉන්න මහත්වරුණි.මේක වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක්.ඒත් ඒක කුණුහරුපයක් විදියට බලන්නෙපා.කලාත්මකව ඒක දිහා බලනමෙන් ඉල්ලාහිටිනවා මහත්වරුණි.ගැටලුවක් මතු උනොත් මාව සම්භන්ධ කරගන්න පුලුවන් ඔයාලට බුකියෙ සර්ච් කරා නම්.
මේක මෙහෙම කියනගමන් මට මේකත් අනිවා කියන්න ඕන.මමත් අවුරුදු 2ක් ආදරය කරා එක්තරා ගැහැණු ලමයෙකුට.එයත් හරියට මේ කතාවෙ එන මියා වගේ උනා.මම අන්තිමට එයාට ඉඩ දීලා මේ කථාවෙ එන ටිම් වගේ ඉවසුවා.මේ ෆිල්ම් එක සබ් කරද්දි මගේ හිත ගොඩාක් දුර දිව්වා.. ඉතින් ඒ වගේ මානුෂීය හැඟීම්වලට ඉඩ දෙන්න පුරුදු උනේ මං ඒ සිද්දියෙන් පස්සෙ..
එහෙනම් මම ගිහින් එන්නම්.හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Kiss Me [Kyss Mig].2011.BRRip.x264-VLiS
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
269 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.